Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

1996 ලෝක කුසලානය දිනා ඊයට වසර 23යි

මෙරට ක්‍රිකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු දිනය 1996 මාර්තු 17 බව ක්‍රීඩාවට ආදරය කරන සෑම දෙනාම දන්නා කරුණක්.ශ්‍රී ලංකාව ලබාගත් එම ඉහළම ජයග්‍රහණය වන 1996 ලෝක කුසලානය දිනා

ජපානයේ ශ්‍රී ලාංකිකයන්නට සිංහලෙන් දැන්වීම්

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය

තැපැල් ස්ථානාධිපතිවරු 1000ක් බඳවාගැනීමේ වැඩසටහනක්

ප්‍රධාන තැපැල් කාර්යාලවල සේවය සඳහා තැපැල් ස්ථානාධිපතිවරුන් දහසක් අයවැය සම්මත වීමෙන් පසු බඳවා ගැනීමට කටයුතු කරන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පවසා සිටියි.අමාත්‍යවරයා

අද සිට උත්පත්තියෙන්ම හැදුනුම්පත් අංකයත්....

වත්මන් රජය ඩිජිටල් ආර්ථියක් ඇති කිරීම සදහා කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවය සහ උප්පැන්න ඇතුළු සේවා රැසක් ඩිජිටල් සේවාවක් බවට පත් කිරීමේ අවස්ථාවට

ලංකාවේ සංචාරයට ඇවිත් ගත්ත ජායාරූපයට හැමතැනින්ම දොස්..!

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ලබා ගත් ඡායාරූපයක් නිසා පෘතුගාල යුවළක් වෙත දැඩි දෝෂාරෝපනයන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වී තිබෙනවා.ඒ පෘතුග්‍රීසි ජාතික යුවළක් වන රඛායෙන් හා මිගුයෙල් මෙසේ විවේචනයට ලක්ව

බදුල්ල හාලිඇලි අවට ප්‍රදේශ කිහිපයක භූ චලන තත්ත්වයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක අද (16) උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.පස්සර, හාලිඇලි,වැලිමඩ සහ කන්දේකැටිය යන ප්‍රදේශවල මෙම භූ චලන තත්තවය ඇති වී ඇත.අද උදෑසන

ක්‍රයිස්චර්ච් පල්ලියේ වෙඩි ප්‍රහාරයෙන් ලොව කළඹයි

ක්‍රයිස්ට්චර්ච්හි --- මුස්ලිම් දේවස්ථාන දෙකකදී අද දහවල් කළ වෙඩි තැබීමකින් යාඥා කරමින් සිටි 49 දෙනෙක් මිය ගියහ. ඔවුන් අතුරින් 41 දෙනකු සහ තවත් 7 දෙනකු දේවස්ථාන තුළදීම මියගිය අතර තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන්

ආණ්ඩු බලය ලබා ගන්න විපක්ෂයට හැකියාවක් නෑ

අයවැය පරාජය කර ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂයට හැකියාවක් නොමැති බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝගනේෂන්

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 සංචිතය නම් කෙරෙයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.ජෙෆ්රි  වැන්ඩර්සේ, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම කණ්ඩායමට

නරක් වූ කුකුල් මස් විකිණූ ආපනශාලාවේ ප්‍රධානියා ලිංගික අපචාරයකට විදේශයකින් සොයනා සැකකරුවෙක්

කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් වැටලීම පසුගිය දින සමාජයේ කතාබහට ලක්ව තිබේ. පසුගිය 12 වෙනිදා කොළඹ ප්‍රධාන පෙළේ ආපනශාලාවක් සෞඛ්‍ය බලධාරීන් විසින් වැටලූ අතර එහිදි එම ආපනශාලාවේ ශීතකරණ

බොයිං 737 ගුවන් යානාවලට ඉන්දියාවේ ගුවන් සීමාව තහනම්

ඉතියෝපියානු ගුවන් අනතුරින් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන ‘බොයිං 737 මැක්ස්’ ගුවන් යානාවලට තමන් ගුවන් සීමාව තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.මේ අනුව එම වර්ගයේ ගුවන්

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
කලාව ප්‍රමාණවත් - ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නැත්තේ.
GossipClanka.com

අපේ ලංකාවේ කලා පවුල් නම් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඒ අය අතර සුවිශේෂ කලා පවුලක් තමයි මාදිනියගේ මේ අපූරු කලා පවුල.. කීර්ති රත්නායක නම් ඔබ

 

කොයි කවුරුත් හොඳින්ම දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියා සහ වේදිකාවට නැතුවම  බැරි මාදිනි මල්වත්තගේ කියන්නේ කලා ලෝකෙ හරි අපූරු සුසංයෝගයක්. ඉතින් අපි කල්පනා කළා කාර්ය බහුල මේ ජීවිතවලට ‍පොඩ්ඩක් ළං වෙලා ආදරණීය වචන ටිකක් එළියට ගන්න. මේ අකුරු වෙලා තියෙන්නේ ඒ ඔවුන්ගේ වචන. මුලින්ම මාදිනිය තමයි අපිත් එක්ක කතාවට එකතු වුණේ.

සේරටම කලින් කියමු නේද අලුත් තොරතුරු ගැන? මේ දවස්වල ‘පැකේජ්’ කියන ටෙලි නාට්‍යය සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ‘ගමනේ යා’ කියන නිර්මාණයෙත්් වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව ඉතින් සුපුරුදු වේදිකා නාට්‍ය පුහුණුවීම් සහ වේදිකාගත වීම් එක්ක තමයි කාලය ගතවෙන්නේ. මේ දවස්වල එයාලත් මනෝරත්නයන්ගේ ‘වන ලැහැබ’  නම් අලුත්ම වේදිකා අත්දැකීමටත් සූදානම් වෙමිනුයි පසුවෙන්නේ.

ඒ කියන්නේ වැඩි තැනක් දීලා තියෙන්නේ වේදිකාවට වගේ? අනිවාර්යයෙන්ම මගේ ජීවිතේ වැඩි ඉඩක් නිරායාසයෙන්ම වේදිකාවට යොමු වෙලයි තියෙන්නේ. එහි අතිශය සතුටට පත්වුණු අවස්ථාවක් තමයි ගෙවී ගිය සතිය පුරාවටම ගතවුණේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේදී පහුගිය 17 වනදා සිට පුරා සතියක් වේදිකා නාට්‍ය එකතුවක් රස විඳින්න අවස්ථාව ලබා දීලා තිබුණා. මමත් දින හතරක්ම මහන්සි නොබලා ඒත් එක්ක සම්බන්ධ වුණා. ඒ සතුට ගැන කියන්න වචන එකතු කර ගැනීමත් අපහසුයි. ඒ ලද ප්‍රතිචාර මාව අපමණ සතුටට පත්කළා කීවොත් නිවැරදියි.

ඔහොම එක දිගටම වේදිකාවේ රඟපානකොට මහන්සියක් දැනෙන්නේ නැද්ද? වේදිකාව කියන්නේ මම මාවම විඳින තැන. ඉතින් වේදිකාව මට කොහෙත්ම වෙහෙසක් ‍නෙවෙයි. අවසන් දවස මට මහන්සි වෙනවා ‍නෙවෙයි  අලුත් වීමයි වේදිකාව තුළ දී මට සිද්ධ වෙන්නේ.

කොහොමද ඔහොම දවසින් දවස එක  එක චරිතයට පණ දෙන්නේ. ඒක තමයි පුහුණුව. ඒ පුහුණුව නිසා චරිතයක් දවසින් දවස මාරු වුණා සහ විවිධ වුණා කියලා අපහසුතාවක් නෑ.  ලෝකේ තියෙන අමාරුම රැකියා දහයෙන් එකක් මේ රඟපෑම කියන්නේ. නමුත් හොඳ පුහුණුවක් සහ අවබෝධයක් ඒ වගේම හොඳ පෙර අත්දැකීම්වලින් සමන්විත වූවෙකුට  රංගනය කොහෙත්ම අභියෝගයක් වෙන්නේ නෑ.

එතකොට කලාවේ ඔබ වැඩි තෘප්තියක් ලබන්නේ වේදිකාව තුළින් ද ? වේදිකාව, ටෙලි නට්‍ය, සිනමාව කියන්නේ මාධ්‍ය තුනක්. මේ මාධ්‍ය තුනෙන් ලැබෙන තෘප්තිය ආකාර 03ක්, නමුත් මම අවුරුදු 20ක් පුරාවට ලොකු මහත් වෙන්නේ, දවසින් දවස ඉදිරියට යන්නේ වේදිකාව උඩ. ඉතින් මම හිතන්නේ මට මා නොවී රඟපාන්න ලැබෙන එකම තැන තමයි  වේදිකාව. ඒ ගැන තියෙන ගෞරවනීය ආදරය කොහොමත් අනිත් මාධ්‍ය දෙකට සාපේක්ෂව තරමක් වැඩියි.  නමුත් මම ටෙලිනාට්‍ය හා සිනමාවටත් ඒ වගේම ආදරය හා ගෞරවය දක්වනවා.

ඒත් ඔබට සිනමාවේ දිගු ගමනක් යන්න තවම බැරිවෙලා තියෙනවා.? හොඳ නිර්මාණ බිහිවෙන්නේ අතලොස්සයි. ඒ කාරණයත් මේ ප්‍රශ්නෙට එක හේතුවක්. ඒ වගේම මම දකිනවා මාදිනි මල්වත්තගේ කියන සිනමා නිළියගෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරු මෙරට සිනමාවට තවම වැඩක් අරන් නෑ කියලා.

ඔබ චරිත තේරීම නිසා එහෙම වෙලා කියලා හිතන්න බැරි ද? අපේ රටේ කෙනෙක්ව එක චරිතයකින් දැක්කොත් සහ ඉන් සාර්ථක වුණොත් දිගටම ඔහුට හෝ ඇයට සිද්ධ වෙනවා ඒ චරිතයටම කොටුවෙලා ඉන්න. එතැනදී අපි තීරණයක් අරන් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. අද සිනමාවේ ඉන්නේ හරි අතලොස්සයි. ඔවුන්ම මාරු වෙවී රඟපාන ආකාරයක් තමයි මම නම් දකින්නේ. සමහරවිට සිනමාව තුළ මාදිනි නොමැතිවීම වෙන කිසිම හේතුවක් ‍නෙවෙයි. මගේ අවාසනාව වෙන්නත් පුළුවන්.

මතකද කී පාරක් වේදිකාවට ගොඩවෙලා තියෙනව ද කියලා? විසි අවුරුද්දක් මාව ගොඩනගපු තැනට ඒ විසි අවුරුද්ද පුරාවටම මම ගොඩවෙලා තියෙනවා. ගණනින් මෙච්චරයි කියලා කියන්න බැරි තරමට වේදිකාව කියන්නේ ජීවිතේම කොටසක් බව නොකියාම බෑ.

ඔබට ලැබෙන රසික ප්‍රතිචාර සහ ආදරයත් සුවිශේෂී ඇති? ඒ අතින් නම් මම හරිම  වාසනාවන්තයි. මොකද  අසීමිත ප්‍රේක්ෂක ආදරයක් හා ගෞරවයක් මට ලැබෙනවා.  ඒක රූපවාහිනිය හෝ සිනමාව හරහා දකිනවට  විඳිනවට වඩා මම විඳින්නේ වේදිකාව තුළ. ප්‍රේක්ෂක පිරිසගේ් සජීවි ආදරය ඒ මොහොතේම විඳින්නන් ලබන්නන්  පිනක් තියෙන්න ඕනි.

ඒත් අද  වේදිකාවට තියෙන්නේ අඩු පිළිගැනීමක් නේද? වේදිකාවට ලැබෙන සැලකිලි තමයි අඩු. ටෙලි හෝ සිනමා සම්මාන රාත්‍රියකට ලැබෙන උත්කර්ෂවත් බව කොයි වේදිකාවට  ද ලැබෙන්නේ. ඒකම තමයි මෙහි කඩාවැටීමට මුල්වෙලා තියෙන්නේ.  අන්න ඒ අඩු පිළිගැනීම හැරුණුකොට කලා මාධ්‍ය අතරින් උසස්ම තැන වේදිකාව බවට විවාදයක් නෑ.

ඔබ කලාවෙන් ඉදිරියට යනකොට පවුල් ජීවිතේ මඟහැරීම් වෙනවා ඇතිනේද? නෑ. ඇත්තටම එහෙම වෙන්නෙ නෑ. මොකද අපි හිටි හැටියේම රඟපාන්න යනවා ‍නෙවෙයි නේ. කලින් කරන ලද සැලසුමකට අනුවයි  අපි වැඩ කරන්නේ. ඉතින් එහෙම සැලසුම් යටතේ වැඩ කරනකොට මඟහැරීම් සිද්ධ වෙන්නෙම නැති තරම්. හැබැයි ඉතිං පුතා නම් නිතරම දැන් මේ වැඩ වැඩිකම ගැන කියවනවා.

අම්මට ගෙදර නතර වෙන්න කියලද පුතා කියන්නේ? අපේ පුතා කොළඹ නාලන්දාවේ මේ වෙනකොට  10 වසරේ තමයි අධ්‍යාපනය ලබන්නේ.  ලබන වසර එයාට සුවිශේෂයි. මොකද පුතා සාමාන්‍ය පෙළ ලියනවා. ඉතින් එයා කියනවා අම්මා ගෙදර හිටියොත් ඒක මට ලොකු උදව්වක් වෙයිලු. ඇත්තටම ඒක එහෙම නම් තමයි. නමුත් මේ පවතින රටාව එක්ක ඉන් මිදෙන්න ගියොත් අපි එක අතකින් කඩා වැටෙනවා. හැමෝම වගේ ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන්න ඕනි අපිත්.

සැමියගෙන් ඒ සහයෝගය ඔබට ලැබෙනවා ඇති. අනිවාර්යයෙන්ම ඔහු තමයි මට මේ මගේ ගමන යන්න අවශ්‍ය පාර හදලා නිදහස දීලා තියෙන්නේ.  පුතාගේ වැඩවලදිත් මගේ වැඩවලදීත් මහත්තයාගේ සහයෝගය නම් කොහෙත්ම සුළුපටු සහයෝගයක් නම් ‍නෙවෙයි.

ඔහු ඔබේ රංගනයන් විනිශ්චය කරනවා ඇති. ගොඩක් වෙලාවට චරිතයක් දැක්කම එහි අගය කිරීම් වගේම අඩුපාඩු පෙන්වාදීමත් ඔහුගෙන් සිද්ධ වෙනවා. එහෙම බලනකොට ඔහු සැමියෙක් විතරක්ම ‍නෙවෙයි. මගේ හොඳම සහ ළඟම විචාරකයා වෙන්නෙත් ඔහු.

පුතා අම්මයි තාත්තයි වගේ කලාවට ලැදියිද? පුතා කලාවට ගොඩක් සම්බන්ධයි. ඔහු මම  වගේම සංගීතයට ගොඩක් ප්‍රියයි. වේදිකාව, ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම්, සංගීතය කියන හැම කලාවක්ම ඔහුත් ස්පර්ශ කරනවා.

මාදිනි මල්වත්තගේ කියන්නේ කාගේ හෝ අනුකරණයක් ද? කොහෙත්ම නෑ. මම කාවවත් අනුගමනය හෝ අනුකරණය කිරීමට යන්නේ නෑ. ඒ වගේම මාව අනුකරණය කිරීමත් මම නම් අනුමත කරන්නේ නෑ. පුංචි කා‍ලේ ඉඳන් මම ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියව ප්‍රිය කළා. ඒ හැරුණු කොට අනුකරණ හෝ අනුගමනයක් නම් මගෙන් සිද්ධ වෙන්නේ නෑ. මාදිනියගේ  දීර්ඝ කතාබහෙන් අනතුරුව අපි හැරුණේ කීර්ති රත්නායකගේ දිහාවට.

නිර්මාණ කාර්යයෙන් ඔබ ගිලිහිලා ද? මේ දවස්වල ක්ෂේත්‍ර නිර්මාණ හරහා මම රංගනයේ යෙදෙනවා. ඒ එක්ක ටෙලි නිර්මාණ දෙකක මම රඟපානවා.  ඉතින් ගිලිහිලා කියන්න බෑ නේද එතකොට.

ඒත් දැන් වැඩිය දකින්න ලැබෙන්නෙ නෑනේ. ඔය අපේ රටේ ජනප්‍රිය යැයි කියන නාළිකා තුළින් මාව දකින්න නොලැබිම වෙන්න ඇති ඒ නොදැක සිටීමට හේතුව. නැත්නම් මමත් රඟපානවා. හැබැයි ඒ නාළිකා, ජනප්‍රිය මදි.

ඔබ වේදිකාවට ගොඩවුණේ නැද්ද? කාලෙකින් සම්බන්ධ වෙන්න නම් බැරි වුණා.  මේ දවස්වල අපි අලුත් වේදිකාගත කිරීමක් සඳහා නිරත වෙමිනුයි පසුවෙන්නේ.

අලුත් නිර්මාණයක් එහෙම කළේ නැද්ද? අපේ චිත්‍රපටය දැන් එහි වැඩ අවසන් අදියරේ කෙරීගෙන යනවා. ඉක්මනින්ම එය රසවිඳින්න අවස්ථාව ලැබෙයි.

මාදිනි මල්වත්තගේ  ඔබේ බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ? සාමාන්‍ය පිරිමියෙක් ගැහැනියක්ව බිරිඳක් විදිහට තෝරාගන්නවාට වඩා එහා ගිය දෙයක්, ඇය මගේ බිරිඳ වීම තුළ තියෙනවා.  මම බැන්දේ නිළියක් ‍නෙවෙයි. නමුත් ඇය නිළියක්. ඒකත් සාමාන්‍ය නිළියකට එහා  ගිය වටිනාකමක් සහිත අයෙක්වීම මටත් ආඩම්බරයක්.

ඇය ගැන යම් විනිශ්චයක් කරන්න කීවොත්? නළු නිළි කියන්ගේ නළියන කියන අදහසනේ. නමුත් ඇයට තියෙන්නේ නළියන බවක් ‍නෙවෙයි නළවන බවක්. කලාවේ උතුම් මව් ගුණය ඇයට තියෙනවා. එතැනදී ඇය සාමාන්‍ය කෙනකුට ළං විය නොහැකි මට්ටමට  සෑහෙන ඉදිරියෙන් සිටින වෘත්තීය රංගන ශිල්පිනියක්. නමුත් මේ ඇගේ උපරිමය ‍නෙවෙයි. සැමියා විදිහට මම දන්නවා තවම ඇය නොකරපු චරිත බොහෝයි.

හැමෝම කියනවා කලාව කඩා වැටිලා කියලා ඔබත් කියන්නේ එහෙම ද? ඉස්සර බල්ලෙක් මැරුණම මිනිස්සු පවා එකතුවුණා. නමුත් අද මිනිහෙක් මැරුණම බල්ලෙක්වත් නෑ. ඇත්ත ඒ තත්ත්වය උඩ මටත් ලොව ගැන තියෙන්නේ අසීමිත වේදනාවක්. මෙහෙයවන අදෘශ්‍යමාන බලවේගවල ක්‍රියාවන් තමයි අද දකින්න ලැබෙන්නේ.

ජීවිතේ අතපසුවීම් වෙලා නැද්ද? සැලසුම් සහගතව ජීවිතේට මුහුණ දෙනවා නම් කොහොමද අතපසුවීම් සිද්ධවෙන්නේ. ජීවිතේ දිනපු කාටවත් අතිරේක කාල ලැබිලා නෑනේ.  ඉතින් අපිට ලැබෙන්නෙත් නැහැ. මේ ලැබිලා තියෙන කාලයෙන් සැලසුම් සහගතව වැඩ කළොත් අතපසුවීම් සිද්ධ වෙන්නේ නෑ.

කලාවම ප්‍රමාණවත් ද ජීවත් වෙන්න? කලාව නම් ප්‍රමාණවත්. නමුත් ලැබෙන මිල තමයි ප්‍රමාණවත් නොවෙන්නේ. ඒක හැමෝටම තියෙන ගැටලුවක්.

ඔබ කලාවේ නිහඬ චරිතයක් වෙනකොට ජනප්‍රියත්වය අඩුවෙයි නේද? ජනප්‍රියත්වය හරි සාපේක්ෂ දෙයක්නේ. ඉස්සර කීර්තිගේ වයිෆ් හැටියටයි මාදිනිව හැඳින්වූවේ. දැන් මාව හඳුන්වන්නේ මාදිනිගේ හස්බන්ඩ් කියලා.  ඉතින් ඒක තමයි ජනප්‍රියත්වය. කොහොමත් මම ඇගේ ඉදිරි ගමනට  මට හැකි උපරිම සහයෝගය දක්වලා ඇගෙන් මඟහැරෙන යම් දෙයක් තියෙනවා නම් හොයලා බැලීමයි සිදු කරන්නේ.

නඳුනි ආරියවංශ

2018-10-07

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් ලැබුණු සම්මානය

සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත

ඇත්තටම රෝහිත ටට්යානව මුලින්ම හමුවුණ හැටි / රෝහිත - ටට්යානා ආදර කතාව

රෝහිත - ටට්යානා යුවළ ඇත්තටම කවුරු අතරත් ජනපි‍්‍රය ආදරවන්තයින් යුවළක් හැමෝම මේ ආදරණීය යුවළ ගැන දන්නවා වුණත් මේ ආදර කතාව ආරම්භ වෙන්නේ

අඩ නිරුවත් දර්ශන සහිත නිර්මාණ මම ප්‍රතික්ෂේප කරනවා

 රූපවාහිනි වෙළෙඳ දැන්විම් හා ගීත රූප රචනා බොහෝමයක් සදහා දායක වී ඇති තරූෂි සෙනෙවීරත්න සමගින් අපි අද තරු කතා බහ මෙළෙස ඇරඹුවෙමු. නිරූපණයට

ජනප්‍රිය වෙන්න ඕන කියලා බාගේට ඇඳුම් ඇඳගෙන කවදාවත් මම පෙනී ඉඳලා නැහැ

වෘත්තීය මට්ටමේ නිරූපිකාවක ලෙස කටයුතු කරන නතාෂා රණසිංහ සමගින් අපි කතාබහ ඇරඹුවෙමු. ජනප්‍රිය වූ ගීත රූප රචනා මෙන්ම, වෙළෙඳ දැන්වීම් රැසකද

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements