Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

අපූරු කොළ මඬින යන්ත්‍රයක්‌ හැදූ දොස්‌තර මහත්තයා

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකි දැනට වෙළෙඳපොළේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා

මැයි සිට පෞද්ගලික අංශයේ අවම වැටුප 2,500කින් ඉහළට

මැයි මාසයේ සිට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් (2,500) වැඩි කිරීමට පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබදතා

මාධ්‍ය නිදහස් දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන 5ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව සීමාවන් රහිත වාර්තාකරුවන්ගේ සංගමය (Reporters without Boarders)

හොර වෛද්‍යවරිය පොලිස් අත්අඩංගුවට

ඇල්පිටිය මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් වෙද නලාවක්ද භාවිතා කර රෝගීන් පරීක්ෂා කරමින් සිටි කාන්තාවක් පෙරේදා (17) සවස ඇල්පිටිය

ලෝක කුසලානය ශ්‍රීලංකා සන්චිතය නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මීට සුළු මොහොතකට පෙර නම් කරනු ලැබුවා.මෙම සන්චිතයේ නයකත්වය දිමුත් කරුණාරත්න

කුණුවලින් විදුලිය හදන්න බ්‍රිතාන්‍යය, අත දෙන්න සූදානම්..!

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට

වගා බිමේදී අකුණු වැදී තිදෙනෙක් මියයති

යාපනයේ උඩුවිල් කුප්පිලාන් මයිලන්කාඩු ප‍්‍රදේශයේදී අකුණු සර වැදී කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි අයකු 16 දා සවස මියගොස් තිබේ.මේ තුන්දෙනා

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දිමුත්ට

2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කර තිබේ.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු KJP ‌‌සූදානම්

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා  සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලියේ තේරීම් සඳහාද එක්කර

ඩුබායි සිටි තවත් 6 ක් පිටුවහල් කෙරේ - මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකුත් ඒ අතර

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින්

ජී.එල්.ගේ ප‍්‍රකාශ පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බාධාවක් - මන්ත‍්‍රීකමක් නැති නිසා ඔහේ කියවනවා

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට

මීතොටමුල්ල නායගියේ කොළඹ නගර සභාවේ වරදින් - විගණකාධිපති වාර්තාවෙන් කියයි

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම නිසා මිනිස් ජීවිත තිස් දෙකක් ඇතුළුව සිදු වූ ජීවී සහ අජීවී හානි සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාව වගකිව යුතු බව නිගමනය

අවුරුදු 850ක් පැරණි පැරිස් ඉතිහාසය ගින්නෙන් විනාසයි

ලෝක ප්‍රසිද්ධ පැරිස් සලකුණක් ලෙස නම් දැරූ මධ්‍යතන යුගයට අයත් Notre-Dame දෙව්මැදුර සහිත ගොඩනැගිල්ල හදිසියේ හටගත් විශාල ගින්නකින්

පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කරන්න රජයෙන් සැලසුම්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

ජනාධිපතිවරණයට පෙර දේශපාලන පෙරළියක් නැහැ : එජාප ඇමතිවරයෙක් කියයි

ජනාධිපතිවරණයට පෙර දේශපාලන ක්ෂේත්‍රයේ යළි පෙරළියක් ඇතිවන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි

ගෝඨාභයට අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට පළ වූ ඡායාරූපය ගැන අනාවරණයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් අමෙරිකාවේදී නොතීසි භාරදුන් බවට ඉකුත්දා පළවූ ඡායාරූපය සම්බන්ධයෙන්

බිඳ වැටුණු ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යළි යථාතත්වයට

ලොව පුරා බිඳ වැටීමට ලක්ව තිබූ සමාජ මාධ්‍ය ජාලා මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව ශ්‍රි ලංකා පරිවර්තන සමූහය පවසයි. ඊයේ (14) පස්වරු 04.00 සිට

ලෝක කුසලානයට යන 11ක් හෙළිවෙයි

අපි කියන්න යන දේ නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තාම නිවේදනයක් කළේ නෑ. නමුත් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපට කිව්වා

තලෙයිබාන් ත්‍රස්තයන් යලිත්

දකුණු ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාව අසල පිහිටි හමුදා මුරපොළකට කඩාවැදුණු තලේබාන් සටන්කාමීන් පිරිසක් එහි සිටි භටයන් 20 දෙනකු ඝාතනය කර

පාප්තුමා දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති(photos)

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!
GossipClanka.com

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

 

වීදිවල සරිසරමින්, මැණික් පතල්පොළවල ඇවිදිමින් හැසිරුණු ඔවුන්, දවසේ වෙහෙස මහන්සිය මෙන්ම ගෝවුඩ, ඔට්ටු, සිලිකා, දුම්ගල් එදා දවසේ අතපත ගෑ මැණික් පිළිබඳ සමාලෝචනයද දිග හරින්නේ මේ අවන්හලේදී ය. ඇතැමෙක් අඹු දරුවන්ට ගෙන යන්නට රාත්‍රි ආහාර කිසක් මිලට ගන්නේද එතැනිනි.

අවන්හල නම් තවමත් තිබේ. එහෙත් මෑතක පටන් හැන්දෑ කළුවරත් සමග එහි ගොඩ වදින පිරිස බෙහෙවින් අඩුවී ගොසිනි. ඊට හේතුව රත්නපුරය අවට පෙදෙස්වලින් නගරයට ඇදුණු චූල ගණයේ මැණික්කාරයන්ට හැන්දෑසාමිචි ජීවිතය එපාවීමය. එය එපා වී ඇත්තේ අවන්හලේ වරදක් නිසා නොවේ. අතේ මිටේ ඇති තරම් ‘‘මොනර කොළ’‘ නැතිකමය. උදේ වරුව පුරා නගරයේ මැණික් වීදිවලද නගරාසන්න මැණික් පතල් පොළවලද රවුම් ගැසුවද, දැන් ‘‘බිස්නස් එකට’’ මැණික් ගලක් දෙකක් හෝ ‘‘ගල් ලොට් එකක්’’ සොයා ගැනීම බොහොම දුලබ සිද්ධියක් වී තිබේ. ඊට හේතුව, මැණික්වලට ලොව පරසිදු රත්නපුරයේ මැණික් නැතිව යාමයි.

රත්නපුරයට මැණික් නැතිව යාම යනු කිරි ටොයියන් බඳු කාර්වලින් ටවුමට පැමිණි තැනැත්තන් මෝටර් සයිකලයෙන් පැමිණීම ය. මෝටර් සයිකලයෙන් පැමිණි කෙනා, පාරේ බසයක එල්ලී නගරයට පැමිණීමය. නගරය අරා සිටි මහේශාක්‍ය අවන්හල්වලින් කමින් බොමින් සිටියවුන්, ගඟ ඉවුරේ පිහිටි කුඩා අවන්හලට යාමය. අවන්හල ඇතුළට ගොසින් සාමිචි ජීවිතගත කළ අය අවන්හල සමීපයේ ඇති අඳුරු ගස් යට ගාල් කළ වාහන තුළට වී හොර රහසින් මෙන් මීවිතක් තොල ගෑමය. වර්තමාන රත්නපුරය බෙහෙවින් දිළිඳු වෙමින් යන බවට හොඳම නිදසුන වන්නේ ගඟ ඉවුරේ අවන්හල හැන්ඳෑ කළුවරේම පාළුවට යාමය.

අනාදිමත් කාලයක පටන්ම මැණික් සම්පතින් ආඪ්‍යව සිටි රත්නපුරය චූල ගණයේ තරුණ මැණික්කාරයන්ගෙන් පිරී යන්නට පටන් ගත්තේ 1980 දශකය මුල් භාගයේය. එය සිදුවූයේ තායිලන්ත ජාතික මැණික් වෙළෙඳ ගණය, ගෙවුඩ මැණික් මිලදී ගැනීම පිණිස රත්නපුරයට සංක්‍රමණය වීමේ සංසිද්ධිය සමගිනි. ඒ සමගම හෙවුඩ, ඔට්ටු, කොලටි ගල්, සිල්කි ගල් ආදී එතෙක් මහේශාක්‍ය යයි නොසැලකුණු කුඩා මැණික්වල මිල ඉහළ ගිය අතර කළු ගඟ ඉහළ නිම්න වාසී තරුණ පිරිස් බුරුතු පිටින් මැණින් වෙළෙඳාමට එකතු වූහ. ඔවුන්ගේ වෙළෙඳාම්වල කේන්ද්‍රස්ථානය වූයේ රත්නපුරයයි.

රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ බදුලු පාර, තායිලන්ත ජාතික මැණික් වෙළෙන්දන් ලැඟුම් ගෙන සිටි ඉසව්වයි. ඒ ප්‍රදේශය රත්නපුරේ ජන වහරින් ‘‘බයර් රවුම’’ විය. බයර් රවුමට සමාන්තරව රත්නපුර ‘‘ඔර්ලෝසු කණුව’’ ආශ්‍රිතව සහ ‘‘අඹගහයට’’ යන ස්ථානවල මැණික් වෙළෙඳපොළවල් දෙකක් බිහි විය. ඒවා හඳුනවනු ලැබුවේ ‘‘වීදි මැණික් වෙළෙඳපොළවල්’‘යනුවෙනි. ඊට ඉහතද උදෑසනට ඔර්ලෝසු කණුව සහ අඹගහයට හන්දිය ආශ්‍රිතව යම් මට්ටමක වීදි මැණික් වෙළෙඳපොළවල් තිබිණි. එහෙත් ඒවා තරුණ මැණික්කාරයන්ගෙන් පිරී ඉතිරී කැපී පෙනෙන ස්ථාන බවට පත්වූයේ තායිලන්ත මැණික් වෙළෙන්දන් (තායි බයර්ලා) රත්නපුරයට පැමිණීමත් සමගිනි.

මැණික් හිඟවී වීදි මැණික් වෙළෙඳපොළවල් තරුණ මැණික් වෙළෙන්දන්ගෙන් හිස්ව යන්නට පටන් ගත් අවස්ථාවේම සැලවූයේ, එක් තරුණ මැණික් වෙළෙන්දෙක් රත්නපුර මහ නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ සහායකයකු වශයෙන් රැකියාවට ගිය බවයි. මැණික් වීදිය හැර ගිය අය එක්කෝ වෙනත් රැකියා සොයා ගත්හ. නැතිනම් තම තමන්ගේ තේ ඉඩම් ආදිය රැක බලා ගනිමින් ගමේම රැඳුණහ.

රත්නපුරයේ වීදි මැණික්කාරයන්ට පාතරාසය සැපයූ ‘‘ජයසිරි’’, ‘‘ජගත්සිරි’’ සහ ‘‘ජනරංජන’’ යනුවෙන් හෝටල් තුනක්ද ඔරලෝසු කණුව අසල තිබිණි. ඒවාට ඔබ්බෙන් ‘‘සාබි’’ නමින් මුස්ලිම් හෝටලයක්ද විය. දැන් ඒ කිසිදු හෝටලයක් දකින්නටවත් නැත්තේය. ඒවා පැවැති ස්ථානවල අද ළැඟුම්ගෙන සිටින්නේ මූල්‍ය සමාගම් ආදී ආයතනයයි.

ඔර්ලෝසු කණුව අසල බොහෝම ජනාකීර්ණව පැවතුණේ රත්නපුරයේ කච්චේරිය සහ උසාවිය, ඒ ඉදිරිපිට ඇති ලන්දේසි බලකොටු භූමියෙහි ස්ථාපිතව පැවැති සමයේ ය. එකල මේ ඉසව්වේ දහස් ගණන් සෙනඟ ගැවසිණි. 1980 දශකය අග භාගයේදී පමණ කච්චේරිය සහ උසාවිය හිදැල්ලන හැදූ නව නගරයට ගෙන යනු ලැබීය. ඒවා පැවැති ගොඩනැගිලි පසුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පවරා දෙනු ලැබිණි. ඉන් පසුවද ඔර්ලෝසු කණුව අවට ප්‍රදේශය පාළුවට නොගියේ වීදි මැණික් වෙළෙන්දන්ගේ ආගමනය නිසාය. දැන් ඔවුන්ගේ සංඛ්‍යාවද කේඩෑරිවී යමින් තිබේ. කොටින්ම වර්තමානයේ ඔර්ලෝසු කණුව අසල ප්ලේන්ටියක් බොන්නටවත් තැනක් නැත.

ඔර්ලෝසු කණුව අසලින් ඇරඹෙන මහ වීදියත් පල්ලිය පාරත් ප්‍රකටව තිබුණේ ‘‘මැණික් වෙළෙන්දන්ගේ වීදි’’ වශයෙනි. ඒවායෙහි ‘‘මැණික් කඩ’’ විශාල ගණනක් තිබිණි. බොහෝමයක් මැණික් කඩවල ඉදිරි කොටසෙහි පාරම්පරික හණපෝරු පට්ටලයකින් මැණික් කපන තැනැත්තකුද දක්නට ලැබිණි. මැණික් කඩ හිමි ව්‍යාපාරිකයෝ අසල රැඳෙමින් උන්හ. අද ඒ කිසිවක් නැත. එදා මැණික් කඩ පැවැති ස්ථානවල අද ‘‘රෙදිකඩ’’, ෆෝන් කඩ’’ සහ වෙනත් වෙනත් වෙළෙඳසල් දක්නට ලැබේ. පල්ලිය පාරේ මුලහරිය අල – ලූනු වෙළෙඳාම් ආදියට නතුවී තිබෙනු පෙනෙයි.

වර්තමානයේ රත්නපුරයේ ‘‘මැණික් වීදිය’’ සීවලී ක්‍රීඩාංගණය අසලින් දිවෙන ‘‘දෙමුවාත පාරට’’ ස්ථාන මාරුවී තිබේ. පාරම්පරික හණ පෝරු පට්ටලයක මැණික් කපන හැටි දැක බලා ගන්නට නම් අද එහි ඈත කෙළවරට යා යුතුය. ජපානයෙන් පැමිණි නවීන ඉමාෂි මැණික් කැපුම් යන්ත්‍ර ප්‍රචලිතවීමත් සමගම පාරම්පරික ‘‘හණ පොරු පට්ටලය’’ මැණික් කර්මාන්ත ලෝකයෙන් පිටමං විය. එසේ වුවද ප්‍රමාණයෙන් විශාල වටිනා මැණික් ගල් (නිල් රතු සහ ආර්නුල් වැනි) දැනුදු කපා ඔප දමන්නේ පාරම්පරික හණ පෝරු පට්ටලවල ය. විශාල මැණික් ගල්වල ‘‘මස’’ ඉමාෂි මැෂිමට හසුව වැඩිපුර ගෑවී යාමේ අවදානමක් තිබෙන නිසා ඒවා පළපුරුදු විශ්වාසවන්ත ශිල්පීන් ලවා හණපෝරු පට්ටලයේම කපා ඔප දමා ගැනීම, මැණික් වෙළෙඳන්ගේ සිරිතයි.

මැණික්කාරයන්ගේ අලුත් පරපුර මැණික් පිළිබඳ යම් අධ්‍යාපනයක් ලැබූවන්ය. ඔවුන්ගෙන් ඇතැමෙක්, මොරටුව විශ්වවිද්‍යාලයේ හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ‘‘රත්න විද්‍යා’’ ඩිප්ලෝමා පාඨමාලාව ආදිය හැදෑරුවන්ය. මැණික් කොතෙක් හිඟවුවද, ඔවුහු බැංකොක් ආදී විදෙස් වෙළෙඳපොළ සමග කටයුතු කරමින් ක්ෂේත්‍රයේ රැඳී සිටිති. ඔවුන්ගේ වෙළෙඳ භූමිය, දෙමුවාත මාර්ගයයි. අන්තර්ජාලය ඔස්සේ මැණික් පිටරටට අලෙවි කර දෙන පිරිසක්ද එහි වෙති.

1980 සහ 1990 යන දශකවල රත්නපුරයේ සරුසාරකම පිටතට පෙනී ගියේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයට කෙරෙන උත්සව කටයුතු මගිනි. කිලෝමීටර් සිය ගණනක බයිසිකල් සවාරියක් ද සහිතව ‘‘මහා අවුරුදු උත්සව’’ සංවිධානය කිරීම මැණික්කාරයන්ගේ සිරිත විය. ඒවාට අත දිගහැර වියදම් කළ ඔවුහු උළෙල අවසානයේ ලංකාවේ ප්‍රකටතම ගායක ගායිකාවන් සහභාගි වන සංගීත සංදර්ශනයක්ද පැවැත්වූහ. ප්‍රකට පාපැදි ශූරයකු වන ඒ.එම්. සුමනවීර රත්නපුරයේ කෙනකු බැවින්, බයිසිකල් රේස් ඉහළින්ම සැලකිණි. දැන් එබඳු බයිසිකල් රේස් හෝ ‘‘මැණික් සංගීත රාත්‍රීන්’’ ගැන අසන්නටවත් නොලැබේ. ඇතැම් ගමක කලාතුරකින් පවත්වන සයිකල් රේස්වල තෑගිද දුප්පත්ය.

තායිලන්ත මැණික් ව්‍යාපාරිකයන්ගේ ආගමනයත් සමගම බොහෝමයක් මැණික්කාරයන්ට ‘‘සල්ලි වැහි’’ වැස්සේය. ඔවුහු උදේ පාන්දරින්ම නගරයට, මැණික් වීදියට එති. තමන්ට ගැළපෙන මැණික් මිලදී ගනිති. ඉන් කොටසක් විකුණා දමන්නේ තායි ජාතික වෙළෙන්දන්ටය. ඇතැම් වටිනා මැණික්වලට රත්නපුරයේදී හොඳ මිලක් වැටෙන්නේ නැත. ඒවා අලෙවි කෙරෙන්නේ කොළඹ තරු හෝටල්වලට එන විදේශික වෙළෙන්දන්ටය. රත්නපුරයේ මැණික්කාරයන්ද දහවල් වනවිට ඔවුන් හමුවනු පිණිස ‘‘ලාන්සර් බොක්ස්’’ කාර්වල ඉගිලී කොළඹ එති. තම තමන් ගෙනා මැණික්ද හොඳ මිලකට විකුණා කොළඹ තරු හෝටලයකින්ද සප්පායම් වී සවසට යළිත් රත්නපුරයේ යති. මෙම ක්‍රියාවලිය මැණික් ජනවහරට එකතු වී තිබුණේ ‘‘දවල්ට කන්නට හිල්ටන් එකට යනවා’’ යනුවෙනි. දැන් නම් දවල් කෑමට කොළඹ එන මැණික්කාරයකු තබා ගඟ අයිනේ අවන්හලට යන කෙනෙකුවත් සොයා ගැනීම දුෂ්කර ය. මැණික් හිඟවීමෙන් පසුව හටගත් තත්ත්වය එබඳුය.

රත්නපුරයේ මැණික් හිඟය කොතෙක් බරපතළද යත් ස්වර්ණාභරණ කර්මාන්තයෙහි නියැළී සිටින ඇතැම් මැණික් වෙළෙන්දෝ තමන්ට හිඟව ඇති මැණික් වර්ග ආනයනය කර ගන්නේ තායිලන්තයේ බැංකොක් නුවරිනි. මැණික් ගල් අල්ලා ස්වර්ණාභරණ නිපදවීමෙන් කර්මාන්තයට අද හුස්ම වැටෙන්නේ එයිනි. මැණික් වෙළෙඳ ලෝකයේ ‘‘ගුලාබි ගල්’’ යනුවෙන් ප්‍රකට කෘත්‍රිම මැණික්ද මෙසේ ආනයනය කෙරේ. ඒවාද මජනයා අතර ජනප්‍රියය. රුපියල් විසි තිස් දහසක් ගෙවා නියම මැණික් ගලක් පලඳිනවාට වඩා, එවන් මැණිකකට හැම අතින්ම සමාන කෘත්‍රිම මැණිකක් රුපියල් දහසකට දෙදහසකට මිලට ගැනීම අතට මිටට හොඳ බව ඇතැමුන්ගේ අදහසයි.

‘‘මේ දවස්වල මැණික් මිල නම් හොඳයි. නිල් කැරට් එකක් (කිලෝ ග්‍රෑමයකට කැරට් 5000කි) රුපියල් පනස්දාහකට ලක්ෂෙකට විතර යනවා. ඒත් දැන් රත්නපුරේට මැණික් එන්නේ බොහෝම අඩුවෙන්. දැන් මැණික් හිඟයි.’’ එසේ කියන්නේ රත්නපුර ඔරලෝසු කණුව අසල මැණික් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජාත්‍යන්තර මැණික් වෙළෙඳ ව්‍යාපාරික ජගත් විජේවීර මහතාය.

මැණික් සම්බන්ධයෙන් ලංකාව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ, ‘‘ලොව හොඳම නිල් මැණික් හමුවන රට’’ යනුවෙනි. ලංකාවේ ඉස්තරම් නිල් මැණික් වැඩිපුරම හමුවන්නේ පැල්මඬුල්ලේ පාතකඩ, රක්වානේ රඹුක සහ කහවත්තේ නීලගම යන ප්‍රදේශවලිනි. දැන් නිල් මැණික්ද හිඟය.

රත්නපුරයට මැණික් හිඟවීම යනු ‘‘මැණික් පතලයකට ගැරුම් වට්ටියක් නැතිව ගියාක්’’ බඳු තත්ත්වයකි. ඒ සඳහා බලපෑ කාරණාද ගණනාවකි. මැණික් ඉල්ලම් සහිත අලුත් භූමි හඳුනා නොගැනීම, පතල් කැපීම සඳහා අධික වියදමක් දරන්නට සිදුවීම සහ මෙතෙක් දැන හඳුනා ගෙන සිටි මැණික් ඉඩම්වල පතල් කපා ඉල්ලම් හමාර වීම සහ පාරිසරික නීති නිසා මැණික් පතල් කැපීම් සීමාවීම ආදිය ඒවා අතර වෙයි. මහා පරිමාණ ව්‍යාපාරිකයකුගේ පතල්වල මැණික් විවෘත වෙළෙඳපොළට එන්නේ නැත. එසේම ගංගා – ඇළ දොළවල මැණික් ගැරීම්ද දැඩි පාලනයකට යටත් කර තිබේ. එම තත්ත්වය නිසා මැණික් ගල් විවෘත වෙළෙඳපොළට යොමුවීම අතිශයින්ම අවම වී තිබේ.

සුමන සමන් දෙවිඳුන්ගේ ඇරයුමින් බුදුරදුන් වැඩි ශ්‍රීපාදස්ථානයත්, රත්නපුරේ මැණික් කර්මාන්තයත් අතර ඇත්තේ අපූර්ව සබැඳියාවකි. බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද පද්මය පිහිටුවා තිබෙන්නේද ‘‘ඉඳුනිල් මිණක්’’ හෙවත් ඉන්ද්‍රනීල මාණික්‍යයක් මස්තකයේය. එය ඉස්තරම් නිල්මැණිකක් වන්නට ඇත. වර්තමානයේ ද රත්නපුරයේ ජනී ජනයා මැණික් පතල් කැණීම ආදී සෞභාග්‍යවත් කටයුතු ආරම්භ කරන්නේ සමන් දෙවියන්ට බාරහාර වීමෙන් පසුවය.

මැණික් කර්මාන්තය ශ්‍රීපාදස්ථානය සමග බැඳී පවත්නා ජන විශ්වාසයක් ද රත්නපුරයේ දී දැකිය හැකිය. ඉන් කියැවෙන්නේ වාර්ෂික ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වීමත් සමගම රත්නපුරයේ මැණික් සම්පත්ද වැඩි වැඩියෙන් මතුවන බවයි. එය සිදු වෙතියි කියන්නේ සිරිපා මළුවෙහි ඇති සුප්‍රකට ‘‘දොළොස් මහේ පහන’’ දැල්වෙන්නට පටන් ගත් පසුවය. මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ කෙරුණේ ඉකුත් (2018) දෙසැම්බරය අග භාගයේ එළඹුණ උඳුවප් පුර පසළොස්වක පොහොයෙනි. එයින් පසුව සිරිත් පරිදි දෙළොස් මහේ පහනද දැල්වෙන්නට පටන් ගත්තේය.

මැණික් මතුවන කළු ගඟ ඉහළ නිම්නවාසී ගැමියන් මේ කාරණය මුවගට නංවන්නේ ‘‘දැන් ඉතින් ඕං, සිරිපාද මළුවේ පාන තියලයි තියෙන්නේ’’ යනුවෙනි.
දොළොස් මහේ පහන අරභයා ජන විශ්වාසය සමග බැඳුණා හෝ නොබැඳුණා වුවද පසුගිය දිනවල කදිම ආරංචියක් අසන්නට ලැබුණේය. ඉන් කියැවුණේ රත්නපුරයට නුදුරු පැල්මඬුල්ල ප්‍රදේශයෙන් විශාල ප්‍රමාණයේ නිල් මැණික් සමූහයක් හමුවූ බවයි. ඒ සම්බන්ධයෙන් රත්නපුරයේ වීදි මැණික් වෙළෙඳපොළ තුළ පවා කතා බහට ලක්ව තිබිණි. ඒවා අලෙවියෙන් පැල්මඬුල්ලේ උදවියට මහත් වාසි සැලසුණ බවද කියැවිණි.
මේ ආරංචිය මැණික් ඉඩෝරයකට හසුව සිටින රත්නපුරයට ‘‘පොද වැස්සක්’’ යැයි ඇතැමෙක් කල්පනා කරති.

‘‘මේ දවස්වල කළු ගඟ බැහැලා. ඉස්සර නම් මිනිස්සු ඇළ දොළ ගංගාවල සාම්ප්‍රදායික විදියට මැණික් ගැරුවා. දැන් ඒවාට තහංචි වැටිලා. සිංහල අලුත් අවුරුද්දත් ළඟම එනවා. වෙනදා මිනිස්සු අලුත් අවුරුද්ද කන්න කීයක් හරි සොයා ගත්තේ ගඟේ, ඇළේ ‍දොළේ මැණික් ගරලයි. දැන් ඒවා තහනම් කරලා. ගංගා, ඇළ දොළවල පාරම්පරික විදිහට මැණික් ගරන්න තහනමක් නෑ කියලයි ආණ්ඩුවත් කියන්නේ. ඒත් මිනිහෙක් ඇදුම්, උදැල්ලක්, මැණික් ගැරුම් වට්ටියක් අරන් ඇළකට දොළකට බැස්සොත් පොලිසිය ඇවිල්ලා අල්ලා ගෙන යනවා. ඉතින් ටවුමට මැණික් එන්නේ කොහොමද? ටවුමට මැණික් ආවේ නැතිනම් අපි අපේ ‘‘ලැපිඩරි’’ (මැණික් කැපීමේ මධ්‍යස්ථාන) පවත්වාගෙන යන්නේ කොහොමද? ඒවායේ රස්සාව කරන ශිල්පීන් ජීවත් වෙන්නේ කොහොමද? අප කළ විමසුමකට එසේ පිළිතුරු දුන්නේ රත්නපුර නගරයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකි.
දැන් ශ්‍රීපාද මළුවේ දොළොස් මහේ පහන දැල්වෙමින් තිබේ. පැල්මඬුල්ලේ යම් පිරිසකට නිල් මැණික් සමූහයකුත් හමුවී තිබේ. මේ තත්ත්වය රත්නපුරය පෙළෙන මැණික් හිඟයට යම් පිළිසරණක් වනු ඇතැයි යන්න වැඩි දෙනෙක් විශ්වාස කරමින් සිටිති.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර

2019-03-18

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

FB මිතුරියට චමත්කා සමලිංගික යෝජනා ගෙනාවාද?

මුහුණු‍පොත සමහරුන්ට යහපතක් කරනවා වගේම මුහුණු‍පොත නිසා සමහරුන්ට විවිධාකාර ප්‍රශ්න ඇතිවෙනවා. ඒත් අපි අපේ ගිණුම හරියට පවත්වාගෙන යනවා

පියුමිට ගැහුවා කියන වෙනුර, දැන් කියන කතාව

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිට බිම දමා පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වනවා. මේ පහරදීම

අතවර චෝදනා ලත් සල්මාන්ගේ සහයකයා

සල්මන් ඛාන්, නළු වෘත්තියට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදී සිටින බව මුළු ලොවම දන්නවා. ඔහු සතුව ‘Being d Human’ නමින් නිමි ඇඳුම් නිෂ්පාදන

කෙල්ලෙක් කොල්ලෙක් වෙලා තවත් කෙල්ලෙක් එක්ක ගත්ත වෙඩිමක්

සමලිංගික විවාහයන් වගේම සමලිංගික සම්බන්ධතා කියන්නේ ලංකාවේ සංස්කෘතියට ඒ තරම් හුරු පුරුදු දේවල් නෙමෙයි. හැබැයි ලෝකය

එංගලන්තයේ පුතයි ලංකාවේ පුතයි හරිම වෙනස්ලු

පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිටපු සසන්ති ජයසේකර මීට දශක එකහමාරකට විතර කලින් තමන්ගේ පුංචි පුතාවත් අරගෙන එංගලන්තයේ පදිංචියට ගියා. ඉන්පසු

දියවැඩියාව හේතුවෙන් පිරිමින්ට සහ කාන්තාවන්ට මතුවන ලිංගික දුබලතාවන්

සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ යෝනි මාර්ගයෙන් නිකුත්වන ශ්‍රාවයන් මගින් යෝනිය තුළ තෙත් බවක්‌ ඇතිකර ලිංගික සංසර්ගය සිදුකිරීම පහසු කිරීම

මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

ශ්‍රී ලාංකික රස බ්‍ර්තාන්‍යයන්ට ගෙන යන ශාක්‍යා

ලංකාවේ ආහාර පිසින බොහෝ ක්‍රමවේදයන් අපටම ආවේණික ඒවා ලෙස හඳුනාගත හැකිය. මේ ආවේණික බව නිසාම විදේශිකයන් අපගේ ආහාර රස විඳීමට කැමැත්තක් දක්වයි.

නිරුවත් නිර්මාණ කළාම ගීතය බලනවා- නටාෂා රොෂෙල්

මියුසික් වීඩියෝ රැසකටම දායක වෙලා තිබෙන නිරූපණ ශිල්පිනියක් තමයි නටාෂා රොෂෙල් කියන්නේ. ලංකාවේ මියුසික් වීඩියෝවලට පමණක්

මෙතෙක් මම සිනමාවට සම්බන්ධ වුණේ නැහැ’

අනුරාධා” මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය”?
ඔව්” ටිකක් විතර කාර්යබහුලයි’ මම දැන් කලාවට සම්බන්ධවෙලා අවුරුදු හතරක් විතර වෙනවා’ ඒ අවුරුදු ගණනාවටම මට ප්‍රධාන චරිතයක්

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements