Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

ඉන්දි‍යාව සඳට යයි

පසුගිය සතියේ දියත් කිරීමට නියමිතව තිබූ චන්ද්‍රයාන් 2 හදිසි තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අතහැර දමන්නට සිදු වී තිබුණා. ඉන්දීය ආරංචිමාර්ග වලට අනුව එම දෝෂය

පාසල් දරුවන්ට නොමිලයේ අද සිට දියර කිරි

ප‍්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්

ඉදිරියේදී විදුලියට න්‍යෂ්ටික බලශක්තිය

විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදි  න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව අමාතය රවී කරුණානායක මහතා

‘දෙමළ ජාතිකයින් පිළිගත් එකම නායකයා ප්‍රභාකරන් පමණයි‘

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා නොදුන් සිංහල දේශපාලන නායකයින්ට දෙමළ ජනතාවගේ ජාතික නායකයින් බවට පත්විය නොහැකි බවත්, දෙමළ ජනතාව පිළිගත්

ගොළු මව්පියන්ගේ පාසල් යන දියණිය භික්ෂුවක් දූෂණය කරලා

හිගුරක්ගොඩ ගල්අමුණ ප්‍රදේශයේ විහාරස්ථානයක විශ්ව විද්යාල අධ්‍යාපනය ලබමින් සිටි භික්ෂු හිමනමක් වයස අවුරුදු 14ක පාසල් ශිෂ්‍යාවක් දඹුල්ලට රැගෙන ගොස්

වත්මන් ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකියි

මෙරට ජාතික ප්‍රශ්නවලදී වත්මන් ආණ්ඩුවට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ එක්සත්ව කටයුතු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක්

සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සඳහා හිමිව තිබු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහෝසි කර තිබේ.ඒ  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට

ඇමරිකානු හමුදාවට සෞදි රටට එන්න අවසර

ඉරානය සහ ඇමරිකාව අතර මේ දින වල ඇති වී තිබෙන නොසන්සුන් තත්වයත් සමග කලාපීය රටවල ආරක්ෂාව තර කිරීම සඳහාත්, හදිසි අවස්තා වලට

ඔබත් රැවටුනාද..? මුහුණු පොතෙන් ණය ලබා දෙන ජාවාරමක් ගැන හෙළි වෙයි

මේ වෙද්දි බොහෝ දෙනා අන්තර්ජාලය සහ සමාජ ජාල හරහා පවත්වාගෙන යන  මූල්‍ය සේවා හරහා ණය ලබා ගැනීමට පෙළඹීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට

දිස්ත්‍රික්ක 7කට නාය යෑමේ අවධානම්

රත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ

ගාලු වරායට යමින් තිබූ දැවැන්ත නෞකාවක් රූමස්සල කන්දේ වැදුණු හැටි

ගාලු වරායට ක්ලින්කර් රැගෙන එමින් තිබු ග්ලෝරී ටුගෝ නමැති මෙම  නෞකාව  අද උදෑසන වනවිටත්  ගාල්ල උණවටුන රූමස්සල ජංගල්බීච් මුහුදු තීරයේ ගල්

පැය 08 සේවා මුරය අහෝසි කිරීමට එරෙහිව විරෝධතාවක්

පෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්

තිනියාවල පාලිත හිමියන්ගෙන් මංගල බිලියන දෙකක වන්දි ඉල්ලයි

පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල්

වර්තමානයේ ලංකාව ඉහළ මැදි ආදායම් රටක් - අගමැති

“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

සජිත්ට තව කල් තියෙනවා-කරූට අවස්ථාව දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කරූ ජයසූරිය මහතාට ලබාදිය යුතු බව විද්වතුන් පිරිසක් පවසයි. සාධාරණ සමාජයක් සඳහා වූ මාධ්‍ය මධ්‍යස්ථානයේ

ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමති දන්වයි

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට

බංග්ලාදේශය ‘සුපිරි තරු’ විවේක ගන්වා ශ‍්‍රී ලංකා සටනට සැරසෙයි

ශ‍්‍රී ලංකාව සමග තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන බංග්ලාදේශ සංචිතයෙන් ලොව අංක එකේ තුන් ඉරියව් ක‍්‍රීඩක ෂකීබ් අල් හසන්ව

ගෝඨාභයට ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන ලෙසට මහින්දට ඉල්ලීමක්

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු

තැපැල් වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ සංඛේත වර්ජනය අද(17) දිනයේත් ක්‍රියාත්මක වෙයි.ඊයේ(16) පස්වරු

චීනයෙන් එන S14 දුම්රිය මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් නවතම ඩීසල් බලවේග කට්ටල 9ක් චීනයේ නිෂ්පාදන කර තිබේ. චීන CRRC Qingdao Sifang Co. Ltd සමාගම විසින් මෙම බලවේග කට්ටල

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
මම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්-හේමාල් රණසිංහ
GossipClanka.com

සිනමා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පියෙකු ලෙස වැඩි ජනතා ආකර්ෂණයක් දිනාගත් ඔහු ජනප්‍රියම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර වන්නේය. ඔහු රංගනයෙන් දායක වන

 

‘තාල’ සිනමා නිර්මාණය මේ වනවිට තිරගත වෙයි. ඔහු හේමාල් රණසිංහය. මේ කතාබහ ඔහු සමගය.

මේ වනවිට ‘තාල’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ රංගන කටයුතු සාර්ථකයි කියලා හිතනවද?

‘තාල’ වගේම මේ මොහොතේ තිරගත වන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයත්  ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරීයාම ගැන මට තිබෙන්නේ ලොකු සතුටක්. ‘තාල’ චිත්‍රපටය තුළ informal education හා formal education ගැන කතා කරන්නේ. අපි චිත්‍රපටය තුළින් කතා කරන්න උත්සහ කරන්නේ සරල සහ පර්යේෂණාත්මක විදි මගින් දරුවන්ට තමන්ට රිසි සේ අධ්‍යාපනය ලබාදෙන ක්‍රමයක් ගැන. මේ වෙද්දි එයට ලැබෙන ප්‍රතිචාරත්  එක්ක බලද්දි මට හිතෙනවා සාර්ථකයි කියලා.

ලංකාව තුළ පවතින අධ්‍යාපන ක්‍රමවේදය ගැන ඔබ තුළ තිබෙන පෞද්ගලික අදහසත් එවැන්නක්ද?

මම පෞද්ගලිකවත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කියන්න උත්සහ කරන කාරණාවත් එක්ක එකඟ වෙනවා. උදාහරණයක් විදිහට අපි පුංචි කාලෙදි ඉංග්‍රීසි හෝඩිය ගත්තත් ඉගෙන ගන්නේ ‘A’  කිව්වොත් for Apple, B for Bat ආදි ලෙස. මේක තමයි අපිට උගන්වලා තියෙන විදිහ. ඉච්චානුක ක්‍රියාවක් සේ ඉන්පසු අප තුළින් ඉස්මතු වන්නේ එයමයි. කුඩා දරුවෙක් කියන්නේ නිර්මාණශීලී කෙනෙක්. නමුත් මේ පවතින ක්‍රමවේදය තුළ ගුරුවරයාටත්, දරුවාටත් නොදැනීම ඒ නිර්මාණශීලීත්වය කොටු වීමක් සිදුවෙනවා  කියලා මට හිතෙනවා. රුවන් ඉගෙන ගන්නවා වෙනුවට දරුවන්ට උගන්වන රටාවක් අපි දකින්නේ. එහෙම වුණාම නිර්මාණශීලී දරුවා, අත්හදා බැලීම් කරන්න යොමුවෙන දරුවා එක තැනකට රාමුගත වෙනවා. ඒක තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය. ලංකාවේ පමණක් නොවෙයි, දියුණු වෙමින් පවතින තුන්වන ලෝකේ රටවල තවමත් පවතින්නේ යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදයක්.

සිනමා නිර්මාණයකින් මෙවැනි සමාජ කාරණාවක් කතා කිරීම හා ඉන්පසු  ප්‍රේක්ෂකාගාරය තුළ ඇතිවන කතිකාවත ගැන අදහස මොකක්ද?

හැත්තෑව අසුව වැනි දශකය සමග බලන විට මේ වනවිට ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරය ඉතා කුඩායි. මේ තත්ත්වය ඇති වෙන්න කර්මාන්තය තුළ තිබෙන අභ්‍යන්තර කාරණා වගේම, ප්‍රේක්ෂකාගාරයේ යම් යම් ගැටලු හේතුවෙනවා. ලංකාවේ පවතින කුඩා සිනමා ප්‍රේක්ෂකාගාරය එක්ක මේ වෙලාවේ අපි පිළිගත යුතු  මාධ්‍යය මේකයි, කතා කළ යුත්තේ මෙයයි කියලා යම් යම් කාරණා  සමාජගත කරන්න අපහසුයි. අනෙක් අතට චිත්‍රපටයක් තුළින් පණිවුඩයක් දෙන්න ඕනම කියලා මම විශ්වාස කරන්නෙත් නැහැ. සිනමා නිර්මාණයක් හොඳ නරක යැයි වෙන්කිරීමත් සාපේක්ෂ දෙයක්. නමුත් මේ සාපේක්ෂ හොඳ නරක සමග හෝ ප්‍රේක්ෂකයන් ගනුදෙනු කරනවා නම් එය හොඳ තත්ත්වයක් ලෙස මම දකිනවා.

සිනමාව තුළ මේ වනවිට තරුණ නිර්මාණකරුවන්ගේ පිබිබිදීමක් දකිනවා. රංගන ශිල්පියෙක් ලෙස ඔබ ඔවුන් සමග කටයුතු කරනවා. තරුණ නිර්මාණකරුවන් මේ කටයුත්තට යොමුවීම ගැන ඔබේ අදහස මොකක්ද?

මම හැමදිනකම සිනමාව දෙස ධනාත්මකව බලපු කෙනෙක්. ඒ නිසා අතීතයේ හෝ වර්තමානයේ යම් යම් වැරදි සිදුවෙලා ඇති, සිදුවෙනවා ඇති. නමුත් අපට කළ හැකි දේ උපරිමයෙන් කරන්න යොමුවෙලා ඉන්නවා. නව පිබිදීමක් ඇතිව තිබෙනවා. අලුත් අධ්‍යක්ෂකවරුන් සිනමාවට අවතීරණ වෙනවා. පාලිත පෙරේරා කියන්නෙත් එවැන්නෙක්. නව අධ්‍යක්ෂකවරයෙක් වුණාට ඔහු වසර ගණනක පළපුරුද්ද ඇති දක්ෂ කැමරා ශිල්පියෙක්. එවැන්නෙක් අධ්‍යක්ෂණයට යොමුවීම සිනමාවට ආයෝජනයක්. රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් සිනමාවට ප්‍රවේශ වීම තුළ නව අදහස් හුවමාරු වෙනවා. එය සිදුවිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ වර්තමානය ලෙස අපි සලකන අද දවස හෙට වෙද්දි අතීතය බවට පත්වෙනවා. හෙට දවසේ එලෙස ගත කරන අයටත් නවකයන් සමග එක්ව මේ ගනුදෙනුව කරගෙන යන්න වගකීම තිබෙනවා. එහාට මෙහාට ඇඟිලි දික්කර කර ඉඳලා හරියන්නෙ නැහැ. සිනමාව කියන්නේ සාමූහික හැඟීමකින් ඉදිරියට යන්න ඕන දෙයක්. තනිව මේ දේ කරන්න හැකියාවක් නැහැ. සාමූහිකව කටයුතු කිරීමෙන් තමයි මෙලෙස ඇතිවන පිබිදීම්වල මල් ඵල ගැන්වෙන්නේ. එහෙම නැත්නම් හැමදාමත් වගේ අතීතයට පැසසුම් දීලා වර්තමානයට ඇඟිල්ල දික් කරකර තමයි ඉන්න සිද්ද වෙන්නේ.

එකම ක්ෂේත්‍රයක් තුළ පැවැත්ම කියන කාරණය ශිල්පීන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. එවන් වාතාවරණයක ඔබ සිනමා රංගන ශිල්පියෙක් ලෙසම කටයුතු කරනවා?

මේක සිනමාවට පමණක් නොවෙයි, ලංකාවේ පවතින සියලු ක්ෂේත්‍රවලට බලපාන කාරණාවක්. එකම ක්ෂේත්‍රයක් තුළ රදා පවතින්න බැහැ. නමුත් එහෙම බැහැ කියලා අතහැරලා දානවට වඩා මම උත්සහ කරන්නේ ඒ වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න. මට හැකි කලක් එලෙස කරගෙන යනවා. එය ලෙහෙසි පහසු නැහැ, ගොඩක් අමාරුයි. අපි සියලු දෙනාට වගකීමක් තිබෙනවා. මම සිනමාව වෙනුවෙන් කැපවෙනවා. ඒ වෙනුවෙන් නැති වුණ දේවල් ගැන මම දුක්වෙන්නෙත් නැහැ. මගේ එකම බලාපොරොත්තුව ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණයක් ලබාදීම. එහිදී ප්‍රේක්ෂකයන් අතර ඇතිවන කතිකාවේ හොඳ නරක බාරගෙන ඉදිරියට යා යුතුයි.

ඒ ගමනේ දී ඔබ ජනප්‍රියම නළුවා බවට පත්වෙනවා. ඒ ජනප්‍රියත්වය පවත්වාගැනීම  වෙනුවෙන් නිර්මාණ භාර ගැනීම හෝ වාරණ මත කටයුතු කිරීම සිදුවෙනවද?

 කිසිම ලෙසකින් මම එහෙම සිදු කරන්නේ නැහැ. ජනප්‍රියත්වය කියන එකට අපි සියලු දෙනාම කැමතියි. ජනයාට ප්‍රිය වෙන්න කවුද අකමැති. එහෙම කියලා ආත්මය විකුණගෙන කන්නේ නැහැ. ඒ නිසා නිර්මාණයක් කරන විට ඒ නිර්මාණය තුළ මට කොතරම් දෙයක් කළ හැකිද? ඒ කර තිබෙන දේ සාධාරණද නැද්ද යන්න තමන්ගේ හෘද සාක්ෂිය එක්ක තිබෙන ගනුදෙනුවක්. සම්මානයක් කියන්නේ ලොකු ගෞරවයක්. නමුත් නිර්මාණයකට දායක වීමේදි මම  රංගන ශිල්පියෙක් ලෙස  ගනුදෙනු කරන්නේ මගේ  හෘද සාක්ෂිය එක්ක. ජනප්‍රියත්වය ඊළඟ වසරෙත් රැකගෙන සම්මාන ගන්න මම කරන්න ඕන නිර්මාණ තෝරනවාට වඩා, මට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අලුත් නිර්මාණයක් කරන එක. ඒ නිර්මාණය තුළ මට කළ හැකි දේ ගැන හිතලා කටයුතු කිරීම තමයි මම වැඩියෙන්ම හිතන්නේ. කිසි දිනක සම්මාන වෙනුවෙන් මම  රඟපාලා නැහැ.

උපුට ගැනීම-සාරවිට

නිදුක් මදුෂික

2019-03-29

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

බංග්ලාදේශයට එරෙහි පළමු තරගයෙන් පසු මාලිංග එක්දින පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකාව බේස්බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..තරමක් පුදුමය

ගූගල් ට්‍රාන්සිට් සේවය සක්‍රීය කිරිමට මූලික කටයුතු අරඹයි

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම්

ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගත් අපේ රටේ ගුවන් විදුලි නිවේදකයා

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන  ඉන්දියාවේ මුම්බායි

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් මහ තරගයට

2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම

කොටුවේ සිට යූනියන් පෙදෙසට බෝට්ටු සේවාවක්. පළමු ගමන ඇමති චම්පිකගේ ප්‍රධානත්වයෙන්

මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පියවර ගෙන ඇත.ඒ අනුව

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ඉරාජ්ගේ මුහුණු පොත

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න චෝදනා කරයි.ලක්ෂ 11ක

සාක් චිත‍්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා

ප‍්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී පෙරේදා (07දා) කොළඹ තරංගනී සිනමා ශාලාවේ පැවති නව වැනි සාක් චිත‍්‍රපට උළෙලේ ‘හොඳම නිළියට’ හිමි සම්මානයෙන්

ඉන්දියාවෙන් ICCට පැමිණිල්ලක්

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර  (06දා) ලීඩ්ස් හි පැවැති ලෝක කුසලාන තරගයේදි ඉන්දීය විරෝධී වැකි සහිතව බැනර් ගුවන් යානා ලීඩ්ස් ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.කෞතුකාගාරය

මෝර්ගන්ගෙන් හයේ වරුසාවක් සමගින් ලෝක වාර්තාවක්

ඉයන් මෝර්ගන් අද ඇෆ්ඝනිස්තානය අතර තරඟයේදී ලෝක වාර්තාවක් තැබීමට සමත්වුනා. ඒ එක ඉනිමක් තුල ක්‍රීඩකයෙක් එල්ලකළ වැඩිම 6 පහර සංඛ්‍යාව එල්ල කරමින්.ඒ අනූව

ක්‍රිකට් ලෝක කුසලානය නිසා ලෝකයේම ආකර්ෂණය දිනූ සරාගී නිවේදිකාව

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානයේ බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇත්තේ එක් රූමත් තරුණියක් කෙරෙහිය.ඒ මෙවර ලෝක කුසලානයේ

රත්නපුරෙන් හොයාගත්තු ලසිත් මාලිංග මෙන්න, වේගය පැයට කිලෝ මීටර් 133ක්ලු

ශ්‍රී  ලංකාවේ වේගවත්ම නවක පන්දු යවන්නා සොයා ගැනීම උදෙසා ‘එයාර්ටෙල්’ ආයතනය මඟින් සංවිධානය කළ Airtel Fastest 2019 වැඩසටහනේ ජයග්‍රාහකයා

කුසලානයෙන් පන්නපු ඇෆ්ඝනිස්තානයේ ශෙෂාඩ් කඳුළු සලමින් සියල්ල හෙලි කරයි

දණහිසේ ආබාධයක් හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ඝනිස්තාන කඩුලු රකින්නාවන මෙහොමඞ් ශසාඞ්ට සිදු වුවා. ඔහු

මම විවාහ ගිවිසගෙනයි ඉන්නේ..නිෂී සමරවීර

රඟපෑමෙන් ඔබ හමුවට එන නිෂී සමරවීර මේ දිනවල මොනවාද කරන්නේ කියලා දැනගන්න මීවිත අපි හිතුවා. ඒ නිසා අපි නිෂීට කතා කළා. මේ එහි

ශ්‍රී ලංකාවට වාර්තාගත පෙරලිකාර ජයක්

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන්

පලමු තරගයෙම්ම ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී ඊයේ (01) පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක පහසු ජයක්

දකුණු අප්‍රිකාව පරදා ලෝක කුසලාන පළමු තරගයේ ජය එංගලන්තයට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් ලකුණු 104ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත

අවුරුදු 60ක් පවුල් කෑව - අඹු සැමියෝ එකම දින අවසන් ගමන් යති

තම ස්වාමිපුරුෂයා මියයෑම දරාගත නොහැකිවූ 76 වියැති සත්දරු මවක හදිසි හෘදයාබාධයකට ලක්ව මියයෑමේ සිද්ධියක් මිද්දෙනිය තෝරකොලයාය වගාව

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements