Sunday, October 22, 2017

මැතිවුස්ට ලක්ෂ 500ක් - ලොව පුරා ඉහලම ආදායම් ලබන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලයිස්තුව හෙළිවේ .!

ලොව පුරා ක්‍රිකට් නායකයන් කොන්ත්‍රාත්තු මුදලින් සහ තරග ගාස්තු වලින් උපයන ආදායම ඉන්දීය මාධ්‍ය හෙළිකර තිබෙනවා. කෙසේ වෙතත්  දැන්වීම්වලට පෙනී හිඳිමින් උපයන මුදල් සහ අනෙකුත් කොන්ත්‍රාත්වලින් හිමිවන මුදල් ගැන මෙහි දක්වා නොමැත.

මෙම සටහනට අනුව මෙම වසරේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළින්ම උපයාගත් ක්‍රිකට් නායකයා වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන්
ස්මිත්ය. ඔහු මේ වසර තුළ කණ්ඩායමේ කොන්ත්‍රාත් මුදල් හා තරග ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 1.47ක් (රුපියල් මිලියන 225) හිමිකරගෙන තිබිණ.එහි දෙවැනි ස්ථානය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට හිමි වී ඇති අතර, ඔහු මෙම වසර තුළදී උපයාගත් සමස්ත ඉපැයීම් ප්‍රමාණය ඇ. ඩොලර් මිලියන 1.38 (රුපියල් මිලියන 212) කි.

කෙසේ වෙතත් බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් මේ වසරේ සාර්ථකම නායකයා ලෙසින් සැලකෙන ඉන්දීය නායක විරාට් කෝලි මෙම සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර, ඔහුගේ මෙම වර්ෂයේ තරගවලින් සමස්ත ඉපැයීම් ප්‍රමාණය ඇ.ඩොලර් මිලියනයකි (රුපියල් මිලියන 153.55).මේ අතර ඇ.ඩොලර් 320,000ක ඉපැයීමක් සහිත ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට මෙම සටහනේ පස්වැනි ස්ථානය හිමිව තිබේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 05කට ආසන්න වේ.

විවිධ හේතූන් මත මැතිව්ස් මෙම වර්ෂයේ එතරම් තරග ප්‍රමාණයකට සහභාගි වී නොමැති වුවත්, ඔහු මෙම සටහනේ පස්වැනි ස්ථානය හිමිවී තිබීම විශේෂත්වයක් වන අතර, මෙම වර්ෂයේදී මැතිව්ස් සහභාගි වී ඇති අන්තර්ජාතික තරග ප්‍රමාණය 21 කි. ඉන් 12 ක්ම එක්දින තරග වන අතර, ඉතිරි තරග ලෙස ටෙස්ට් තරග 06ක් හා විස්සයි 20 තරග 03ක් ඇතුළත් වේ.

මෙම සටහනේ අවසන් ස්ථානයේ පසුවන සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර්ද ඇ.ඩොලර් 90,000 (රුපියල් කෝටි 1.38)ක මුදලකට මෙම වසරේදී හිමිකම් කියා තිබීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ටෙස්ට්, එක්දින හා විස්සයි-20 තරග ක්‍රීඩා කිරීමේදී වැඩිම මුදලක් හිමිවන කණ්ඩායමද මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති අතර, එහිදී ටෙස්ට් තරගයක් සඳහා වැඩිම මුදලක් ලැබෙන්නේ ඉන්දියානු කණ්ඩායමටය. ඒ අනුව ඉන්දියානු ක්‍රීඩකයකු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළහොත් ඩොලර් 23,380ක මුදලක් (රුපියල් තිස්පන් ලක්‍ෂ පනස් තුන් දහස් හත්සිය හැටක පමණ) හිමිවන අතර, එක්දින තරගයක් සඳහා ඩොලර් 9352ක මුදලක් (රුපියල් දහහතර ලක්‍ෂ විසි එක් දහස් පන්සියයක් පමණ) හිමි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළහොත් ඩොලර් 5,000ක (රුපියල් හත් ලක්‍ෂ හැටදහසක් පමණ) මුදලක්ද එක්දින හා විස්සයි-20 තරගයක් ක්‍රීඩා කළහොත් ඩොලර් තුන්දහසක් බැගින්ද (රුපියල් හාර ලක්‍ෂ පනස් හයදහසක් පමණ) හිමිවීමට නියමිතය.

(under the courtesy of nethgossip.lk news web)

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka