වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් තවදුරටත් ආහාර වර්ජනයේ නිරත වනවා. චැපල් වාට්ටුවේ රැඳවූවන් 150 ක් පමණ ඊයේ (15) රාත්‍රි ආහාර ලබාගෙන නොමැති බවයි බන්ධනාගාර ආරංචි කියා සිටියේ.
මරණ දඬුවම නියමූවන්ට ජීවිතාන්තය දක්වාත්, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූවන්ට වසර 20ක් දක්වාත් දඬුවම් කාලය ලිහිල් කරන ලෙසට ඉල්ලමින් බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන්
පිරිසක් ඉකුත් 15 වනදා ආහාර වර්ජනයක නිරත වුණා.මරණ දඬුවම නියමූවන්ට ජීවිතාන්තය දක්වාත්, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූවන්ට වසර 20ක් දක්වාත් දඬුවම් කාලය ලිහිල් කරන ලෙසට ඉල්ලමින් බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන්
ඊට සහාය දක්වමිනුයි වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට ලක්වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයේ නිරත වන්නේ.
ඔවුන් එම ආහාර වර්ජනය ආරම්භ කළේ ඊයේ (15) දහවල් සිටයි.