Sunday, October 29, 2017

පාසලක සිසු සිසුවියන් 29කට හා ගුරුවරුන් 5 කට ඩෙංගු.

ඩෙංගු මාරයාට බිලි වූ කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි කුවීනී ගයේෂා ලංකාතිලක (අවු 11) සිසුවියගේ අවසන් කටයුතු ඇය පදිංචි වැල්ලව, ද්දේගමදී ඊයේ (27 දා) සිදුකෙරිණි. ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 29 දෙනකුට සහ පාසලේ ගුරුවරුන් 05 දෙනකුට ඩෙංගු රෝගය වැළඳී කුරුණෑගල ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

වර්තමානයේ පවතින වර්ෂාවත් සමඟ කුරුණෑගල
නගර ආශ්‍රිත ප්‍රදේශය අධි ඩෙංගු කලාපයක්‌ බවට නිර්මාණය වී ඇත.

ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සිසු සිසුවියන් 5000 කට අධික සංඛ්‍යාවක්‌ අධ්‍යාපනය ලබන අතර මෙම පාසල්වල සනීපාරක්‌ෂක කටයුතු වලට සහ වෙනත් පිරිසිදු කිරීම් සඳහා යොදවා ඇත්තේ එක්‌ කම්කරුවකු පමණි. පාසලේ වැසිකිළි 50 ක්‌ තිබෙන අතර පාසලේ වපසරිය අක්‌කර 09 ක්‌ පමණ වේ.

පාසල් භූමියේ ගොඩනැඟිලි කීපයක්‌ ඉදිවෙමින් තිබේ. මෙම ඉදිකිරීම් සමඟ සමහර ස්‌ථානවල ජලය ඒකරාශී වීම සිදුවේ. විශාල වශයෙන් ජලය එක්‌ රැස්‌වෙන ස්‌ථාන අවම කරන ලෙසත් එම ජලය පිරුණු වළවල් වලට මදුරුවන් බෝවීම වැළැක්‌වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට කොන්ත්‍රාත්කරුට දන්වා සිටියත් ඔහු එය සැලකිල්ලට ගෙන නොමැති බව විදුහල්පතිවරයා පැවසීය.

පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන් එක්‌වී නිරන්තරයෙන්ම පාසල් භූමිය පවිත්‍ර කළත් පාසල දෙපැත්තේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩමේ සහ වැවිලි සමාගමට අයත් ඉඩමේ පවිත්‍රතාවක්‌ නොමැති බවත් එම ඉඩම්වල ජලය රැඳී තිබෙන වළවල් තිබෙන නිසා මදුරුවන් බෝවීම වැළැක්‌විය නොහැකි බව පාසලේ වගකිවයුත්තෝ පැවසූහ.

ඩෙංගු මදුරුවන් නිසා අවදානම් කලාපයක්‌ බවට පත්වී තිබෙන ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ සනීපාරක්‌ෂක කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය නිලධාරීන් විසින් පාසල් වත්ත සම්පූර්ණයෙන්ම ධූමායනය කිරීම සිදුකෙරේ.

පාසල් සිසුන් ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‌ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් නිරන්තරයෙන්ම අවධානය යොමු කළ යුතුව තිබේ

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka