Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් තෙක් රාජ්‍ය ආයතනවල දූෂණ සොයන්න ජනපති කොමිසමක්

ඉකුත් 2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 දා දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා

ගොඨාභය ඇතුළු හත් දෙනකුට එරෙහි නඩුව ජනවාරි 22 සිට විභාගයට

පසුගිය රජය සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට

මහින්ද හෙට විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෙට (18දා) කොළඹ ශ්‍රී මත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී එම ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීමට

you tube අවස්ථාව නොදෙන වීඩියෝ

භයානක, හානිදායක මෙන්ම වේදනාකාරී සිද්ධීන්ට අදාළ වීඩියෝ දර්ශන මගින් සිදු වී ඇති සහ සිදු විය හැකි හානි සැලකිල්ලට ගනිමින්, එවැනි වීඩියෝ දර්ශන එක් කිරීම

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ - රවී

2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව

මුදල් අමාත්‍යංශ ලේකම්ධුරය භාරගැනීමට මම සූදානම් - මෙරට සුපිරි ව්‍යාපාරික ධම්මික පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ප්‍රබල දේශීය ව්‍යාපාරිකයන්ගෙන් රටට සේවය ලබාගත් පරිද්දෙන් වත්මන් ආණ්ඩුවේ

නිසි පරිදි දැනුවත් වී අදහස් පළ කරනු - මහනාහිමිවරුන්ට දඹර අමිල හිමි කියයි

යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහානා හිමිවරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන්

ට්‍රම්ප් දියණිය ඉවන්කාට ලෝක බැංකුවේ මහපුටුව

ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය සඳහා අමෙරිකාවේ අපේක්ෂකත්වයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන

සඳ මත සිටුවන ලද බීජ පැළ වෙලා - චීන අභ්‍යවකාශ අධිකාරිය පවසයි.

චීනයේ චෑං e-4 නමැති අභ්‍යවකාශ යානය මඟින් ගෙන ගොස් සඳ මත සිටුවන ලද බීජ පැළ වී ඇතැයි චීනයේ ජාතික අභ්‍යවකාශ අධිකාරිය

බැදුම්කර වංචාවේ ණය ගෙවලා ඉවර ‍වෙනකොට මම වෙන ලෝකෙක

මෙරට ඉතිහාසයේ විශාලම ණය වාරික මුදල මේ වසරේදී ගෙවන බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අසත්‍යයක් බව එක්සත් ජනතා නිදහස්

අපට දැන් මාධ්‍ය තිබුනත් එකයි නැතත් එකයි.. අපිට වෙබ් සයිට් තියෙනවා.. ඒවයින් අපි ගේම දුවනවා..

දැන් අපට මාධ්‍ය තිබුණත් එකයි නැතත් එකයි. අපට දැන් වෙබ් සයිට් තියෙනවා. අපි ඒවයින් ගේම් එක දුවනවා’ යයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල

ඉදිරි ජනපතිවරණයේදී රනිල්ට සහයක් නෑ - රතන හිමි

ජනපතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම සහායක් නොදෙන බව එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ

අද රට විනාශයට යමින් තිබෙනවා - මේ දේ කලේ මෛත්‍රීයි රනිලුයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනපති අපේක්ෂකත්වය දීමට තමන් විරුද්ධ ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක

මාස තුනක් වයසති බලු පැටවකු දුෂණය කල පුද්ගලයා රිමාන්ඩ්

ඩැෂන් වර්ගයේ මාස තුනක් වයසති සුනඛ පැටියකු අශ්ශාභාවික ලෙස ලිංගික අතවර කර මරා දැමු පුල්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර

උතුරු - නැගෙනහිර බෞද්ධාගමීකරණය වහාම නවත්වන්න - උතුරු නව ආණ්ඩුකාර

දේශපාලන ඕනෑ එපාකම් මත උතුරු නැගෙනහිර පළාත්වල බලහත්කාරයෙන් සිදුකෙරෙන බෞද්ධාගමීකරණ කටයුතු වහාම

2019 අවසන් වීමට පෙර අපේ අපේක්ෂකයෙක් ජනපති කරනවා

2019 වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බව ශ්‍රී

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයට සූදානම් වන්න - ජනපති

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ

එජාප ජනපති අපේක්‍ෂකයා සජිත් - බහුතරයක් කැමතියි

එළැඹෙන ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් පත් කිරීමෙන් බැහැරව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා වශයෙන් එම පක්‍ෂයේ

ශ‍්‍රී ලංකා ආර්ථිකය අවදානමේ.. B2 දක්වා පහල දමමින් Moody’s කියයි..

ශ‍්‍රී ලංකාව විදේශ මූල්‍යකරණය අවදානම් තත්වයට පත්විය හැකි රටවල් අතරට එක්ව ඇතැයි ලෝ ප‍්‍රකට මූඩීස් ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂකයන්

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කෙරේ..

නිවසේදී වූ හදිසි අනතුරකින් තුවාල ලත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර තිබේ. තම නිවස පිහිටි

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මෛත්‍රි පාලනය කරන්න ආපු අය තමයි අපේ රෙදි ගැලෙව්වේ.
GossipClanka.com

ඔබ අවස්ථා කිහිපයකදී දේශපාලනය පිළිබඳ විවිධ ප්‍රකාශ කළා. ඩඩ්ලි සිරිසේනත් මේ දේශපාලනයට අවතීර්ණ වීමක්ද පාදාගන්න යන්නේ? කිසිසේත්ම නැහැ. ඒක කරන්න බැරිකමක්

 

නෙවෙයි. කරන්න පුළුවන්. නමුත් අපි ගොඩනැඟුණේ ජනතාවගේ දහදිය ලේවලින් තැනුණු ව්‍යාපාරවලින්. ඒ නිසා ඒ ජනතාව කැමැතියි ඔවුන්ට යම් විශ්වසනීය සේවයක් කරන්න පුළුවන් දේශපාලනයකට සහයෝගය දෙන්න. එහෙම නැතිව මගේ පෞද්ගලික දේශපාලන වුවමනාවක් ඉෂ්ට කරගැනීමක් නැහැ. මම ව්‍යාපාරිකයෙක්.

පසුගිය කාලේ රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ කිහිපදෙනකුත් මේ වගේ ජනප්‍රිය කතා කිව්වා. දේශපාලනයට එන්න ඔබට තිබෙන සුදුසුකම මොකක්ද? නිතරම ජීවිතයක, ඕනෑම වැඩපිළිවෙළක විනයක් කියලා එකක් තියෙන්න ඕනෑ. ඒ නිසා අපි ජේ‍යෂ්ඨත්වය, අත්දැකීම් බහුලකම, දැනීම වැදගත්. මිනිහෙක් විශ්වවිද්‍යාලයක ගිහින් ආචාර්ය, මහාචාර්යකම් ගහන්නම ඕනෑ නෑ. ඕනෑම කෙනෙක්ගේ දැනීම හා ඥානය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඥානයට වඩා අත්දැකීම් තුළින් ලබන ප්‍රඥාව තමයි රටක් පාලනයට වගකීම තියෙන්නෙ. මේවා අපිට කරන්න බැරිකමක් නෙවෙයි. නමුත් මීට වඩා අපට පුළුවන් සුදුසු පුද්ගලයන්ට සහාය දීලා රට හදන වැඩපිළිවෙළේ වගකීම ගැනීම.

ඔබ වටෙන් යනවා. මම සුදුසුයි. නමුත් දේශපාලනයට එන්නෙත් නෑ කියලා. ඔබේ සහෝදරයා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය නේද මේ තුළ තියෙන්නේ? මේක පත්තරේ ලොකු අකුරින් දාන්න. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි කැමැති නැහැ දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔක්කොම අපි සහෝදරත්වයෙන් හිටියා. මේ යන වැඩපිළිවෙළ තුළ එක පැත්තකින් දේශපාලනයෙන් රාජ්‍ය දේපළ මංකොල්ල කාලා. දූෂණය කරලා. ඒ විදිහෙ කරන්න පුළුවන් ඔක්කොම ජරා වැඩ කරලා රටත් සීසීකඩ කඩනවා. මේක මහා ලොකු කුමන්ත්‍රණයක ස්වභාවයක් තමයි මට පේන්නේ.

ජාතිවාදය යන වචනය අද දේශපාලනිකව ජනතාව අන්දවන්න පුළුවන් සිල්ලරම වචනය කරගෙන නේද? දමිළ, මුස්ලිම් හෝ මේ රටේ සුළු ජාතීන් නැතිව මේ රටේ අපිට ජීවත් වෙන්න බෑ. ඒ අයට අපි නැතිවත් බැහැ. මම අපොස සා.පෙළ සමත් වෙලා තියෙනවා. උසස් පෙළ වාණිජ හා කලා අංශ දෙකෙන්ම ඉගෙනගෙන තියෙනවා. නමුත් විභාගෙ ලියලා නෑ. නමුත් මං අත්දැකීම් බහුල මිනිහෙක්. ඒ අත්දැකීම් තමයි වටින්නේ.

ඔබට දේශපාලනයට එන්න අවශ්‍යතාවක් ඇත්තෙම නැද්ද? මං මගේ සාර්ථකත්වය ලැබුවේ රටේ ජනතාව සමඟ කළ ව්‍යාපාර මට්ටමින්. අද රටේ ප්‍රධානම ප්‍රශ්නය ඩොලර්. අපේ රටේ ඊළඟට මං කරන්න හදන වැඩපිළිවෙළ තමයි වැදගත්. ස්ටෙප්ලර් කට්ට චීනෙන්, කොණ්ඩ කටුව චීනෙන්, ඇල්පෙනිත්ත චීනෙන්. අපේ රටට ඩොලර් ප්‍රමාණයක් එන්න ඕනෑ, නැද්ද?

සමහර වෙලාවට අපි කන හාල් ටික ගේන්නේ රටින්. මොනවා හරි දේක පොඩ්ඩක් මිල වැඩි වුණාම ඉල්ලුම හා සැපයුම බලලා ඒක අරගෙන කැඳ ටිකක් හරි බීලා ඒ ක්‍රමවේදය හදනකොට මිනිස්සුන්ට වේලාසන කියන්න ඕනෑ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි මේකට ලෑස්ති වෙන්න ඕනෑ කියලා. මේක එහෙම නෙවේනෙ. රටින් ගෙන්නනවා. ගෙන්නලා තීන්දු තීරණ අරගෙන, ඊට පස්සෙ ජනතාව හිර වෙනවා. ඒ නිසයි යම් සැලසුමක් ඕනෑ කියන්නේ.

ඔබ දේශපාලනයට පිවිසුණත් නැතත් කොහොම හරි අයියා - මලෝ ගොඩ ගියා නේද? ජනාධිපති මෛත්‍රිගේ අනුහසින්? ජනාධිපතිතුමා පාර්ලිමේන්තු යන්නෙත් 1989 පෙබරවාරි ඡන්දෙන්. මම ව්‍යාපාර පටන් ගත්තේ 1980. මගේ පළමු ව්‍යාපාර කටයුත්ත සිංගප්පූරුවට, බැංකොක්වලට ගිහින් රෙදි ටිකක්, සපත්තු ටිකක් ගෙනත් කරපු බිස්නස් එක. එතුමා ඔය තැනට එනකල් මේ රටේ සල්ලි තියෙන මිනිස්සුත් එක්ක දේශපාලනය කරලා නැහැ. සාධාරණ ලෙස මුදල් හොයලා එයාට වැඩකටයුතු කරගන්න මූලික ශක්තිය දෙන්න කටයුතු සලසල දුන්නා මං. අපේ අම්මා මාව වදලා තියෙන්නෙ එයාට ඒ ශක්තිය දෙන්න.

මේ ආණ්ඩුව බලය ගන්න එන විට කිව්වේ යහපාලනය ගැන. ඔබ අද පිළිගන්නවද ඒ යහපාලනය රටේ ස්ථාපිත නොකළ බව? යහපාලනයෙ යම් යම් කරුණු කාරණාවල ප්‍රතිඵල ඇති තැන් තියෙනවා. අපි ලොකු විශ්වාසයක් තියලා පසුගිය කාලේ ගත් ඉතා බරපතළ දේශපාලන කාරණයක් තමයි මේ රටේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ගන්නවා ඡන්ද ලක්ෂ 58ක්. 2010ම අප්‍රේල් 8 වැනිදා මහ මැතිවරණයේදී සරත් ෆොන්සේකා ගන්නවා ඡන්ද ලක්ෂ 42ක්. ඒ අවුරුද්දෙම එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ 23ට බහිනවා. අපි ඊට අවුරුදු 4කට පස්සෙ එජාපය ප්‍රමුඛව අපි රටේ යහපාලනයක් සෑදීම සඳහා කළ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අපි ජීවිත පරිත්‍යාගයෙන් නොකා, නොබී, නොනිදා, ඒ වැඩපිළිවෙළ කළා.

ඔබත් දූෂණයට විරුද්ධ බව නිතර ප්‍රකාශ කරනවා. හැබැයි දූෂණයට, වංචාවට තිත තියනවා කියන කාරණයම අද ජනතාවට හාස්‍යජනක වෙලා නේද? නෑ. මම දූෂණයට විරුද්ධ දැන් නෙවේ.

නමුත් ඔබ එළියට එන්නෙ දැන්? නෑ. මං හැමදාම එළියෙ හිටියා. නමුත් මේ කෙටි කාලය වැදගත්නෙ. අපිට රටේ වගකිවයුතු ව්‍යාපාරිකයෝ වශයෙන් වගකීමක් තියෙනවා. ඔබ කියන්නෙ මට ඒ ගැන වගකීමක් නෑ කියලාද?

ඔව්. පුරවැසියකු ලෙස ඔබට එවැනි වගකීමක් තියෙනවා? අනිවාර්යයෙන්ම. පුරවැසියකුට වැඩියෙන් මං දහස් ගාණක් ජීවත් කරවනවා ඍජුවම.

ඔබ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. අදටත් දහස් ගණනකට වේල් දෙකක් කන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. දැනට අනෙක් ප්‍රශ්න පැත්තකින් තියලා අවම තරමින් රටේ ආර්ථික කළමනාකරණය පැත්තට අවධානය යොමු කළ යුතුයි කියලා හිතෙන්නෙ නැද්ද? ඒක තමයි මම කිව්වේ අර ඉදිකට්ට, අල්පෙනිත්ත, කොණ්ඩකට්ට, පැන්සල මේ සියලු දේ රටින් ගෙන්නලා ජීවත් වෙන්නෙ අපි. මේවා නිලවශයෙන් නතර කරන්න ඕනෑ. ජනතාවට අවශ්‍ය නිශ්චිත ප්‍රමාණය කොපමණද කියලා ඒවා බෙදලා ඒ දත්ත හදන්න ඕනෑ.

ඒවාට තමයි රටේ ඉන්ජිනේරුවොන්ට ඒ පහසුකම් දීලා හොරකමට කිසි ඉඩක් නොදී නියමිත විදියට වාර්තා කරන්න ඕනෑ. අපි ‍ෙදාස්තර මහත්තුරුන්ගෙන්, රාජ්‍ය සේවකයන්ගෙන්, සංස්ථා අධිකාරි සියලුම සේවකයන්ගෙන්, පෞද්ගලික අංශ සේවකයන්ගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. අපි සාධාරණ විදියට මේ මහජන මුදල් හොරකම් කරන්න නොදෙන සමාජයක් ගොඩනඟන්න එක්වෙමු කියලා. ඒ වෙනුවෙන් මං ඔබලා සමඟ මැරෙන්න හරි ඉන්නවා. අපි එදා සාධාරණ ලෙස එළියට බැස්සට මොකද වුණේ අන්තිමට.

ඔබ කියූ කාරණය හරි. එදා ලක්ෂ 62ක් ඔබේ සහෝදරයාට ඡන්දෙ දුන්නා ඔහු කෙරේ විශ්වාසය තබලා. නමුත් ඒ 62 ලක්ෂයේ ජනවරම පාවාදුන්නෙත් ඔහුමයි. ඉතින් ජනාධිපතිවරයාගේ සහෝදරයා වූ ඔබ කියන දේ අද ජනතාව පිළිගනියිද? ජනතාවට පිළිනොගන්න යම් හේතුවක් තියෙනවා නම් ඒක ජනතාවගේ ප්‍රශ්නයක්. ජනතාව පිළිගන්නවාද කියන එක නෙවේ කාරණය. නැත්නම් මමත් මේකට මෙච්චර කල් සද්ද නැතිව ඉඳලා දැන් කිව්වම අර කෙහෙල්මුවක් පැන්නා වගේ. මම එහෙම මෝඩ චරිතයකුත් නෙවේ. ඒකත් එහෙම ලියන්න. දැන් මේ යන වැඩපිළිවෙළ ගත්තම බල තණ්හාව, තනතුරු, ඇමැතිකම් වෙනුවෙන් මහින්ද මහත්තයා හොරු හොරු කියලා එළවලා දැන් මාස 2ක් යන්න කලින් අපේ රෙද්ද ගැලෙව්වා. අපි 62 ලක්ෂයක් ජනතාවට පොරොන්දු වුණේ අපේ රෙද්ද ගලවාගන්න නෙවේ. මේ පාර අපි ගලවනවා ඕනෑ කෙනෙක්ගෙ රෙද්ද මේ කියන විදියට කළේ නැත්නම්.

මෙවැනි දේශපාලන ප්‍රකාශ කරන්න කියා කවුරු හරි ඔබට ලණුවක් දුන්නද? අපි මේ රටේ මිනිස්සුන්ගේ ලේ දහදියවලින් ව්‍යාපාර ගොඩනැඟුවේ. අපි හොඳට දන්නවා Ground Level  එක. තණකොළවල පහස අපිට හොඳට දැනෙනවා. මේ ක්‍රමය යහමඟට ගත යුතුමයි. මම ලණු කාලා නෑ.

ඔබේ හෝටල් ව්‍යාපාරය නිසා වනාන්තර, අලි ඇතුන් විශාල වශයෙන් විනාශ වෙනවා. සංචාරක ව්‍යාපාරය ගැන උනන්දු බවට ලොකු ප්‍රකාශ තුළත් මේ ව්‍යපෘතියෙන් පරිසරයට හානි වෙනවා නම් මොකක්ද මෙහි ප්‍රතිඵලය? මොකක්ද මගේ හෝටල් නිසා වෙලා තියෙන පරිසර හානි?

ඔබට උදාහරණයක් කියන්නම්. ඔබේ නුවරඑළියෙ තැනූ හෝටලය නිසා ගේ‍රගරි වැව සිඳුණු බවට ප්‍රදේශවාසීන් එරෙහි වුණා. තව පැත්තකින් සෝමාවතී ජල ගැටලු ප්‍රශ්නය ඇදුණා? මම මේ රටේ නීතිඥ සංගමයේ සභාපතිතුමාට මේ රටේ නීතිපතිතුමාට අපි කවුරුත් ගරු කරන අග්‍රවිනිශ්චයකාරතුමාට කියන්නෙ මම නීති විරෝධී වැඩක් කරලා ගංගාවලට හානි කරලා, අලි මරලා, නිදන් හාරලා, ව්‍යාපාර නැති කරලා, හොරකම් කරලා දේශපාලන සල්ලි අරගෙන, අයියගේ පවර් එක අරගෙන එහෙම සල්ලි හම්බ කරලා තියෙනවා නම්.

මට කවදා හරි එවැනි පරීක්‍ෂණයකට යන්න වෙනවා නම් මම එදාට ඉරිදා පත්තරයක් සම්පූර්ණයෙන්ම හරි සල්ලිවලට අරගෙන මගේ ඒ වත්කම්, ඒ වත්කම්, තියෙන තැන් ප්ලෑන් ඔක්කොම ගත්ත කාල සීමාවල් සල්ලි ආවෙ කොහෙන්ද, සල්ලි ගත්තෙ කොහෙන්ද, කොච්චර ණය වෙලා තියෙනවද, කොච්චර රජයට පොලිය ගෙවලා තියෙනවද ඔක්කොම ගණන් හදලා පෙන්වන්නම්.

ඒ වගේම වැලි ජාවාරම්, කැලෑ කැපීම් ගැනත් ඔබට එරෙහිව පොළොන්නරුවේ ජනතාව නිකම්ම දෝෂාරෝපණය කරනවා වෙන්නත් බැහැ නේද? පොළොන්නරුවෙ එක මිනිහෙක් හරි ඔය මට කරන චෝදනාව මගේ ඉදිරියට ඇවිත් කරනවා නම් ඒ මිනිහට මගේ පොළෙන්නරුවෙ තියෙන දේපොළ වස්තුව ලියලා දෙනවා. ඔයාට භාගයයි. එයාට භාගයයි.

එවැනි චෝදනා ඔබ ඉදිරියට නොගෙනෙන්න ඔබ ඒ ජනතාවගේ කට වහලද එහෙනම්; ජනතාවගේ ඉතින් කටවල් වහන්න පුළුවන් කාලෙ ඉවරයි. ගිය ජනවාරි (8දා) වැනිදායින් පස්සේ අපි ඒ ජනතා අයිතිය හොඳට දීලා තියෙනවා. අන්න යහපාලනයෙන් අපි දීපු නිදහස. අද කොහොමද මිනිස්සු කතා කරන්නේ. අද පාරක වළක් හෑරුණොත් බස් එකක් නැති වුණොත් කොහොමද මිනිස්සු කතා කරන්නේ? කවුද ඒ අයිතිය අරන් දුන්නේ.

ඒ වගේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්ම නිකුත් කළ කැබිනට් පත්‍රිකාවක තිබෙනවා 2013 වන විට රටේ තිබූ වී මෝල් අද වන විට 500ක් බවට පත්වෙලා කියලා. ඉතිරි 1500ම වෑසී යෑමට හේතුව ඔබේ සහල් මාෆියාව බවටයි ප්‍රබල චෝදනාව? මේ මාව ඉන්ටර්විව් කරනවට වඩා මාව කන්න බලන් වගේ ප්‍රශ්න අහන්න ඇවිත් තියෙන්නේ. පුළුවන්නම් මේකත් ලියන්න. මං ඒවට බය නැහැ. මෙහෙමයි. ඔබ මීට කලින් මගෙන් ඇහුවා වැලි ජාවාරමක් ගැන. කැලෑ කැපීමක් ගැන. මං ඒකට කියලා ඉන්නම්. අවුරුදු 20ක් විතර කැබිනට් ඇමැතිවරු, පරිසර ඇමැති මහින්ද විජේසේකර මහතා, ෆවුසි ඇමැති කාලේ සිට ඔය කැලෑවලට යන්න, ඕනෑ කෙනකුට දර කපාගෙන එන්න අයිතිය තිබ්බා. ඒ ගැසට් එක එහෙම තිබුණත් ඒකට ඒ ඇමැතිවරු කවුරුවත් අස්සන් කළේ නැහැ. අයියා පරිසර ඇමැති වුණු ගමන් ඒ ඔක්කම අස්සන් කළා. දැන් ඒ වැලි ගොඩදාන ප්‍රදේශයේ සම්පූර්ණ පාලනය වෙන්නේ අග්‍රවිනිශ්චයකාරතුමාගේ තීරණයන් යටතේ. ඒ ඔක්කොම කටයුතු කළේ අයියා පරිසර ඇමැති කාලේ.

සහල් මාෆියාවට යමුද? වී මෝල් 1500ක් පමණ වැහෙන්න බලපෑ හේතුව ඔබද? මං වරදක් කරලා තියෙනවා නම් මං ඒකත් කියනවා. මිනිස්සු දියුණු වෙද්දී මාධ්‍යට තියෙනවා යම් වගකීමක්. මිනිස්සුන්ගේ දියුණුව, මිනිස්සුන්ගේ කාර්යක්ෂමතාව තුළ මිනිස්සුන්ට මේ හාල් ගර ගර ඉන්න, ගඳ සුවඳ බල බල ඉන්න, දහයියා කාලා බඩේ ලෙඩ හදාගන්න, සුනුසහල් එක්ක උයලා බත් එක බෙරි කරගන්න. කෑම උයලා පැය භාගයකින් පිළුණු වෙන්න.

එහෙම මිනිස්සු කැමැති නෑ. දැන් ඔයාලා හණමිටි කාලේ එව්වා තමයි මේ අහන්නෙ. අපිත් ඔහොම පොඩිවට ඉඳලා තමයි ලොකු තැනට ආවේ. Qality කියන එක තමයි වැදගත්. ඔයා දැන් මගෙන් අහන්නේ වී මෝල් ගැනනේ. වී මෝල් 2000යි. හරි... රටේ සිල්ලර කඩ කොච්චර තියෙනවාද?

එතකොට සුපර් මාර්කට්, රෙදි කඩ, අද මොනවද නැත්තේ? ඒවා ගැන ලියන්න. ඒක ඔයාට තියා කාටවත් නතර කරන්න බැහැ.

එතකොට වී කිලෝවකින් රුපියල් 20ක් ඔබේ ව්‍යාපාරය විසින් ගසාකනවා කියන චෝදනාවත් බොරුද? ගණන් මිනුම් හැදීමේ තීන්දු, තීරණ මං හිතන්නේ නැහැ මාධ්‍ය සාකච්ඡාවට හරියයි කියලා.

මං ඇහුවේ වී ගොවියට වෙන අසාධාරණයක් සම්බන්ධව. නෑ, නෑ, නෑ, පොඩ්ඩක් ඉන්න. ඔයා ඇහුවේ ලාභයක් ලබන කතාවක් ගැනනේ. ඔය කියන විදියට රුපියල් 20ක් ලාභ තියාගෙන විකුණනවා නම් අපි ඒ හාල් හොඳ වුණත් මිනිස්සු නොගන්න එපායැ. අපි මේ රුපියල් 20ද 5ද, 2ද 10ද කියන ඔයාගේ ලාභෙ පිළිබඳ ප්‍රශ්නයට වැඩිය අපි යම්කිසි තත්ත්වයකට එහෙමත් නැත්නම් Quality කියන පැත්තට යා යුත්තේ. වී මෝල්වලටත් කෙළවුණේ ඒ හොඳට හදපු අරලිය, නිපුණ කියනQuality  එකට පටන් ගත් ව්‍යාපාර නිසා. හොඳ රෙදි වුණත් අද තියෙන්නේ හොඳ විශාල සාප්පුවල.

පසුගිය දින 51 ආණ්ඩුවට 113 හදන්න මන්ත්‍රිවරු බිලීබෑමේ ප්‍රධානියා වුණේ ඩඩ්ලි සිරිසේන කියලා විශාල මතයක් පැතිරුණා. අපි දවසේ ඇහැරලා ඉන්න වැඩි ප්‍රමාණයක එකම දෙයක් ගැන වැඩිපුර හිතුවා නම් ඒ අපේ දරුවෝ ගැන. මගේ දරුවෝ දෙන්නා සහතිකයි.

මේ රට හදන්න කතා කරන ඩඩ්ලි සිරිසේනගේ සල්ලි ඔය වගේ රිළවුන්ට, නරියන්ට මම දෙන්න? ගත්ත කෙනෙක් ඉන්නවා නම් ආණ්ඩුව ආයෙ එකතු වෙලානේ ඉන්නේ. ඔප්පු කරන්න කියන්න. එයාට මං දෙනවා මගේ වස්තුවම. ඒකෙන් භාගයක් ඔයාටත් බෙදිලා එයි. මගේ සල්ලි මේ දේශපාලන ගෙම්බන්ට මම දෙයිද?

මගේ සමාජ වගකීම ඒ වගේ අයව මේ දේශපාලනයෙන් මකා දැමීම. ඔයාම කිව්වා මම මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෙක් කියලා. කෝ එහෙනම් මගේ සිකියුරිටි. මං ඇවිල්ලා ඉන්නේ ඩ්‍රයිවර් එක්ක.

මේ සමාජයේ අපිට බය වෙන්න දෙයක් නැහැ. ජීවත් වෙන්න තියෙන කාලේ අඩුයි. ජනතාව වෙනුවෙන් ගෞරවනීය මරණයක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මට යම් විදියක තනතුරක් දරන්න වුණොත් මම රජයෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ. මම ගෙවනවා රජයට ගාණක්.

මෛත්‍රිපාල සිරිසේන මහතා දැහැමින් සෙමෙන් ගමනක් යන බව පෙන්වද්දී ඩඩ්ලි සිරිසේන චණ්ඩි පාට් එක්ක ගමනක් යන්න හදනවා. එහි යම් සත්‍යයක් තිබෙනවා නේද? මේ වගේ දූෂණයට, භීෂණයට විනයක් නැති රටක බුදු හාමුදුරුවන්ගෙ ක්‍රමය අනුව අපි බැලුවා අපේ මෛත්‍රි පාලනයත්. ඒකට ලැබුණු ප්‍රතිඵල දන්නවනේ. මෛත්‍රි පාලනය කරන්න ආපු අය තමයි අපේ රෙදි ගැලෙව්වේ. ඒ හින්ද, අපි ඊළඟ ක්‍රමවේදය අරගෙන තියෙන්නේ මිනිස්සුන්ට අයහපත සඳහා නෙවේ. මිනිස්සුන්ට යහපතක් කරන්න. අපි බය නෑ. අපි ඕනෑ දේකට ලෑස්තියි.

සංවාදය - අනුරාධා හේරත්

2019-01-12

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

රූපවාහිනියේ ඇතුළේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් ලැබී තියෙනවා.

ජාතික රූපවාහිනියේ වාසුලිය වැඩසටහන ඉදිරිපත් කරමින් නිවේදන ක්ෂේත්‍රයට එක් වූ පූර්ණි ශෙහාරාට අප සාරවිට කතාබහට ආරාධනා කළා.

මාධවී වෙඩින් එකට පළදින ආභරණවල වටිනාකම මිලියන 07ක්

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකු දුව. ඇය මේවන විට කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිවේදි

සමාජ මාධ්‍ය හරහා හැමෝම තරු වෙන්න, ජනප්‍රිය වෙන්නට බලන් හදන නිර්මාණ වැඩි වෙලා

ජනප්‍රිය ගීත කිහිපයක හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පීන් අතළොස්ස අතර සිටින්නෙකි. ගීත ගායනයට අමත

ලකී ඩයස් ඉන්නේ කලකිරීමෙන් ලු - හේතුව මෙන්න

ලකී ඩයස් සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති කලාකරුවෙක්. 70, 80 දශකවල ඔහු නොසිටි සිනමා නිර්මාණයක් නොමැති තරම්.. ඒ තරමටම ලකී

2019 අවුරුද්දේ.. අනිවාර්යයෙන් බඳිනවා - අනූෂා දමයන්ති

මම කල්පනා කළේ මේ ගෙවෙන අවුරුද්ද කොහොමද ගෙවුණේ කියල තමයි. ඇත්තටම ගෙවෙන මේ අවුරුද්ද වරදක් නෑ. වෙනදා වගේම රූගත කිරීම් සහ නර්තන

නව රංගන ශිල්පී ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට.

නව පරපුරේ රංගන ශිල්පියකු වන ධනුක දිල්ශාන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් චෝදනාවකට පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති බව වාර්තා වෙයි. පසුගිය 26 වැනි

සමල්කාගේ.. අඩුව පුරවන්න ආපු දෙවැනි ඉනිමේ කවුද මේ සහේලි

2018 දෙරණ සූරිය මංගල්‍යයේ ජයග්‍රාහි කිරුළ හිමිකර ගත්තු ඉමාෂා සෙනෙවිරත්න වෙළෙද දැන්වීම් නිරූපණයෙන් රුපවාහිනි මාධ්‍යයට පිවිසෙනවා. අද වනවිට

කවද හරි විවාහ වෙන්නෙ හඳහන බලල නම් නෙමෙයි. හදවත බලල මාව තේරුම් ගන්න කෙනෙක්ව.

 අපේ ගෙදර අම්මා - තාත්ත - මල්ලි - මම හඳහන් ප‍්‍රයෝජනයට ගන්නෙම නැති තරම්. මේ ළඟදී අපි ගෙයක් හැදුවා. අපි අන්න ඒ වෙලාවෙනම් සුබ වෙලාවක් බලල

නත්තල් තෑග්ග බල්ලෙක් කෑවා - රයිනි චාරුකා ගුණතිලක

මගේ පොඩි කාලේ තිබුණු නත්තල් හරිම ලස්සනයි. ඒත් දැන් ඇති නත්තල් අපිට දැනෙන්නේම නැත්තේ අපි ලොකු නිසාද එහෙම නැත්තන් දැන් නත්තල් නැතිනිසා

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements