Wednesday, November 1, 2017

දියණියන් තුන්දෙනාට ලස්සන අනාගතයක් හදන්න ගෘහ සේවයට මව,සැමියත් දියණියනුත් අසරණ කරමින් ලක්ෂ 35 ක් ඉල්ලා පණිවිඩයක්

ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශගත වෙන්නෙ දහසකුත් බලාපොරොත්තු තියාගෙන තමන්ගෙ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ආර්. එම්. අශෝකා ලාලනී මහත්මියත් 2008 වසරේ ජූලි 26 වෙනිදා ඊශ්‍රායලය බලා පිටත්ව ගියේ තමන්ගෙ ආදරණීය දියණියන් තුන්දෙනාට ලස්සන අනාගතයක් හදලා දෙන්න. ඒ බඩල්ගම නගරයේ විදේශ රැකියා ආයතනයකින්.

නමුත් පහුගිය දවසක ලාලනීගෙ ගෙදරට ටිකක්
නරක විදියෙ ආරංචියක් ආවා. ඒ හදිසි අසනීප තත්ත්වයක්‌ නිසා  සිහි මුර්ජා තත්වයෙන් රෝහල්ගත කරලා කියලා.ඒ පණිවිඩයත් එක්ක දරාගන්න බැරි තවත් දෙයක් ඔවුන්ට දැනගන්න ලැබුනා. ඒ ඇයව නැවත සුවකර ලංකාවට එවීටනම් එම රෝහලේ ගාස්‌තුව වශයෙන් රුපියල් ලක්‍ෂ 35 ක් ගෙවන්න කියලා.

මේ සිදුවීම ගැන ඇගේ 24 හැවිරිදි ඇගේ දියණියක්‌ වන චතුරිකා හේෂානි  කිවුවේ මේ වගේ දෙයක්.

අපේ අම්මව සනීප කරල ලංකාවට එවන්න රුපියල් ලක්‍ෂ 35 ක්‌ ඒ රෝහලට ගෙවන්න අපි ගාව සල්ලි තිබුණා නම් මේ රටේම ඒ මුදලින් ජීවත් වෙන්න තිබුණානේ. ඉතින් අපේ අම්මාව ගෙන්වා ගන්න ඊශ්‍රායලේ අපේ තානාපති කාර්යාලය මැදිහත් නොවන්නේ ඇයි කියලා දැනගන්න බැරිව අපි ලතවෙන්නේ. අපි මේ බව ශ්‍රී ලංකාවේ විදේශ සේවා කාර්යාංශයට කීප වරක්‌ම ගියත් හෙට එන්න. බලමු කියා දෙපාරක්‌ම අපව රත්තියාදු කළා. අපට මෙතරම් මුදලක්‌ නැහැ. එතනින් අපේ අම්මව මේ රටේ වගකිව යුතු බලධාරීන් එකතු වෙලා අම්මව ගෙන්වා ගන්න සාධාරණයක්‌ ඉටු කරල දෙන්න කියා මම ඉල්ලනවා. අම්මා වැඩකරන නිවස තුළ කටින් සෙම දමමින් වැටී සිටියාලු පසුව රෝහලට ඇතුල් කර තිබෙනවා. තවම එයාට සිහිය ඇවිත් නැහැ. දැඩි සත්කාරේලු ඉන්නේ.

ඒ වගේම ලාලනීගේ ස්‌වාමිපුරුෂයා වන අබේරත්න බණ්‌ඩා වික්‍රමසිංහත් මේ සිදුවීම ගැන මෙලෙස ප්‍රකාශ කලා.


"අපේ මනුස්‌සයා රට ගිය කාලසීමාවේ ඉඳලා දෙසැරයක්‌ ලංකාවට ආවා. හරි ගෙදරක රැකියාවක්‌ ලැබුණේම නැහැ කීවා. මීට හය මාසයකට පමණ කලින් ඇවිත් ඉඩමක්‌ බලල කීවා මම ලොකු සීට්‌ටුවක්‌ දමල තිබෙනවා. ඒක අරගත්තු ගමන්ම මම ලංකාවට ඇවිත් ඒක අරං දානවා කියා.

නමුත් එයා එතරම් සනීප තත්ත්වයකින් නෙමේ හිටියේ. ඔය ගියෙත් වීසා ඉවර වෙන්න කලියෙං කීවා. අර සීට්‌ටුව අරගන්න දිනය කිට්‌ටුව තමා ඔය කරදරය වෙලා තියෙන්නේ. එයා තවම සිහියක්‌ නැතිව ඊශ්‍රායලේ නාසරත් සිටිවල රන්බබා කියන රෝහලේ බව නිතර එයාගේ මිතුරියන් කියනවා එයා රෝහලේ ඉන්න ඡායාරූපයක්‌ වයිබර් කර එව්වා. ඒකෙන් මෙය ඇත්තක්‌ බව ඔප්පු වුණා. අපට දැන් ඇති එකම ප්‍රශ්නේ මෙයාව ගෙන්න ගන්න සල්ලි නැති එක"

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka