මොරගහකන්ද ජලාශය හදන්න... රාජගිරියේ ගුවන් පාලම හදන්න.. මුදල් වෙන් කළේ මගේ කාළේ
Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ඔපරේෂන් 2 ක‍්‍රියාත්මක කරලයි.. ඔබතුමන්ල හම්බවෙන්න ආවෙ

මේ රටේ ඉතිහාසයේ ලොකුම මංකොල්ලය මහබැංකු බැදුම්කර මංකොල්ලයයි. ඒ මංකොල්ලෙ හොයන්න... තමයි මං ජනාධිපති කොමිසමක් පත් කෙරුවෙ. ඒකේ

ජනපති කැබිනට් හමුවෙන් නැගිට ගියේ ස්වභාවික අවශ්‍යතාවයකට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා (ජනවාරි 16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීම අතර තුරදී.... එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කරපු ඇතැම් ප්‍රකාශ

හතුරුසිංහගේත් කාඩ් කුඩු වෙයිද ලංකාව සිම්බාවේටත් පරාදයි..

බංග්ලාදේශයේ ඩකා පැවති ශ‍්‍රි ලංකාව හා සිම්බාවේ අතර එක්දින තරගයේදී.. ලංකාව ඊයේ ලකුණු 12කින් පරාජයට පත් විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන්

යුද්දෙ දින්න අන්තිම සති දෙකේ.. ආරක්‍ෂක ඇමති මමයි - ජනපති

යුද්දය දින්නේ අප සියළු දෙනා එකතු වීමෙන් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටී.... ඔහු මෙසේ පැවසුවේ තම සන්ධානයේ... ජයග‍්‍රහණය සදහා

එකම පන්සලේ හිමිවරු දෙනමක් පක්ෂ දෙකකින් ඡන්දෙට...

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පාත හේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා බෝලෑප විහාරයේ ඉන්න හිමිවරු දෙදෙනෙක් පක්ෂ දෙකකින් තරඟ කිරීමට නාමයෝ

අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා..

අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්‍ෂයෙනෙ. ඒ හන්ද කෙලගෙන කෙලගෙන ගියා.... ඒක තමයි ඇත්ත කතාව. මට හෙට ආසනේ.... නැතිවුණත්,

අපේ පිහිටෙන් ජනාධිපති වෙලා.. අපිටම කෙළිනවා - මරික්කාර්

දැන් මේගොල්ලො... හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා...... එදා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්තුමාට පහර දුන් අය අත්අඩංගුවට

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්ට පහරදුන් බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුව අත්අඩංගුවට ගත්තු බව අකුරැස්ස පොලීසිය පවසයි. අකුරැ

6ක් ඉන්න බෑ... පහෙන් යා යුතුයි එන 2019 වසරේ ජනපතිවරණය

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව ජනපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු

ජාත්‍යන්තර.. මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී.... අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි

ශ්‍රී ලංකාව තුළ.. සමලිංගික විවාහ නීතිගත කරන්න හදනවා

ලංකාවේ සමලිංගික විවාහ නීති ගත කිරීම සඳහා වන පනත් කෙටුම්පත ළඟදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මේ වන විටත්

ජිල් පප්පලාගේ පක්ෂයට ‘ඉස්සා’ ලකුණ හොඳයි - දුනේෂ්

ජිල් පප්පා හෙවත් ජී.එල්. පීරිස් ඇතුළු ඔය පප්පලා පිරිසක් මෙහෙයවන පොහොට්ටු පක්ෂය තම පක්ෂ ලාංඡනය ලෙස යොදා ගත යුතුව තිබුණේ පොහොට්ටුව

කළ බැඳුම්කර වංචාවට රවීට වඩා වගකිව යුත්තා රනිල් වික්‍රමසිංහ

ජනපතිවරයා උපාසක චරිතය රඟදක්වන විට, අගමැති පුටුවෙන් කතානායක පුටුව යටකර ගත්තු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිතුවක්කාරී පාලනයක් ගෙන යන

ඡන්දෙන් පසුව.. රනිල් ඉවත් කර නව අගමැති කෙනෙක්

මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් යහපාලන

උතුරු මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා ජාතිවාදී හා LTTE ගීත

යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල දේශපාලන පක්ෂ කිහිපයකටම අයත් මැතිවරණ අපේක්ෂකයන් කිහිප දෙනෙකුම සිය ප්‍ර‍චාරක කටයුතු සඳහා ජාති

මහීපාල හේරත් හා චොකා මල්ලී පොහොට්ටුවට එක්වේ - වීඩියෝ

සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රධානත්වයෙන්...

වැදි තරුණියක් මෙවර ඡන්දෙට... පාර්ලිමේන්තුවටත් යවනවා

මහියංගණ දඹාන වැදි ජනතාව නියෝජනය කරමින් සිය වැදි පරපුරේ හොද කෙනකු ඉදිරියේදී පාර්ලිමේන්තුවට යැවීමට තමන් තීරණය කර ඇතැයි... දඹාන වැදි

තාත්තගේ හයිය අරගෙන.... පුතා තරුණයෙකුට අම්බානෙට ගහලා

තරුණයෙකුට පහර දුන්නු බව කියන ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා සහ තවත් තරුණ

අමෙරිකානු ජනපතිට.. ඇත්තටම පිස්සුද? වෛද්‍ය පරීක්ෂණය අද

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළවෙනි වතාවට අද වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙනවා. මෙය සාමාන්‍යයෙන් අමෙරිකාවේ ජනාධිපතිවරයෙක්

ජනපතිගේ... අවුරුදු හයේ කතාව අපි දන්නෙ නෑ.. හවුල් ආණ්ඩුවම කැළඹිලා ඉන්නේ..- කිරිඇල්ල

තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න නිශ්චිත කර දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලැබූ.. ඉල්ලීම නිසාම

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
මොරගහකන්ද ජලාශය හදන්න... රාජගිරියේ ගුවන් පාලම හදන්න.. මුදල් වෙන් කළේ මගේ කාළේ
GossipClanka.com

2018 ජනවාරි 9ය, ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වේ. මේ කෙටි කාලය තුළ මොවුන් විසින් ලංකාවේ.. සෑම ක්‍ෂේත්‍රයක් පුරාම

 

දිවයන දැවැන්ත අර්බුද ගණනාවක්ම නිර්මාණය කර ඇත. මේ මොහොතේ සාකච්ඡා වෙන ප්‍රධානම මාතෘකාව වන්නේ මහ බැංකු මංකොල්ලය හා එය යට ගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළි දක්වන තුරු අපි බලා සිටිමු. මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුව විසින් කරන ලද එක් විනාශයක් පමණි. යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් මේ රටට කර ඇති තවත්  භයානක වින්නැහියක් ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

මේ ආණ්ඩුව බලය හොබවා ඇති මාස 36 ක කෙටි කාලය  ඇතුළත ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් විදෙස් විනිමය ණය වලින් පමණක් ලබාගෙන ඇත. මෙය, ගත වූ අවුරුදු තුන පුරාම නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 7.2 ක මුදල,  2015 හා 2017 නිකුත් කරන ලද සවරින් බොන්ඩ් වලින් ලබාගත්  ඇ.ඩො.බිලියන 3.6 ක මුදල, 2016 හා 2017 ජාත්‍යන්තර බැංකු ගණනාවක මැදිහත් වීමෙන් ලබාගත් ඇ.ඩො. බිලියන 1.7 ක සින්ඩිකේටඩ් ලෝන් මුදල, 2015 හා 2016 ඉන්දියාවෙන් ලබාගත් ඇ.ඩො.බිලියන 2.2 ක කරන්සි ස්වප් ණය, හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2016 දී ලබාගත් ඇ.ඩො.බිලියන 1.5 ක ණය වශයෙන් වෙන්කොට පෙන්විය හැක. මෙවැනි කෙටි කාලයක් තුළ වෙනත් කිසිම ආණ්ඩුවක් මේ තරම් විශාල විදෙස් විනිමය ණය ප්‍රමාණයක් ලබාගෙන නැත.

ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් වැනි මුදල් කණ්දරාවකින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර පහක් හා හම්බන්තොට වරායවල් පහක් ඉදිකොට තවත් දක්‍ෂිණ අධිවේගී මාර්ග දෙකක් ඉදි කිරීමට මුදල් ඉතුරු කරගත හැකි වුවත්, යහපාලකයන් එම මුදලෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත. මා ඉහත සඳහන් කලේ, විදෙස් විනිමයෙන් ලබාගත් ණය පමණි. 2015 ජනවාරියේ සිට මේ දක්වා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් ණය බිලියන 5,706 ක්ද  ලබාගෙන ඇත.

මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව  මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තන වැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්, ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.

යහපාලකයන් බලයට පැමිණියේ, මගේ ආණ්ඩුව විසින් ඉඳි කරන ලද විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපොලවල්, අධිවේගී මාර්ග යනාදිය සඳහා ගන්නා ලද ණය නිසා රටේ ණය අර්බුදයක් පවතින බව කියමිනි. නමුත් මේ විශාල ව්‍යාපෘති සඳහා සැබවින්ම වැය වූ මුලු මුදල වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම අදියර සඳහා – ඇමරිකානු ඩොලර් මිලියන 1,350; කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය සඳහා – ඇ.ඩො. මිලියන 740; හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණයද සඳහා – ඇ.ඩො. මිලියන 1,300; කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය සඳහා – ඇ.ඩො. මිලියන 292; හා මත්තල ගුවන් තොටුපොල සඳහා – ඇ.ඩො මිලියන 209 වශයෙනි.

ඉහත සඳහන් සියලුම මහාපරිමාන ව්‍යාපෘති සදහා වැයවූ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,900 කටත් අඩුය. මගේ ආණ්ඩුව විසින් ලබාගත් ව්‍යාපෘති ණය ගෙවීම සඳහා යහපාලන ආණ්ඩුව ණය ගනිමින් සිටින බව කීම අමූලික බොරුවකි. යහපාලන ආණ්ඩුව මෙතෙක් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.6 න්, මම ඉහත නම් කරන ලද සියලුම ව්‍යාපෘති සඳහා ගිය මුලු වියදම සිවු වතාවක් ගෙවා නිම කල හැක. යහපාලන ආණ්ඩුව ගන්නා ණය වලින් කරන්නේ මගේ ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි. 2015 ජනවාරියේ සිට, රජයේ මුදල් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පාවිච්චි කිරීම නිසා  කිසිඳු සැලසුම් කිරීමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩිවිය. මේ අමතර වියදම පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල් වලින් මෙන්ම විදෙස් විනිමයෙන්ද දිගට හරහට වානිජ ණය ලබාගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය.
විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුලු වෙනසකින්වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක. 2015 හා 2016 මහබැංකු වාර්තාවලට අනුව යහපාලන ආණ්ඩුව බලය ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම නිසා රුපියල බාල්දු වීම හේතුවෙන් පමණක් ලංකාවේ ණය බරට තවත් රුපියල් බිලියන 478 ක් එකතු  වී ඇත. බැඳුම්කර මඟඩිය හේතුවෙන් 2015 මුල සිට ලංකාවේ පොළී අනුපාතය 50% කින් පමණ වැඩිවීම නිසාද ආණ්ඩුවේ ණයබර තවත් වැඩි වූ බවද මෙහිදී අප මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව විදෙස්  ණය ලබා ගත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මුදල් අමාත්‍යංශයේ වාර්ථා වලට අනුව 2008 සිට 2014 දක්වා විදෙස් ණය වාරික හා පොලී ආපසු ගෙවීම් පහත සඳහන් ආකාරයට විය.

2008 – ඇ.ඩො. මිලියන  881
2009 – ඇ.ඩො. මිලියන 1,041
2010 – ඇ.ඩො. මිලියන 826
2011 – ඇ.ඩො. මිලියන 971
2012 – ඇ.ඩො. මිලියන 1,620
2013 – ඇ.ඩො. මිලියන 1,160
2014 – ඇ.ඩො. මිලියන 1,306

මේවා ගෙවා ගැනීමට නොහැකි තරම් විශාල ගණන් නොවන නිසා ආපසු ගෙවීම් පිළිබඳ කිසිඳු ප්‍රශ්ණයක් මගේ ආණ්ඩුවට තිබුණේ නැත. වර්ථමාන ණය අර්බුදය සහමුලින්ම යහපාලන ආණ්ඩුවේ නිර්මාණයකි. 2015 සිට ඉදිරියට අපට ගෙවීමට සිදුවන විදෙස් ණය හා පොළිය පහත දැක්වෙන ආකාරයට වෙයි.

2015 –  ඇ.ඩො. මිලියන 1,828
2016 – ඇ.ඩො.මිලියන 1,604
2017 –  ඇ.ඩො.මිලියන 2,132
2018 –  ඇ.ඩො.මිලියන 2,891
2019 –  ඇ.ඩො.මිලියන 4,217
2020 –  ඇ.ඩො.මිලියන 3,699
2021 –  ඇ.ඩො.මිලියන 3,344
2022 –  ඇ.ඩො.මිලියන 3,743
2023 –  ඇ.ඩො.මිලියන 2,120
2024 –  ඇ.ඩො.මිලියන 2,067
2025 – ඇ.ඩො.මිලියන 4,155
2026 – ඇ.ඩො.මිලියන 2,758
2027 – ඇ.ඩො.මිලියන 3,448

ආණ්ඩු වෙනසට පෙර තිබූ තත්වයත් ඊට පසුව ඇති වූ තත්වයත් ඉහත දක්වන ලද සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි වනු ඇත. 2015 සිටම ණය ගෙවීම් වැඩිවන්නේ මාස කිහිපයකින් මෙන්ම අවුරුද්දකින් දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන කෙටි කාලීන විදෙස් විනිමය වානිජ ණය විශාල වශයෙන් ලබාගැනීම නිසාය.

2015 දී ශ්‍රී ලංකාව අත්දුටුවේ ණය ගැනීමේ වියරුවකි. මහ බැංකුවේ නිල වාර්තා වලින් පෙන්වා දෙන පිරිදි යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ වසරකට දෙවතාවක් පමණි. එලෙස සිදුකරන ලද නිකුත් කිරීම් වලින්ද 2010 – 2014 යන කාලපරිච්ඡේදය ඇතුලත වසරකට ඩොලර් මිලියන 350 ක් වත් මගේ ආණ්ඩුව ලබාගෙන නැත. ඒ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරන ලද දැවැන්තම ඉදිකිරීම් වැඩසටහනක් ක්‍රියාත්මකව  තිබියදී බවත් මතක තබා ගත යුතුය.

නමුත් 2015 වසරේදී කිසිඳු නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ නොකර වුවද යහපාලන ආණ්ඩුව අවස්ථා 9 කදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. 2016 දී 6 වතාවකදීද 2017 දී සිව් වතාවකදී ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත.   තත්වය මෙසේ තිබියදී 2018 වසර සඳහාද වත්මන් ආණ්ඩුව තවත් ඩොලර් මිලියන 5,000 ක විදෙස් විනිමය වානිජ ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන  ඇත. පරිභෝජනයට පමණක් ලබාගෙන තිබෙන මේ ණය ගෙවීමට ආණ්ඩුව  ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැට් බදු, වාහන බදු, භාණ්ඩ ආනයන බදු, දඩ මුදල්, රජයේ මුද්දර ගාස්තු යනාදිය වැඩි කර තිබෙන අතර, 2018 අප්‍රේල් මාසයේ සිට, මුලු ජනගහනයම ආදායම් බදු දැළ තුළට ගැනීමටද සැලසුම් කර ඇත.

රටේ ජනතාව මත බදු අය කිරීමෙන් පමණක් යහපාලන ආණ්ඩුව ලබාගෙන තිබෙන ණය කන්දරාව ගෙවීමට නොහැකි නිසා ඔවුන් රජයට අයත් හෝටල් ව්‍යාපෘති වල සිට, වරායවල්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුලු සියලුම ජාතික සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. හම්බන්තොට වරාය විකුණා දැමුවේ එය තැනීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා යැයි ආණ්ඩුව කීවද, වරාය විකිණීමෙන් ලැබුණු මුදල් අදාල ණය ගෙවීමට නොව පරිභෝජනය සඳහා වැය කිරීමට මහා භාණ්ඩාගාරයට යොමු කර තිබීමෙන් ආණ්ඩුවේ සැබෑ අරමුණ පැහැදිලි වේ. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගනු ලැබුවේ සහනදායි පොළියට දිගුකාලීන ණය නිසා එය ගෙවා දැමීමට ආණ්ඩුවට කිසිදු හදිස්සියක් නැත.

නමුත් වත්මන් ආණ්ඩුව ගිනි පොළියට ගත් කෙටි කාලීන වානිජ  ණය ජනතා දේපොල විකුණා ලබාගන්නා මුදල් වලින් හෝ ගෙවීමට පැහැදිලි හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළඳපොලේ දොර වැසී යාමයි.   අන්ත දූෂිත, වැඩබැරි ආණ්ඩුව රටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

2018-01-08
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

සිරස. දාලා වෙනත් නාළිකාවකට මම යන් නෑ.. චානු දිසානායක

සිරස ආයතනයේ ‘පෙන්ටතලන්’ යන වැඩසටහන ඉදිරිපත් කරන චානු දිසානායක වෙනත් නාළිකාවකට සම්බන්ධ වීමට යන බවට.... විවිධ මත පළ වී තිබේ. ඒ

මේ ජීවිතයේ... වෙනසක් වෙන්න තවම මම හිතලා නෑ - දිනක්ෂි

කලා ලෝකයේ දී කවදත් තමන්ගේ ජනප්‍රියත්වය එක ලෙස පවත්වා ගනිමින්, නිරන්තර ප්‍රේක්ෂක ආදරයට හිමිකම් කියන ජනප්‍රිය තාරකාවක් තමයි දිනක්ෂි

එයා හොඳ කෙනෙක්. හැමදේම.. හරි ගියා. මම වාසනාවන්තයි.

සිනමාව තුළ වඩාත්ම අපි දකින්න කැමැති නිළියන් අතර ඇය ඉන්නේ මුල්ම තැන කිව්වොතින් නිවැරැදියි. ඒ තරමටම ප්‍රේක්ෂක හිත් ඇද බැඳ තබා ගැනීමට ඇයට

මහ වැස්සේ තෙමෙන්න... අදටත් මම අාසයි - සරෝජා

මම සරෝජා කියලා කතා කරන්නද.. නිත්‍යවානි කියලා කතා කරන්නද..? මම ඒ දෙකටම කැමතියි. ඉතින්... මොන නමින් කතා කළත් මම කැමතී. කොහො

තවම මට වයස 18 යි. මේ වයසට මේ තරම් ප්‍රතිචාර ලැබීම සතුටක්

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන පවු‍ලේ ටෙලි නිර්මාණයක් බවට දැන් පත්වෙලා. ඒ වගේම දෙවැනි ඉනිමේ... “චූටි මැණිකේ”

කාවිංගට දොස්‌තර නෝනෙක්‌ව.. හොයලා දුන්නේ දුකාලු...

කාවිංග කියන්නේ ජනප්‍රිය නළුවෙක්‌. ඔන්න පසුගියදා සඳුදා සිනමන් ලේක්‌ හෝටලයේදී..... කාවිංගත් වගකීම් දරන්න පුළුවන් තරුණයෙක්‌ කියලා සහෝදර නළු

මම කරාටේ ක්‍රීඩා කරන්න අරන්.. දැන් අවුරුදු 9 ක් වෙනවා.

සිරසේ විකාශය වන ජනප්‍රියතම සල්සපුනා ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරිය ලෙස අප හැමගේ නිවෙසට පැමිණි ඇය එක රැයින් ජනප්‍රිය වූ අලුත්ම තාරකාව ලෙස

විරසක වී සිටි ජයන්ත සහා ඉරාජ් එකතු වුණු හැටි කියයි

වික්ටර් රත්නායකගේ දෙවන විවාහය ගැන පසුගිය කාලසීමාව තුළ සමාජේ බොහෝ අය අතර කතිකාවන් ඇතිවුණා. ඒ එක්කම නව පරපුරේ ගායකයකු වූ ඉරාජ්

අයිරාංගනී සේරසිංහ.. රනිල් ගැන කිව්ව කතාවක් මෙන්න

පසුගියදා සමාජජාල මාධ්‍යයන්හී බොහෝ සෙයින් කතාබහට ලක්වුණේ වර්තාමන අගමැතිතුමා ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග කළ නර්තනයක

මම බෞද්ධයෙක්. මගේ ධර්මයත් එක්ක මම ජීවත් වෙනවා

කලා ක්ෂේත්‍රය තුළ දක්ෂ, ජනප්‍රිය නිළියක් ලෙස අපට රමණි සිරිවර්ධනව හඳුන්වන්න පුළුවන්. ඇය මේ දිනවල දී නිතර දකින්න නොලැබෙන නිසාම ඇගේ අලුත්

අනතුරෙන් පසු මම දැන් කොළඹ මල්ලිගේ ගෙදර ඉන්නේ...

ජින්ජර් කියන්නේ වේදිකාවට නැතිවම බැරි චරිතයක්‌. පසුගිය දවසක වේදිකාවට ගොඩවෙන්න තිබුණ හදිසිය නිසාම ඇය හදිසි අනතුරකට මුහුණදුන්නා.... ලේසි

හැම තත්පරයක්ම හිනා වී ඉන්න. ඔය හිනහව මාව ජීවත් කරවනවා

චතුරිකා පීරිස්ගේ.... උපන්දිනය අදට යෙදී තිබෙනවා. ගයාන් චතුරිකාට සුභ පතා කියා තිබුනේ උපන්දිනේ දවසේ වගේම ගෙවන හැම තත්පරයක්ම මෙහෙම හිනා

චන්ද්‍රසේනගේ දුව - අප්පච්චි නිසා තමයි මම මේ ගමන ආවේ...

ගායක චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි පවුලේ බඩපිස්‌සි ලිහිණි විහංගා හෙට්‌ටිආරච්චි අප්පච්චිගේ අඩිපාරේ යමින් සංගීත ලෝකයට පා තබල. තමන්ගේ ගීත තුනකින්

ජැක්සන්ගේ පුතා අතහැර අමන්දා විවාහ වුණු තරුණයා මෙන්න

නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිණියක් ව අමන්දා සිල්වා අද යුග දිවියට පිවිස තිබෙනවා.... ඒ කොළඹ ගලධාරි හෝටලයේදීයි. ඇයගේ.. අතිනත ගෙන ඇත්තේ

නිරුවතින් උද්ඝෝෂණය කරනවා එකෙන් මහින්දගේ ඡන්ද කඩනවා

මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණේ ඡන්ද සටන සදහා පිවිසෙන්න හැදුවත් පක්ෂයෙන් ඊට අනුමැතියක් ලැබුණේ නැහැ. මේ නිසා මධූෂා මාධ්‍ය හමුවක දී

අපේ නත්තල් ගහ... මාස යහකට ගලවන්නේ නෑ - රයිනි චාරුකා

රයිනි චාරුකා ජයටම නත්තල් සමරන එකයි කරන්නේ. ඒ ගැන එයා මෙහෙම කිව්වා . නත්තලට කියලා අපි එහෙමටම ලොකුවට සූදානමක් වෙන්නෙනම් නෑ. හැම

ගයේෂා දේශපාලන පිටියට බහී.. නාම යෝජනාත් භාර දිලා

හැමදාම අලුත් විදියේ වැඩ හරහා කරළියට එන චරිතයක්‌ තමයි ගයේෂා කියන්නෙ. රංගනය තම ජීවිතය කරගත් ඇය රූ රැජනක්‌ විදිහටත් ජාත්‍යන්තරයට... ගිහින්

තාත්තෙක් වෙන්න කසාද බඳින්න ඕනේ නෑ - දසුන් පතිරණ

දසුන් පතිරණ යනු ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු ගැන වැඩිපුර කතාබහ කරන්න පටන් අරන්. ඒ ඔහු පිය පදවිය ලබන්න යන නිසයි. ඉතින්

මාධවිගේ නාමල්ගෙයි සම්බන්ධය මොකක්ද? - මම පෙම්වතියක්

මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ..? ඔව්. මේ දවස්වල දී ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමැති නැහැ. මටම කියලා තනි

නියමයි කියන හැඟීම මගේ හිතට වැදුණා නම් චරිතය භාරගන්නවා.

සිනමාවේ විවිධ රංගන පරාසයන් ඔස්සේ ප්‍රේක්ෂක හමුවට පැමිණෙන ඇය මේ දිනවල ‘දිලී නමින් වඩාත් ජනප්‍රිය චරිතයක් බවට.. පත්වෙලා තියෙනවා... ඒ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad