Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

මම.. එජාපය සමඟ එක්වන බවට පළවන කටකතා අසත්‍යයි

තමා එක්සත් ජාතික පක්ෂයේ අයත් සමග එකතුවන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවස

අපිව කුණු කූඩයට දැම්මා - 2030 වෙනකම් රට පාලනය කරනවා.

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් ඒත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැමුව බවත් එක්සත් ජාතික පක්ෂයේ.. උප නායක රවී

මහින්දට අපි සහය දුන්නේ යළිත් එජාපයට එක්වීමට නොවේ

තමන් සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු අශෝක ප්‍රියන්ත මහතා කිසිදුම ලෙසකින් නැවත එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බව මහනුවර දිස්ත්‍රි

විපක්ෂ නායක ධුරය.. සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයක් සතුටින් භාර ගන්නවා - සම්පන්දන්

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටින් භාර ගන්නා බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක... ආර්. සම්පන්දන් මහතා

කැබිනට් මණ්ඩලය ජනාධිපති හා අගමැති සාකච්ඡාවෙන් පසුවයි

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡාවක් කර කැබිනට් මණ්ඩලය පත්කරනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ

සමන් ඒකනායක නැවත අගමැති ලේකම් ලෙස පත්කරයි

හිටපු අගමැති ලේකම් ගරු සමන් ඒකනායක මහතා යළිත් අගමැති ලේකම් ලෙස පත්කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කට යුතු කර තිබේ... රනිල් වික්‍රමසිංහ

යූටියුබ් නාලිකා මිලියන 1.67ක්ම ඉවත් කිරීමේ තීරණයක්

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ ප්‍රසිද්ධ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබේ. පුද්ගල තොරතුරු අනවසරයෙන්ම

උතුරේ. හිටපු LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගුණ සැමරේ

එල්ටීටීඊ සංවිධානය සක්‍රීයව පැවති සමයේ එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය වරයා ලෙස කටයුතු කල ඇන්ටන් බාලසිංහම්ගේ 12ස් වන ගුණ සැමරුම යාපනය සරසවි

නව අගමැති රනිල්ට නාමල්ගෙන් සුබ පැතුම් - විස්තර මෙන්න

නව අග්‍රාමාත්‍ය ලෙස පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. නාමල් සිය

නව ආණ්ඩුවට.. එක් නොවන බව නිදහස් සන්ධානය දැඩිව කියයි - එජාපෙයෙන් ආපු පිරිසත් රනිල්ට සහය නොදක්වයි.

අලුත් ආණ්ඩුවට එක් නොවී සිටීමට එක්සත් ජනතා නිදහස් සංධාන අය තීරණය කර ඇති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මේ

ශර්මිලා ගෝනවෙලගේ පෙත්සම විභාගයට ගත්තොත් රනිල්ට මන්ත‍්‍රී ධුරය අහිමි වෙයිද

රටෙහි ජනතාවට මේ දිනවල දී වැඩිපුරම අසන්නට ලැබෙන වචන අතුරින් ක්වෝ වොරන්ටෝ හා අතුරු තහනම් නියෝග අතිශය ජනප‍්‍රියම වචන දෙකක් යනුවෙන්

රනිල් වික්‍රමසිංහට.. අගමැති ධූරය දෙන්න ජනපති එකඟ වුණා

පාලකයෝ වන අපිත් දුෂ්කර ක්‍රියා කරන්න බලා පොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි අතිගරු ජනපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමග අත්වැල් බැදගෙන

පස්වැනි අගමැතිතුමා ලෙස රනිල් ඉරිදා දිවුරුම් දෙයි - මුදල් ඇමැති ධූරය රවීට - විස්තර මෙන්න

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් අග්‍රාමාත්‍යධූරේ යළි දිවුරුම් දීමට නියමිතව තිබෙයි. ඒ අනුව හෙට දිනයේදී ඔහු නැවතත් අග්‍රාමාත්‍ය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව රැකගැනීමේ සත්‍යග්‍රහය අවසන්

සිවිල් සංවිධාන සහා වෘත්තීය සමිති එක මුතුව දින 24ක් පුරා සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය ඊයේ (14) පස්වරුවේ

ජනපති මෛත්‍රි සහා මහින්ද අතර තීරණාත්මක හමුවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින නියෝජිතයින් අතර සාකච්ඡාවක්

ජනතාව.. අපි සමඟ සිටිනවා. ජන බලය ඇත්තේ මහින්ද රාජපක්‍ෂට

ජනමතය තිබෙන්නේ කාටද කියා ඉදිරියේ දී ජනතාවගේ තීන්දුවක් ලබාදෙන තෙක් අපේ සටන දියත් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තු වේදී ප්‍රජාත්‍රන්තවාදය සහා ජනතා

ශ්‍රේෂ්ඨාධිකරණෙ මතය විමසන්න මැතිවරණ කොමිසමත් සූදානමක

ඉදිරි දෙවසර තුළ දී මෙරට ඡන්ද විමසිම් 03ක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවක් මැතිවරණ කොමිසමේ සභාපති ගරු මහින්ද දේශපි‍්‍රය පවසනවා. හම්බන්තොට

මේ නාඩගම පටන් අරන් දැන් සති හයක් වෙනවා - සජිත් කියයි

එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයා සමග එක්ව අත්වැල්බැදන් යළිත් නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍

පොහොට්ටු සාමාජිකත්වය ගන්න ප්‍රමාණය දැන් වැඩිවෙලා

ජනතාව ස්වච්ඡාවෙන් ඉදිරිපත් වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම මේ දිනවල වැඩි වී තිබෙන අතර එය පසුගිය නොවැම්බර් මාසයේ පම

තීන්දුව... රනිල්ගේ හෝ එජාපයේ ජයග්‍රහණයක් නොවේ - හිරුණිකා

ඇත්තටම මේ තීන්දුව රනිල් වික්‍රමසිංහගේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයක් නොවේ. මේ තීන්දුව රටේ සෑම දෙනාගේම ජයග්‍රහණයක්. ඒකට හේතුව තමා

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
අවුරුදු 13කට පස්සෙයි ලංකාවට අවේ. අපහු යන් නෑ - රූකාන්ත
GossipClanka.com

එක්තරා කාලයක දී අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් බවට පත්වූයේය. ඔහු එදා හඳුන්වාදුන් සංගීත ශෛලිය ගීත ශෛලිය අදත් තරුණ පරපුර

 

අතර ජනප‍්‍රියයි. අපේ සංගීත ක්ෂේත‍්‍රයේ මුදුන් මල්කඩ බඳු වූ අප හැරගිය පණ්ඩිත් අමරදේවයන් වරෙක ප‍්‍රසිද්ධියේම ‘රූකාන්ත” මනකාන්ත” ජනකාන්ත” චතුර. ගායන ශිල්පියා යනුවෙන් රූකාන්තව හැඳින්වුවා. මේ කතාබහ ඒ ජනකාන්ත ගායක රූකාන්ත සමඟය.

* රූකාන්ත කවදාද ලංකාවට ආවේ? ලංකාවට ආවේ අගෝස්තු හත්වැනිදා.

* හදිසියේම ලංකාවට එන්න තීරණය කළේ ඇයි? හදිසියක් නැහැ. අපේ දිගුකාලීන සැලසුමේ මේ අදහස තිබුණා. නමුත් අපි දෙසැම්බර් මාසයේ තමයි එන්න හිතාගෙන හිටියේ. ඒක ඉක්මන් වුණා චන්ද්‍රලේඛාගේ අම්මා අසනීප වුණ හින්දා. ඇයව අපි හිතපු නැති විදියට රෝගාතුර වෙන්න පටන්ගත්තා. ඉතිං අපි හිතුවා ඇයට කරදරයක් වුණොත් ඊට පස්සේ ඇවිත් වැඩක් නෑ. මොකද ඇය තමයි අපේ දරුවෝ දෙන්නම අපි නැති වෙලාවට බලාගත්තේ. අනික වින්ඩිගේ ග‍්‍රැජුවේෂන් අවසන් වුණා. වින්ඩිත් කරදර කරනවා අපි ඉක්මනට ලංකාවට යමු කියලා. ඒ අනුව අපි ගමන ඉක්මන් කළා.

* මේ පාර ලංකාවට ආවේ නවතින්නම බලාගෙන කියලයි ආරංචිය? ඔව්. අපි අවුරුදු දහතුනක් ස්ථිරව ලංකාවේ හිටියේ නෑ. කිහිප වරක් ඇවිත් ගියා. ඉතිං අපිට හිතුනා මොනවා හරි වැඩ ටිකක් කරන්න ඕනෑ කියලා. ඒක හින්දා අපි ඉක්මනට ආවා. දැන් අපි වැඩ පටන් අරගෙන තියෙන්නේ.

* මෙදා සැරේ ලංකාවට ආවට පස්සේ ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද? ගොඩක් ප‍්‍රතිචාර ලැබුණා. හොඳයි නරකයි දෙකම මට හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට ලැබුණේ ගොඩක් හොඳ ප‍්‍රතිචාර.


* ‘රූ සඳ ?. ප‍්‍රසංගය ආපහු රට වටා ගෙනියන්න අදහසක් තියෙනවාද? අනිවාර්යයෙන්ම. ‘රූ සඳ ?. අපි 1993 අවුරුද්දේ ඉඳන් ප‍්‍රසංග දෙසීයකට අධික ප‍්‍රමාණයක් කරලා තියෙනවා. මේ අවුරුද්දේම පටන්ගන්න කියලා අපිට ඉල්ලූමක් ආවා. අපි ඒකට කැමති වුණේ නෑ. මක්නිසාද ඒකට ගීතවල සූදානම මදි. ඇත්තටම ගීත ගොඩක් තියෙනවා ගායනා කරන්න පුළුවන්. නමුත් අපට අලූත් දෙයක් කිරීම සඳහා කාලය මදි කියලා හිතුනා.

* රූකාන්ත අලූත් දෙයක් සෑහෙන කාලෙකින් කළේ නෑ නේද? සෑහෙන කාලයකින් අලූත් දෙයක් කළේ නැහැ. අලූත් දෙයක් කියන්නේ මෙහෙමයි. සිංදුවක් දාන එකම නෙමෙයි අලූත් දෙයක් කියන්නේ ඊයේ පෙරේදාත් මම සිංදුවක් රිලීස් කළා. ඒකේ නම ‘විල්තෙරේ' කියලා. මම හිතන්නේ තවම ගුවන්විදුලියේ වාදනය වෙන්නේ නෑ. නමුත් සිංදුවක් දැමීම පමණක් නෙවෙයි අලූත් දෙයක් කියන්නේ. අලූත් දෙයක් කියන්නේ අලූත් දෙයකට. ලංකාව වගේ තැනක අලූත් වෙන්න හරිම අමාරුයි.

මෙහෙමයි” බඹර පහස සින්දු සෙට් එක ආපු වෙලාවේ ඔක්කොමලා ඒක හරි කිව්වේ නැහැ. අනික අපි කොහොමත් වැරැද්ද භාරගන්න එපායැ.

x හැබැයි රූකාන්ත ලංකාව ඇතුළේ අලූත් දෙයක් කළා කියලයි මිනිස්සු කියන්නේ? ඔව්. එහෙම දෙයක් තියෙනවා. ඒක මගේ ඇඟ ඇතුළේ පුංචි කාලේ ඉඳන් තියෙන දෙයක්. මම ඒක මගේ දක්‍ෂතාවක් කියලා හිතන්නේ නෑ. අනෙක් අයට ඒක එහෙම පේනවා වෙන්න පුළුවන්. නමුත් ඒ මගේ හැටි. මට හැම වෙලාවෙම අලූත් දෙයක් ඕනෑ. අලූත් කියන්නේ ඒක ඇතුළේ මොකක් හරි අමුත්තක් තියෙන්න ඕන. එහෙම නැති නම් ඒක හරියන්නේ නෑ.

x 80” 90 දශකවල සංගීතයේ හැරවුම් ලක්‍ෂ්‍යය රූකාන්ත ගුණතිලක කියලත් කියනවා. මොකද ඒ ගැන කියන්නේ? ඔව් ඉතිං එහෙම කියනවා. අද වෙනකොට ඒ කතාව යම්කිසි ප‍්‍රමාණයකට වෙනස්වෙලා තියෙනවා. එතැනින් එහාට ඒක වෙනස් කරන්න හරි අමාරුයි. ඉස්සරහට මොනවාද කරන්න පුළුවන් කියලා බලමු.

x මෙදා සැරේ ලංකාවට ආවට පස්සේ මොනවාද කරන්න හිතාගෙන ඉන්නේ? සැලසුම් ගොඩක් තියෙනවා. ‘රූ සඳ ?. ප‍්‍රසංගයේ නම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකේ නම ටිකක් වෙනස් කරන්න හරිම අමාරුයි. මොකද ඒ හා සමානව නමක් යළි හැදෙන්න එපායැ. ඉතිං ඒකත් උත්සාහ කර බලනවා. මගේ දුවල දෙන්නට සින්දු හදන්න තියනවා. බිරිඳ චන්ද්‍රලේඛාට සින්දු හදන්න තියෙනවා. ඇයට කාලෙකින් හොඳ නිර්මාණ හම්බ වුණේ නෑ. ඉතිං” වැඩ රාශියක් කරන්න තියෙනවා. මම ඇමෙරිකාවේ ඉන්නකොට කරපු වැඩ ටිකක් තියෙනවා කරන්න.

x රූකාන්ත දැන් දිගටම ලංකාවේ වැඩද? ආයෙත් දිගටම වැඩ” දැන් ඉතිං ලෝකය පුංචියිනේ මොකක් හරි අවශ්‍යතාවක් වුණොත් යන්න පුළුවන්” එන්න පුළුවන්.

x පසුගිය කාලේ ඔබ දිගටම ලංකාවේ නැති එක අපරාධයක් කියලා හිතුනේ නැද්ද? ප‍්‍රසංගයකට මාව සම්බන්ධ කරගන්න කතා කරන්න පුළුවන්කමක් නැහැනේ. ඒක හින්දා ඒ අඩුව දැනෙන්න ඇති ඒකට කරන්න දෙයක් නෑ. මගේ පවුල වෙනුවෙන් මම ඒ තීරණය ගත්තේ. මම මෙහේ හිටියා නම් මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න බැරිවෙන කාරණා ගොඩක් තිබුණා. විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වෙන අවස්ථා ගොඩක් තිබුණා. ඒක හින්දා තමයි මම ඒ වගේ තීරණයක් ගත්තේ. ඒකට මම විතරක් නෙමෙයි චන්ද්‍රලේඛාත් ඇගේ වැඩකටයුතු කැප කළා.

x දැන් වින්ඩිගේ අධ්‍යාපන කටයුතු අවසන්? ඔව්. දැන් වින්ඩිගේ අධ්‍යාපන කටයුතු අවසන්. එයාට ඕන නම් එතැනින් එහාට ඉගෙනගන්න. පුළුවන් එයා තීරණයක් ගත්තා එතැනින් එහාට ඉගෙනගන්නේ නෑ කියලා. එයාගේ කොලේජ් එකේ ඇසෝසියේට් උපාධිය ගත්තා. එයාම තීරණය කළා ඉක්මනට ලංකාවට යමු කියලා. අපිව ලංකාවට ඇදගෙන එන්න මූලික වුණේ වින්ඩි.

x වින්ඩි ලංකාවට එන්න විශේෂ හේතුවක් තියෙනවා නේද? ඔව්. ඉතිං ඒ ගොල්ලන්ගේ සම්බන්ධතා අනුව ඒ ගොල්ලන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා හැබැයි මෙහෙම එකක් තියනවා රයිනි” වින්ඩි කොහොමටත් ලංකාවට ආදරෙයි අපි වගේම. වින්ඩි ඉපදුනෙත් ඇමෙරිකාවේ. වින්ඩි ඇමෙරිකාවේ පුරවැසියෙක්.

x රටම කතාවෙන තරුණයෙක් ළඟ වින්ඩිගේ හිත නතර වෙලා කියලත් හැමෝම කියනවා? මම ආදරයට අකුල් හෙළන චරිතයක් නෙවෙයි. පුද්ගලයා අනුව ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

ඇගේ වර්තමාන සම්බන්ධය ගැන මම දන්නවා. ඒකට මගේ කිසිම අකමැත්තක් නෑ. x සනුක කියන්නෙත් තරුණ්‍යයේ හැරවුම් ලක්‍ෂ්‍යයක්. රූකාන්තත් ඒ වගේ චරිතයක්. දෙන්න එකතු වෙලා ලොකු වැඩක් කරන්න අදහසක් නැතිද?

මටයි සනුකටයි ලොකු වැඩක් කරන්න පුළුවන්. සනුක ඉතාමත් දක්‍ෂයි. මුල් යුගයේ ඉඳන් සනුකගේ පියා මට ගොඩක් ආදරෙයි. මට විරුද්ධව ගුවන්විදුලියේ කතා කළොත් ආපහු ගුවන්විදුලියට කතා කරලා ඒ කෙනත් එක්ක ඔහු විවාද කරනවා. සනුකගේ තාත්තත් ඉතාම දක්‍ෂ සංගීතඥයෙක්. සනුකත් ඒ වගේ. ඒ කාලේ සී. ඞී. තිබුණේ නෑ. මගේ බඹර පහස කැසට් එකේ සින්දු තුනකට බේස් ගිටාර් ගැහැව්වේ සංගීත් මල්ලි.

x සින්දු තුන මතකද? ඔව්. රේණු රේණු මල් මිටේ රේණු” සඳේ ඔබ” ළඳේ මුලා වී ගීත තුනයි.

x ඒ කියන්නේ සනුකගේ තාත්තත් හොඳ මිත‍්‍රයෙක්? නිතර හම්බ නොවුණත් ආශ‍්‍රය නොකළත් අපි අතරේ ලොකු බැඳීමක් තිබුණා. පසුව වින්ඩිගෙයි සනුකගෙයි සම්බන්ධතාවට මගේ ආශිර්වාදය ලබාදුන්නා. සනුක කියන්නේ විනයගරුක දරුවෙක්.

x රූකාන්ත ගැන කතා කරනකොට බඹර පහස ගැන කතා නොකරම බැහැ. අපි ඒ අතීතයට යමු නේද? අතීතය හරිම සුන්දරයි. බඹර පහස කැසට් එක එළිදැක්වුණේ 1988 ඔක්තෝබර් මාසේ 31 වැනිදා. මම ඒක එළිදක්වන දවසෙත් මීගමුවේ වේදිකාවක. එතකොට මම හිටියේ කෑගල්ලේ. මම ඒ ප‍්‍රසංගයට සින්දු කියන්න ගියේ ත‍්‍රීවීලර් එකක. ඒ කාලේ මට රුපියල් හයසිය පනහක් හෝ හත්සිය පනහක් ගෙව්වා. ඒ ප‍්‍රසංගයෙන් පසුව මට තවත් ප‍්‍රසංගයක් තිබුණා. මගේ කඳුළු බිඳක් සින්දුව ලිව්ව බන්දුල ජයසිංහ කියන රචකයාගේ ප‍්‍රසංගයක්. ඔක්කොම එයා ලිව්ව සින්දු. සංගීතය සිහ ශක්ති. එතකොට කඳුළු බිඳක් අවුට් වෙලා තිබුණේ නෑ.

අනික ඔහු මට ආරාධනා කරනකොටම මම කිව්වා මම ඔයාගේ සින්දු කියලා නැහැ කියලා. නෑ ඉන්නකො පොඞ්ඩක් කියලා සින්දුවක් හදලා දුන්න. ඒ සින්දුවට තාලයක් මම එදා ?ම ගෙදර ඇවිත් දැම්මා. ඒක තමයි සෙනෙහස දෙවොලකි පුදනු හැකි ගීතය. එතකොට මගෙත් චන්ද්‍රලේඛාගෙත් ආදර සම්බන්ධයට මාස තුනයි.

x කොහොමද ඒ කාලේ ලැබුණු රසික ප‍්‍රතිචාර? මිනිස්සු එක පාරට පිළිගත්තේ නෑ. ඒකට මට මූලික ගෙවීමක් ලැබුණා. ජිප්සීස් ආයතනයෙන්. මොකද කැසට් එක නිෂ්පාදනය කළේ මමයි ලාල් පෙරේරයි. ඔවුන් ගේ ඒ කාලේ ගුවන්විදුලි වැඩසටහනක් තිබුණා. ඉතිං හැම ඉරිදාවකම මේකට පබ්ලිසිටි හම්බ වුණා. ඒ එක්කම හද බැඳි ගීවල බඹර පහස ගීතය සති හතක් තිස්සේ විකාශනය වෙනවා. මේවා මම කරපු සැලසුම් නෙවෙයි.

x කැසට් එක හොඳට විකිණෙන්න ඇති නේද? මේ මොනව තිබුණත් මිනිස්සු එක පාරටම මේක ගන්න කැමති වුණේ නෑ. ඒ කාලේ මට තිබුණේ ෆොක්ස්වැගන් වෑන් එකක්. ඔය වෑන් එකේ මගේ මිතුරෙක් එක්ක කැසට් කවර වීදුරු වටේට එල්ලගෙන මේ කැසට් එක විකුණන්න යනවා. ඔය මීගමුව පැත්තේ හැම කඩයකටම ගියා. ඒ කාලේ ගොඩක් කඩවලින් බඹර පහස කැසට් එක එපා කිව්වා. අන්තිමේ මම නිකං කැසට් එක දීලා ආවා.

ඊට පස්සේ දෙවැනි රවුම යනකොට සමහර කඩවලින් කියනවා කැසට් විසි පහක් දාලා යන්න කියපු අවස්ථාත් තියෙනවා දෙපාරයි ගියේ. ඊට පස්සේ යන්නත් බැරිවුණා.

අදටත් සමහර කඩවලින් රුපියල් අසූව හාරසියය වගේ මුදල් ගන්නත් තියෙනවා.

x බඹර පහස කැසට් එකට අමිහිරි අත්දැකීම් තිබෙන පාටයි? ඒ කාලේ මට ගොඩක් චෝදනා තිබුණා.

x මේ කැසට් පටයට ප‍්‍රවීණයන්ගෙන් චෝදනා ආවේ නැද්ද? ආවා. මේ වෙනසත් එක්කයි චෝදනා ආවේ. සමහර අය චෝදනා කළ යුතු නැහැ කියලයි මම හිතන්නේ.

x ඇයි ඒ? මොකද ඒ ගොල්ලන්ගේ ගීත සීඞී පටවලට කියලා දීලා තියෙන්නේ මම. සමහර සින්දු හැදුවෙත් මම. තනු හැදුවෙත් මම. හරියට මෙතැනට අලූතෙන් කෙනෙක් ආවා වගෙයි. මම අලූත් කෙනෙක් නෙමෙයි. මම මේ ක්ෂේත‍්‍රයට ආවේ ඉස්කෝලෙ යන කාලේ ඉඳන්. මම මෙතැනට එන්නේ 1970 අවුරුද්දේ ඉඳන්. උසස් පෙළ කළෙත් ක්ෂේත‍්‍රයට ආවට පස්සේ. සංගීතයට තියෙන ආදරය හින්දම ඒකත් කඩාකප්පල් කරගත්තා. මම උසස් පෙළ කරන්න ඉස්කෝලේ ගියේ එක අවුරුද්දයි. මම කෙළින්ම ආවේ ප‍්‍රවීණයන්ගේ ගොඩට.

x ඒ කාලේ ඔබට හමුවුණ චරිත එහෙම කියන්න පුළුවන්ද? ඒක තමයි මම ඒකට වාසනාව කියන වචනය පාවිච්චි කරන්න කැමති නෑ. ඊට වඩා මම කැමතියි දේව කැමැත්ත කියන වචනය පාවිච්චි කරන්න. මොකද වාසනාව කියලා දෙයකුත් නෑ” අවාසනාව කියල දෙයකුත් නෑ කියලයි මම හිතන්නේ. ඒක ආශිර්වාදය. තමා කරන දෙයක් නෙවෙයිනේ ඒක පිටින් ලැබෙන දෙයක්නේ. මගේ ගමනට ෂෝට් කට් එකක් වුණේ ස්ටැන්ලි පීරිස් ගුරුතුමා. පාසල් අවධියේදීම ඔහුව මුණගැසුණ හින්දයි මට මේ ගමන එන්න පුළුවන් වුණේ. මගේ පාසල් අවධියේ ඔහු හිටියේ ලංකාවේ සුපිරිම බෑන්ඞ් එකක. ඒ ෆෝර්චූන් බෑන්ඞ් එකේ. එවකට ලංකාවේ ෆෝර්චූන් බෑන්ඞ් එකේ සංගීතයට සමානව හෝ උසස් සංගීතයක් තිබුණේ නෑ. ඉතිං මම ඒ බෑන්ඞ් එකේ අවුරුදු අටේ නවයේ ඉඳන් සින්දු කියනවා. ඒ සම්බන්ධකම් තිබුණ හින්ද ස්ටැන්ලි පීරිස් මහත්මයත් එක්ක එකතුවෙලා නුවර ගැලැක්සීස් කියලා තවත් බෑන්ඞ් එකක් හැදුවා. ඔහු එතකොට ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙක්. ඔහුත් එක්ක තමයි මම කෙළින්ම ශබ්දාගාරයට ආවේ. ඒ ආපු ගමනේදී තමයි මට ඔක්කොම ආර්ටිස්ට්ලා හම්බ වුණේ. මට මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා හඳුන්වල දුන්නෙත් ස්ටැන්ලි පීරිස් මහත්මයා. ඒ ඔහුගේ ගෙදරට ගිහිං. ප‍්‍රියා සූරියසේන” නීලා වික‍්‍රමසිංහ වගේ ගොඩක් අය හම්බවෙනවා. එතකොට මට සින්දු හදන්න හම්බවෙනවා නීලා අක්කාට සින්දු අටක් කරලා තියෙනවා. මම හිතන්නේ මිල්ටන් අයියාට සින්දු හයක් හතක් හදලා ඇති. ඉක්මනට මෙතැනට ආවා කියලා මම නිකං හිටියේ නෑ. මම හිතන විදියට මමත් වේගයෙන් ගමන් කළා. මට ගායකයෙක් වෙන්න කොහෙත්ම වුවමනාවක් තිබුණේ නෑ. මට ඕනෑ වුණේ සංගීත අධ්‍යක්‍ෂවරකේ වෙන්න. සින්දු හදන්න. සිනමාවට සින්දු සපයන්න. ඒවා තමයි මගේ තිබුණ ලොකුම ආසාවල්.

x හැබැයි ඔබ මිනිස්සු අතරට යන්නේ ගායකයෙක් විදියට? ඔව් ඒක ඇත්ත. ඒක ශ‍්‍රී ලංකාවේ හැටි. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නෑ. මම කරපු නිර්මාණ බලන කට්ටියක් හිටියා. නිර්මාණකරුවෙක්ව මිනිස්සු හඳුනගන්නවා හරි අඩුයි. ගායකයාට සහ ගීතයට තමයි මිනිස්සු වැඩිපුර කැමති. ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. හැබැයි මම ඒකට ටිකක් පුදුම වුණා. හැබෑටම සින්දුවක් හැදුවා කියලා කවුරුවත් දන්නේ නෑනේ. මටනේ මේක හැදුවේ. අනේ ඉතිං මාරයි නේද. මම තමයි මේ සින්දුව ලිව්වේ. ඒත් කවුරුවත් දන්නේ නෑනේ. ඒත් සිහින් දුකක් තියෙනවා. මම හිතනවා මට ඒ දැනුන දුක අනිවාර්යයෙන්ම අද සින්දු ලියන කට්ටියට සහ සංගීතය කරන කට්ටියට ගොඩක් දැනෙනවා ඇති කියලා. මට සින්දු කියන්න පුළුවන් කියලා මම දන්නවා. ඒකයි මට විශේෂයෙන් දුකක් ආවේ. පස්සේ මට නොයෙක් නොයෙක් ප‍්‍රශ්න ආවා කිසිම දවසක අරය කැපුවා මෙයා කැපුවා කිය කියා දුක් වුණේ නැහැ.

x ඒ කාලේ ඔබේ මාර්ගයටත් බාධක තිබුණා? පැහැදිලිවම තිබුණා. කට්ටිය කටින්ම කිව්වා අපි නම් කැපුවෙ නැහැ කියලා. මම කාත් එක්කවත් තරහක් නෑ.

දිනේෂ් විතාන
ඡායාරූප - ගයාන් කරුණාරත්න

2018-09-16

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

එයා තරම් ඉවසන.. ගැහැණු ළමයි මම තවම දැකල නැහැ - ජනිත්

ජනිත්ට හා හා පුරා කියලා ආදරයක් හිතට දැනෙන්නේ ? මම 10 වසරේදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්

ඇත්තටම ඒක විවාහයක් නෙමේ. ඒක මුදු මාරු කිරීමක් විතරයි.

විවිධ කාලවලට විවිධ මාතෘකා ඔස්සේ විවිධ කතාබහ අපේ කලා ලෝකය තුළ ඇති වෙනවා. මේ දිනවල එසේ කතාබහට ලක්වන චරිතයක් ලෙසට විශ්ව පෙරේරාව

එයාගේ ෆොටෝස් නිසා තමයි මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ - මහේෂි

ක්ෂේත්‍ර ගණනාවකම නිරත වන ශිල්පිනියක් තමයි මහේෂි බණ්ඩාර කියන්නේ. මියුසික් වීඩියෝ සහා ටෙලි නාට්‍ය කිහිපයකටත් මහේෂි මේ වනවිට දායක වෙලා තිබෙන

මගේ නම හර්ෂි රසංගා. වයස 15. මම තවම පාසල් යනවා.

කතාබහ. හර්ෂි රසංගා කියන්නේ තවමත් අධ්‍යාපනය හදාරන ළමා රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා...

මගේ තාත්තා පොලිසියේ. අම්මා ගෘහණියක් - රිතූ ආකාර්ශා

රිතූ ඔබ මේ දවස්වල පේන්න නැත්තේ ඇයි? පහුගිය කාලේ මම රඟපාපු ටෙලි නාට්‍ය හතරක් විකාශය වුණා. ඒ වගේම මං හිරු මෙගා ස්ටාර් වැඩසටහනටත් සම්

මමයි.. නැටුම් පන්තියේ ළමයින්ට නටන්න වන්නම් එහෙම කිව්වේ

නිපුනි අපිට මුලින්ම ඔයාගේ පවුලේ අය විස්තර සහ ගම් පළාත ගැන කිව්වොත්..? මං කැකිරාවේ කලාකරඹවැව කියන ගමේ තමයි ඉපදුණේ... මගේ පවුලේ ඉන්නෙ

ප්‍රවීණ කලාකරු W ජයසිරි මහතා ජනපති අතින් සම්මාන ගැනීමට බැහැ කියයි - හේතුව මෙන්න

කලාභූෂණ සම්මාන උළළේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් තමන් සම්මාන ලබා ගැනීමට අකමැති හෙයින් තමන් ඒම උත්සවයට ඒක්නොවන බවයි

ජනප්‍රිය.. ගීත රැසක් ගායනා කරපු උපාලි කන්නන්ගර සමු ගනී

මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පියෙකු වූ උපාලි කන්නන්ගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 67 වැනි වියේ පසුවිය. දැනට දින කිහිපයක සිට

පානදුරේ තියෙන නිවෙස තුළ මේ දවස්වල කරන දේ සංගීතා කියයි

කොහොමද සංගීතා... කාලයකට පස්සෙයි ඝරසරප චිත්‍රපටයෙන් අපට පේන්න හිටියේ..? ඔව් නේ ඝරසරප චිත්‍රපටෙන් මාව දැක්කේ අවුරුදු හතකට පස්සේ. කාලයක

උපේක්කා නිර්මාණි මව් පදවියේදී විඳපු අත්දැකීම හැමෝටම කියයි

උපේකා නිර්මාණී යනු කාගෙත් ආදරය දිනාගත් ගායිකාවක්.  ඉතින් උපේකායි ඇයගේ සැමියා තිළිණයි විවාහ වුණේ මේ වසරේ මුල්කාලයේදීයි. ඉතිං මේ දෙන්න

මම සාපෙළ යන්තම් ගොඩ ගිහින් උසස් පෙළ එකවරම සමත් වුණා

මෙවර හදට දැනෙන ප්‍රශ්න දහයට පිළිතුරු දෙන්නේ වත්මන් පරපුරේ දක්ෂතම චරිතාංග රංගන ශිල්පියකු වන මංජුල මොරගහ. දූවිලි අහස, රාජයෝගය හා අපේ

රියැලිටි වැඩසටහන් මට.. විශ්වාස කරන්න බෑ - හැමදාමත් නට නට ඉඳලත් බෑ - නිරෝෂා තලගල

කෝටිපතියෝ නාට්‍ය හි 'අරුණි' නම කියූ සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමට අරුණිට අපි ආදරය කරන රසික රසිකාවියන්

මිෂෙල්ට ජාත්‍යන්තර සම්මානයක් - සම්මානය ලැබුණු හේතුව කියයි

මේ දිනවල දී තිරගත වෙන පූරි ක‍්‍රයිම් සීන් ටෙලිනාට්‍ය වගේම කන්තෝරු මෝරු තුළින් ඔබගේ නිවහනේ ආලින්දයට ගොඩවෙන මිෂෙල් දිල්හාරා එහෙමත් නොමැ

මට වඩා මෙයාට සල්ලි තියෙනවා - සුජාතා ඉපදුණේ 1993 - මමත් තරුණයි - කරවල කඩේ වැහැව්වා

ජයසේකර අපෝන්සු යනු වසර ගණනාවක් පුරා වේදිකාව, පුංචි තිරය, සිනමාව තුළ රැඳී සිටි දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ රංග නයට ආදරය කළ පිරිස බොහො

දේශපාලනයට ආවා කියලා... මට රඟපාන්න තහනමක් නෑ - ඕෂධී පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලයි

දේශපාලනයට එන්න හිතුනේ ඇයි...? මගේ ජීවිතේ මම කලාවට එන්න කලින් ඉඳන්ම මම හරිම කැමැත්තෙන් හිටපු දෙයක් තමයි දේශපාලනය කියන්නේ. කලාවට

වැඩිපුර ඉන්න කැමති ලංකාවෙද.. ඇමරිකාවෙද?

විශේෂත්වයක් නෑ. මේ රටවල් දෙකේම ඉන්න කැමතියි. මම දැන් නම් එහාටත් හුරුවෙලානෙ ඉන්නෙ. දිල්හානි අශෝකමාලා - පි‍්‍රයංකර පෙරේරා කියන්නෙ අපේ

සමාජජාලාවන් හරහා තමයි මගේ නිර්මාණ සමාජගත වෙන්නේ - දෙවැනි ඉනිමේ අනුහස් කියයි

ගායකයෙක් හැටියට ආපු ඔහු දැන් රටම දන්න නළුවෙක් වෙල. රවීන් කියනවාටත් වඩා දෙවැනි ඉනිමේ අනුහස් කීවොත් හැමෝම දන්නවා. මේ දවස්වල ඔහු ගැනත්

කලාවට මං තාම අලුත් කෙනෙක් - රඟපාන්න මම හරි ආසයි

රංගන ශිල්පිනියක ලෙසට දිගු ගමනක් යෑමට උත්සාහ කරන ගීත්මා මේ වෙද්දී කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබාදී තිබේ. මේ වසරේදී පැවැති

ලබන අවුරුද්දේ මුල අපි දෙන්නා විවාහ වෙනවා - සජිත, බුවිනිකා

විවාහයට කලින් සජිත සිය පෙම්වතිය එක්ක අන්තිම උපන්දිනය ජයටම සැමරුවා නේද? ඔව් අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන උපන්දිනය සැමරුවා...

රටේ ඇති ආර්ථිකය - දේශපාලන තත්වය හැම ක්ෂේත්‍රයකටම වගේ බලපාලා - සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී කියන්නේ ජනප්‍රිය ඉතාමත් දක්ෂ ආකර්ෂණීය නිළියක්. රෝස වසන්තය, යකඩ පිහාටු, සුදු හංසි, සිනහව අතරින් - 28 වැනි චිත්‍රපට තුළින් වගේම ඉරබටු තරු

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements