Advertisements
Loading...
GOSSIP C LANKA NEWS

ඉකුත් මහ මැතිවරණයේ දී මාවත් පැරැද්දුවා - මහින්ද සමරසිංහ

අවසන් වූ පසුගිය මහ මැතිවරණයේදී මම පැරැදුණේ නැහැ. මාව සංවිධානාත්මකව පැරැද්දුවා යැයි වාරය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ පසුගිය

උතුරේ.. දෙමළ දේශපාලනඥයන් නන්දිකඩාල්වලට එන්නේ පහන් පත්තු කරන්න විතරයි

ශ්‍රී ලංකාවේ උතුරේ හැර අනිත් පළාත්වල සංවර්ධනය ඉල්ලලා මහජනයා විරෝධතා පැවැත්වුවද උතුරු පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මහජනයා කිසි දවසක

ඉහළ ගිය 5,649 ක ජීවන වියදම පඩියට එකතු කරන්න

පසුගිය කාලය යටතේ ඉහළ යන ලද ජීවන වියදම වන රුපියල් 5,649 සමස්ත සේවකයන්ගේම මූලික වැටුපට එකතු කළ යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන

මුස්ලිම් සේවක වැටුප් 22 වනදාට පෙර ගෙවන්නැයි ඉල්ලීමක්

හජ්ජි උත්සවය මේ මස 22දා පැවැත්වෙන බැවින් ඊට පෙර සියලු රාජ්‍ය අංශයන් හී මුස්ලිම් සේවක සේවිකාවන්ට මේ මාසයට අදාළව ගෙවිය යුතු වැටුප ලබා දෙන්නැයි

කීත් නොයාර් පැහැර ගැනීම ගැන ප්‍රකාශයක් ගන්න සිකුරාදා CIDය මහින්දගේ ගෙදරට යයි

කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් කෘර වධ හිංසනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැවැත්වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ විරෝධතා අවසන්

දින දෙකක් තිස්සේම කාන්තා රැඳවියෝ බන්ධනාගාර වහලය මතට නැගලා කළ උද්ඝෝෂණය නවතා දැම්මට තීරණය කර තිබේ. රැඳවියන් සහ බන්ධනාගාර ඇමති

අම්මා - මුත්තා කිව්වත් ආයෙනම් මහින්ද දාලා යන්නේ නෑ - හිටපු නියෝජ්‍ය අමැතිවරයා කියයි

ආයෙනම් ඉතින් අම්ම මුත්තා කීවත් මහින්ද රාජපක්ෂ මහත්තයා දාලා මම නම් යන්නේ නැහැ. 16 කණ්ඩායමෙන් මුලින්ම ඒකාබද්ධ විපක්ෂයට එකතුවුණේ මමයි. මා

විජිත් විජිතමුණි සොයිසා යාපනය ගිහින් වැල්ලේ වැඩ පෙන්වයි

ඇමති විජිත් විජිතමුණි සොයිසා මහතා මේ දිනවල සිටින්නේ යාපනය ප්‍රදේශයේ.... සංචාරයක නිරතවයි.  මුහුදු වෙරළේ ශාරීරික ව්‍යායාමයන්හි නිරත වන ආකාරය

ශ්‍රීලංකාවේ මුදල් නෝට්ටු චීනයත් අච්චු ගසයි - විස්තර මෙන්න

ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මුදල් චීනය විසින් මුද්‍රණය කරන බව චීන මාධ්‍ය උපුටා දක් වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය

ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ටත් විශ්‍රාම වැටුපක් දෙන්නැයි ඉල්ලති

ප්‍රාදේශීය සභාවට දෙවතාවක් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදෙන ලෙසට කහවත්ත ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ශාන්ත ගුරු

විස්සයි20 තරගයේ ඉතිරි ටිකට් රු 2500න් ඉහළයි - විස්තර මෙන්න

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම - ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දි හෙට (14දා) පැවැත්වීමට නියමිත එකම විස්සයි20 තරගයේ ප්‍රවේශ

බස්වල රූපවාහීනි තහනම් කිරීමට ගත් තීරණයට මගීන්ගේ ප්‍රසාදය

බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කිරිම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් කොළඹ

ස්වීඩන් ආයෝජකයෙක්ට.. ගුවන් හමුදා නිලධාරියෙක් පහර දීලා?

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක කදවුරේ සේවය කරන උසස් නිලධාරියෙකු තමන්ට, තම බිරිඳට සහ තම මෝටර් රථයකට පහර දී , තම දූ දරුවන්ද බිය කළ

ඉදිරි ජනපතිවරණයට ඉල්ලනවාද නැද්ද - සංගක්කාර කියයි

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලගට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යයි පල වනලද

ශ්‍රී ලංකාවට ලකුණු 178 ක ජයක් - ධනංජය ලකුණ 39ට කඩුලු 6

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පස්වැනි හා අවසන් ඒක්දින තරගයෙන් ලකුණු 178ක දැවැන්ත.. ජයක් වාර්තා කිරීමට ශ්‍රී

මැතිඇමති වැටුප් කප්පාදු කරන්න - ධම්මානන්ද හිමි කියයි

ජනතා මුදල් වලින් නඩත්තුවන මැති ඇමති මණ්ඩලය රටට සේවයක් නොකරන්නේ නම් කළ යුතු දේ වන්නේ වැටුප් වැඩි කිරීම නොව ඔවුන්ගේ වැටුප් - වරප්‍රසාද

15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් - හේතුව මෙන්න

රජය රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක්ම මුල් කර ගනිමින් මේ මස 15 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ආරම්භ කරන බව

ජනපතිතුමාගෙන් කැබිනට් එකට තද නියෝගයක්

කැබිනට් රැස්වීමේදී ගන්නා තීන්දු තීරණ ඉන් පිටතට පැමිණ මාධ්‍ය හරහා විවේචන නොකරන ලෙස කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සියලු ඇමැතිවරුන් හට

උපාධිධාරීන් 4000 කට 20 වනදා පත්වීම් - විස්තර මෙන්න

ගැටළු කිහිපයක් නිසා දීර්ග කාලයක් තිස්සේ ඉදන් කල් යවමින් සිටි රැකියා විරහිත උපාධිධාරී පත්වීම් මේ මස 20වැනි සදුදා ලබා දෙන බවයි අප ගොසිප් සී ලංකා වෙබ්

බැසිල් සහා ගෝඨාභය ඇමෙරිකා යති - හේතුව මෙන්න

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ‍ලේකම් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. ප්‍රතිකාර ලබාගැනීම

NEW MUSIC VIDIO
PHOTO GOSSIP
Loading...
එදා මම හොරෙන් බස් එකේ ගියා තාත්තත් එක්ක රබර් කිරි කැපුවා
GossipClanka.com

මම මාගම්මන කියන ගමේ හත්ලාගොඩ කියන අනුග්‍රමයේදී තමයි උපන්නෙ. අදටත් පදිංචිවී ඉන්නෙ එහෙමයි. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි

 

විතරයි. අද මගේ අම්මා ජීවතුන් අතර නෑ. පවුලේ එකම පිරිමි ළමයා විදිහට තමයි මම පවුලට එකතු වුණේ.

පුංචි කාලේ කවුරු වෙන්නද හීන දැක්කෙ...? එහෙම ලොකු හීනයක් මගේ හිතේ තිබුණේ නෑ. අපේ පන්තියේ සමහර කොල්ලන්ට ඔය දොස්තරවරු වෙන, නීතිඥවරු වෙන උණක් තිබුණට මට එහෙම හීනයක් තිබුණේ නෑ. හැබැයි කවදාහරි දවසක ලෝකයට බරක් නැති හොඳ කෙනෙක් වෙන්න මට ඕනවුණා. හැබැයි පුංචි කාලේ ඉඳන් උස පැනීම වගේ මළල ක්‍රීඩා කළා. හැබැයි ඉගෙනගෙන මළල ක්‍රීඩකයෙක් වෙන ටාගට් එකක්වත් මගේ ඔළුවේ තිබුණේ නෑ.

ඔබ ඉගෙන ගත්ත පාසල මොකක්ද...? මම ගමේ ඉස්කෝලවලින් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. මුලින්ම පහ වසර වෙනකම් දීපන්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයට ගියා. ඊටපස්සෙ බ්‍රාහ්මණගම ශ්‍රී මේධානන්ද මහ විද්‍යාලයට ගියා. ඊටත් පස්සෙ උසස් පෙළ සුභද්‍රාරාම විද්‍යා ආයතනය. ඒක පිරිවෙණට අනුබද්ධ පාසලක්. ඉතින් පාසල් තුනක අධ්‍යාපනයක් ලබපු මම අද කලාකරුවෙක් වෙලා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

පාසලේදී ඔබ මොනවගේ චරිතයක්ද...? හිතාගන්නවත් බැරි චරිතයක්. ක්‍රීඩා කටයුතුවල පොඩ්ඩක් නිරතවෙලා වැඩ කළාට මම මගේ පාඩුවේ හිටපු චරිතයක්. පිට්ටනියේ නිතරම හිටපු චරිතයක්. හැබැයි අනවශ්‍ය දඟ චරිතයක් වුණෙත් නෑ. පාසලේදීනම් කලා මාධ්‍යයට පොඩ්ඩක්වත් මගේ සම්බන්ධයක් තිබුණේ නෑ. පාසල් වේදිකාව මට ආගන්තුකයි. මට මතකයි ඉස්සර හැම මාසයකම සිකුරාදා පාසල් රැස්වීම් වෙලාවේදී මොනවහරි දේකට දාවි කියලා මම ඒ දවසට ඉස්කෝලෙ යන්නෙ නෑ. ගොඩක් වෙලාවට සිකුරාදා දවසේ උදේට මට මොකක්හරි බොරු අසනීපයක් හැදෙනවා. පාසල් වේදිකාව මට නුහුරු තැනක් වුණා. ඇත්තටම පාසල් කාලෙදී මට ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න මොකක්දෝ සබකෝලයක් තිබුණා.

නාට්‍යවලට සම්බන්ධ වුනේ කොහොමද...? උසස් පෙළ විභාගය සමත්වෙලා මම රස්සාවල් කිහිපයක්ම කළා. මට මතක හැටියට මම රස්සාවල් 18 ක් විතර කළා. ජීවිතේ ඒ අපූරු කාලය මට අමතක වෙන්නෙ නෑ. අවුරුදු හය හතක් වගේ කාලයක් ඇතුළත තමයි මම ඔය හැම වැඩක්ම කළේ. ගෙවල්වලට ගිහින් අලුත් උපකරණ හඳුන්වාදීලා ඒවා විකිණුවා. හෝටල්වල වැඩ කළා. මට මතක හැටියට මගේ මුල්ම රස්සාව වුණේ කිරි කැපිල්ල. අපේ ගමේ කිරි කපන රස්සාව හොඳටම තිබුණා. ඉස්කෝලෙ යන කාලේ ඉඳන්ම මම අපේ වත්තේ කිරි කැපුවා. ඉතින් එහෙම කැපුවාම මගේ අම්මා පොඩි කාසි ටිකක් මගේ අත මිට මොළවනවා. ඒක මට ඒ කාලේ හරියට වටිනවා. මගේ තාත්තා රැකියාව විදිහට රබර් එක්කාසු කළා. අපේ ගමේ විතරක් නෙමේ, අහල ගම්වලටත් උදේ හවස ගිහින් තාත්තා රබර් කිරි එක්කාසු කළා.

කිරි කපනවට අමතරව සරත් තාත්තගේ රස්සාවටත් උදව් කළා...? ඔව්.. ඔව්... අපිට තිබුණු රබර්වල කිරි බොහොමයක් කැපුවේ මම. මට මතකයි හැමදාම හැතැප්ම හතක් විතර ගිහින් රබර් කිලෝ අසූවක විතර ගෝනිමලු දහයක් පහළොවක් මම අපේ බයිසිකලේ ගැටගහගෙන අරගෙන එනවා. ඒක හරි අමාරු වැඩක්. අද කාලේ වගේ ඒ කාලේ මේ පාරවල්වල තාර දාලා තිබුණේ නෑ. පාරවල් පිළිවෙළට හදලා තිබුණෙත් නෑ. ඉතින් ගොඩක් වෙලාවල්වල ගෝනිමලු ෆුට් බයිසිකලේ බැඳගෙන හැතැප්ම ගණන් බයිසිකලේ තල්ලුකරගෙන එන වෙලාවල් තියෙනවා. ඉතින්... ඒ එක ගමනකට තාත්තා මට රුපියල් පහක් දුන්නා. ඒ ගාණ මට ඉතින් ඇතිත් නෑ. මදිත් නෑ. ජීවිතේ මම රස්සාවල් කරන්න පටන් ගත්තෙ තාත්තා ඒ දුන්න රුපියල් පහෙන් තමයි.

ඔය කාලෙදීම ඔබ ගමේ නාට්‍යයක් කළා නේද...? ඔව්... 1989 දෙසැම්බර් මාසෙ 30 වැනිදාත්, 31 වැනිදාත් තමයි අපි ඒ නාට්‍ය ගමේ පෙන්නුවේ. ගමේ හතළිහක් විතර තරුණයන් පිරිසක් එක්කාසුකරගෙන තමයි අපි ඒ නාට්‍ය පෙන්නුවේ. ඒකට ප්‍රධානතම හේතුව වුණේ අපේ ගමේ දහම් පාසලේ පොඩි පුස්තකාලයට ඕන කරන පොත්පත් ගන්න. මමයි මගේ ගමේ යාළුවෙකුයි එකතුවෙලා නාට්‍ය පිටපතකුත් ලිව්වා. ඉතින් කොහොමහරි හොඳ පිටපතක් ලියැවුණා. ගමේ හැමෝම ඒ නාට්‍ය ලස්සනයි කියලා කිව්වා. ඒ ලැබුණු ප්‍රතිචාරත් එක්ක කලාවට තිබුණු ආසාව මගේ වැඩිවුණා. ඔය කාලෙදී මම පෞද්ගලික ආයතනයක ගබඩා සහකාරකයෙකු විදිහට වැඩ කළා.

ඒ කියන්නෙ... ඒ වෙද්දී සරත් ඒ රස්සාවට කැමැත්තෙන්ද හිටියෙ...? පිස්සුද... ඒ රස්සාවත් මට එපාවෙලා තිබුණේ. නිවාඩුවක් ඇත්තෙම නෑ. ඉරිදාට වරුවක් විතරයි නිවාඩු තිබුණේ. ඒ වෙද්දී මම විවාහවෙලා හිටියෙ නෑ. ඒ නිසා ලොකු වගකීමක් හිතේ තිබුණේ නෑ. ඒ නිසා ආයෙ ආයෙත් හිතන්නෙම නැතිව මම ඒ රස්සාවෙන් අයින්වුණා. එහෙම රස්සාවෙන් අයින්වෙලා මම කලාව ඉගෙන ගන්න යොමුවුණා. අපේ ඉස්කෝලවල කලා විෂයට චිත්‍ර විෂය විතරයි. අද කාලේ වගේ නාට්‍යකරණය විෂයක් විදිහට පාසල්වල ඒ කාලේ තිබුණේ නෑ. මේ නිසා කලාව ඉගෙන ගන්න මට ලොකු ආසාවක් ඇතිවුණා. ඒ නිසා අවුරුදු දහයක් මම මේ කලා විෂය හැදෑරුවා.

කරපු රස්සාවෙන් අයින්වෙලා කලාව පූර්ණකාලීනව අවුරුදු දහයක් ඉගෙන ගැනීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද..? අම්මෝ... පුදුමාකාර අභියෝගයක් වුණා. අපි ලොකු සල්ලිකාර දරුවෝ නෙමේ. ඒ වගේ පවුලක තරුණ දරුවෙක් රස්සාවක් නොකර ඉඳීම ඇත්තටම ලොකු වැරැද්දක්. මම මුලින්ම ගුවන් විදුලි සංස්ථාවේ පාඨමාලාවක් හැදෑරැවා. ඊටපස්සෙ තරුණ සේවා සභාවේ ඇතුළු ලංකාවේ බොහෝ නාට්‍ය පාඨමාලා මම හැදෑරුවා. අවුරුදු දහයක් පුරාවට ලංකාවේ තිබුණු හැම වැඩමුළුවක්ම මම කළා. මේ අවුරුදු දහය පුරාවට කලාව ඉගෙන ගන්න මිස හොඳ නිර්මාණයක රඟපෑවෙත් නෑ. හැබැයි ඒ අතරේ යාළුවන්ගෙ කෙටි චිත්‍රපට කිහිපයකම රඟපෑවා. තරුණ සේවා සභාව හරහා තිබූ නාට්‍යවල කෙටි නාට්‍ය උළෙලවල තිබූ නාට්‍යවල පවා මම රඟපෑවා.

ඒ අවුරුදු දහය බොහෝ දුෂ්කර කාලසීමාවක් වෙන්න ඇති...? ඔව්... අතිශයින්ම දුෂ්කරයි. ඒ අවුරුදු දහය මුලදී ගෙවල්වලින් වුණත් එහෙම ලොකු සහයෝගයක් ලැබුණේ නෑ. ඒකෙ ඇත්තටම වරදක් මම දකින්නෙ නෑ. අත් පා හතර හොඳට හැදුණු උස් මහත් වුණු තරුණ කොල්ලෙක් රස්සාවකුත් නැතිව ආතක් පාතක් යද්දී මොන අම්මා තාත්තාද කැමති වෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙදී තාත්තගේ වැඩවලට උදව් වුණාට ඉස්කෝලෙන් පස්සෙ මගෙන් ඒ වැඩ මඟහැරුණා. උදේ පාන්දර අම්මා ඔතලා දෙන බත් එකත් බැඳගෙන පාන්දර බස් එකේ නැඟලා මම කොළඹ ආවා. ඒ ඇවිත් වැඩමුළුවලට, පුහුණුවීම්වලට සම්බන්ධවෙලා ආයෙමත් මහ රෑ බස් එකේ ගෙදර යනවා. ඔය කාලෙදී මම වීදි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. සමහර දවස්වලට කිසිම හේතුවක් නැතිව කොළඹ ඇවිත් මම තැන් තැන්වල නාට්‍යවල වැඩ වෙනුවෙන් රස්තියාදු වුණා. මම එක්ක ඉගෙන ගත්තු ගමේ යාළුවෝ බොහෝ දෙනෙක් ඒ වෙද්දී හොඳ රස්සාවල් පවා කළා. ඒ අතරින් සමහරු මම නඟින බස් එකේම උදේ නැඟලා මාත් එක්ක කොළඹ ගියා. ඒ අයට යන්න තැනක්, කරන්න වැඩ කොටසක්, ජීවිතේ අරමුණක් තිබුණට ඒ වෙද්දී ඒ කිසිම දෙයක් නැතිව මම ඉබාගාතේ ඒ බස් එකේම නැඟලා කොළඹ ආවා. මේ නිසාම සමහරදාට මගේ අම්මට තාත්තාට වුණත් මගේ වැඩ නිසාම කලකිරුණු අවස්ථා තිබුණා. මොනවද මේ උඹ කරන්නෙ... රස්සාවක් හොයාගනිං කියලා කියපු සහ එහෙම නොකිව්වට හැමදාමත් හිතේ තියාගෙන කතා කරපු දවස් අනන්තවත් තිබුණා.

මගේ අම්මා තමයි ඒ අවුරුදු දහයෙම හැමදාම උදේට බස් එකට යන්න එන්න සල්ලි දුන්නෙ. උදේට දෙන කෙසෙල් කොළෙන් බැඳපු බත් එක මගේ බඩගින්න නිව්වා. අම්මා මට උදේට බත් මුලයි එයා කිරි කපලා ලැබෙන සොච්චම් මුදලෙන් කාසි ටිකකුයි දෙන්නෙ හරියට රස්සාවකට යන පුතෙකුට දෙන දෙයක් විදිහටයි. ඔය කාලෙදී මට හොඳ යාළුවෝ පිරිසකුත් ළංවෙලයි හිටියෙ. ඉතින් ඒ අයත් මට උදව් කළා. අම්මාගෙන් බත් එක නොලැබෙන කාලෙදී යාළුවන්ගෙ බත් මුල මගේ කුසගිනි නිව්වා. ඔය අවුරුදු දහය පුරාවට මම සල්ලි හෙව්වේ නැතිවුණාට මිනිස්සුන්ව ජීවිතයට ළංකරගත්තා. කලාව ඉගෙන ගත්තා. ඇත්තටම මගේ ජීවිතේ සුන්දරම කාලය තමයි ඒ අවුරුදු දහය. මම ජීවිතේ ඉගෙන ගත්තෙ ඒ අවුරුදු දහයෙන් තමයි. සමහරදාට මම කොළඹට බස් එකේ යන්නෙ සල්ලි දෙන්නෙ නැතිව හොරෙන්. හැමදාම රෑට හෝමාගමෙන් හරි කොට්ටාවෙන් හරි බැහැලා මම ගෙදරට පයින් තමයි එන්නෙ. කිලෝමීටර් අටක් වගේ දුරක් මම හැමදාම රෑට පයින් ආවේ. සමහරදාට ගෙදර එද්දී පාන්දර එකයි දෙකයි. හැබැයි හැමදාම පහුවදා පාන්දර ආයෙමත් කොළඹට යනවා. ඒ කාලේ ඇත්තටම දුෂ්කර වුණාට හරි සුන්දරයි.

කලාව ඉගෙන ගත්තු ඔබ ඊටපස්සෙ රංගනයට එකතු වුණා...? ඔව්... වීදි නාට්‍යවලට සම්බන්ධවෙන කාලෙදී මට හොඳ යාළුවෝ පිරිසක් මුණගැහුණා. ඔවුන් මට බොහෝ උදව් කළා. 1999 අවුරුද්දේ සුනිල් පතිරණ මහතාගේ සොල්දාදුවා සහ සඳ එළිය කියන වේදිකා නාට්‍යයට මට රාජ්‍ය නාට්‍ය උළෙලෙදී සම්මානයක් හිමිවුණා. ඊටපස්සෙ මට ජයන්ත අමරසිංහ මගේ මිත්‍රයා කලාවේ නිරතවෙන්න බොහෝ උදව් කළා. මගේ පළමු චිත්‍රපටය වුණේ පාදඩයා කියන චිත්‍රපටයයි. ඒකෙදී සහාය අධ්‍යක්ෂකවරයා වුණෙත් ජයන්ත. ඉතින් එතැන් පටන් මට බොහෝ සිනමා නිර්මාණවලට වගේම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඇත්තටම අවුරුදු දහයක් පුරාවට දුෂ්කර කාලයක් ගත කරපු මට ඊටපස්සෙ ඒ අස්වනු නෙලන්න පුළුවන් වුණා. අද මට බොහෝ ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවා. හොඳ සමහර නිර්මාණ බාරගෙන පුළුවන් උපරිමයෙන් කරනවා. හැබැයි අදටත් මගේ වැඩි කැමැත්ත සිනමාවට සහ වේදිකාවට තමයි තියෙන්නෙ.

මේ වන විට ඔබ දරු දෙදෙනෙක්ගෙ පියෙක්.. එහෙම නේද...? ඔව්... විවාහ යෝජනාවක් මත මම පුෂ්පා සමන්ති එක්ක විවාහ වුණා. එයාත් අපේ ගමේම කෙනෙක්. අපිට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි පුතයි. අපේ දුවගේ නම ඉසුරි සංදීපනී. පුතාගේ නම ඉසුර මනෝජ්.

සරත්... ඔබයි කුමාර තිරිමාදුරයි දෙන්නා එකතුවෙලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙනවා කියලයි ආරංචිය...? ඔව්... සිනමාව ගැන මම ෂෙල්ටන් පයාගල මහතාගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ඊටපස්සෙ මම බොහෝ පොත්පත් කියෙව්වා. ඒ දේවල් තුළින් බොහෝ අත්දැකීම් ලබාගත්තා. ඉතින් කුමාරයි මමයි දෙන්නා එකතුවෙලා සිනමා පිටපතක් ලිව්වා. ඒ සිනමා පිටපත සිනමා නිර්මාණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ දවස්වල සූදානම් වෙන්නෙ. ඒ නිර්මාණය අපි News papers කියලා තමයි නම්කරලා තියෙන්නෙ. මේ දවස්වල අපි ඒ චිත්‍රපටය රූපගත කිරීම් කරන්න සුදුසු ප්‍රදේශ සොයමින් තමයි ඉන්නෙ. ඉතින්... වැඩිපුරම කාලය යොදවලා තියෙන්නෙ ඒ නිර්මාණය වෙනුවෙන් තමයි. ඊට අමතරව තවත් චිත්‍රපට තුනක වැඩ මේ දවස්වල කරගෙන යනවා. ඇත්තටම කලාකරුවෙක් වීම ගැන අද මම ඉන්නෙ සතුටින්.

► Text - Dishani  /  Pic – Sumudu

2018-07-01
Loading...

Advertisements
Loading...
WEEKEND ARTICLES

වැඩිපුර ගෙවන ලද බදු ලබාගන්න කලාකරුවන්ට අවස්ථාව - මංගල

මසකට රුපියල් පනස් දහසකට වැඩියෙන් උපයන කලාකරුවන් සහ කර්තෘවරුන්ගෙන් අයකරපු සියයට 14 ක අදායම් බද්ද නැවත සියයට 5 දක්වා අඩු කිරීමට රජය

කිස්එක ඕන කියල අගමැතිතුමාට කිව්වේ මම - පූජා උමාශන්කර්

මෙවර පැවති සරසවි සම්මාන උළෙලේදී හොදම නිළියට හිමි වුණු සම්මානය දිනා ගත්තේ පූජා උමාෂන්කර් ඉතින් මෙම සම්මාන උළෙලේදී ඇය විසින් ලබාගත්තු

රජිතගේ කුකුල් කේන්තියට බිරිද ඇන්ඩ්‍රියා කැමැති නෑලු

සියට දෙසීයක් ගෙදර වැඩ වලට සහයෝගය දෙනවා. එයා ගෙදර හිටියොත් ගෙදර වැඩවලටත් උදවු කරනව. එයා කැමතී ඉන්ටර්නෙට් එකෙන් බලලා අලුත් කෑම වර්ග..

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයයි එහෙන් මාස් පතා ලැබුණු ලක්ෂ 9යි මට නැතිවුණා - ගීතා කියයි

මම තෝරා ගත්තේ දකුණේ දේශපාලනය. හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් ඒක. ඒ දේශපාලනය නිසයි මට තිබිච්ච ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය

අම්මාත් හිතන් ඉඳලා තියෙන්නේ මම ගීතාව කසාද බඳී කියලා

මම තවම තනිකඩයි. ගීතයි මමයි හොඳ යාළුවෝ. ගුරුවරියක් වුණු සිනමාව පිළිබඳ ඉතාමත් අඩු උනන්දුවක් දැක්වූ මගේම අම්මා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම

පිරිමියක් විදිහට ඉපදී ගැහැණියක් වුණු භූමිට සම්මානයක් - අගමැති සමග ගත්තු සෙල්ෆිය මෙන්න

භූමිට. මෙවර සරසවි සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ඔබට ලැබුණා.. මේ භූමිට ලැබුණු තුන්වැනි සම්මානය...? ඔව්... මේ වනවිට මට සම්මාන 3ක් ලැබුණා.

හේමාල්ට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රචාරක හා ප්‍රවර්ධන තනතුරක්

ප්‍රවර්ධන හා ප්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා, ටෙලි නාට්‍ය නළු හේමාල් රණසිංහ... පීපල්ස් ලීසිං සමාගමත් සමග.. ගිවිසුමක් අත්සන් කර ඇති බව ආරංචියක්

නිරෝෂාගේ.. වෙබ් අඩවිය සදහා සම්මානයක් හම්බවෙලා...

රසිකයන්ගේ හදවත් දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පිනිය නිරෝෂා විරාජනීහට මෙරට කලාකරුවකුට නොලැබෙන අන්දමේ ශ්‍රීලාංකීය සම්මානයක් හිමිව තිබෙනවා... ඒ

මාමඑදා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ට

තමා විසින් ජයග්‍රහණ කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීම පිළිබදව පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට

Oura සංගීත කණ්ඩායමේ ගිහාන් ප්‍රනාන්දු සියදිවි හානිකර ගනී

Oura කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Oura සංගීත කණ්ඩායමේ ඉන්න ගිහාන් රත්නායක ඊයේ රාත්‍රියේ දුම්රියට පැනලා සියදිවි හානිකර

මාලනී ෆොන්සේකා සිනමා දිවිය ට දසක පහක් පිරීම නිමිත්තෙන් උත්සව මාලාවක්. විස්තර මෙන්න

ශ්‍රී ලාංකේය සිනමාවට අනුපමය මෙහෙවරක් කරන ලද අග්‍රගණ්‍ය රංගවේදිනීය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිතුමිය මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට දසක

ප්‍රවීන ගායන ශිල්පී w ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විටදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත. ඔහු මිය යන

මට ලැබෙන විශ‍්‍රාම වැටුපත් හුගක් දෙනකුට ලොකු ප‍්‍රශ්නයක් වෙලා

උපේක්‍ෂා ස්වර්ණමාලි කියන්නේ බොහෝ කතාබහට ලක්වුණ චරිතයක්. ඒ පුංචි තිරය හරහා ඈ දැක්වූ දස්කම් නිසා. පබා ලෙසට නමක් දිනාගත්තු ඇය අද දවසේ

යාළුවො කොහේදී දැක්‌කත් තවම මට කියන්නෙ චීන කියලා.

ටිකක්‌ විතර නාහෙට අහන්නෙ නැති හොද චරිතයක්‌. මටම කියල යාළුවො හිටියෙ ටිකක්‌ අඩුවෙන්. වයසින් වැඩි අය තමයි ගොඩක්‌ වෙලාවට ආශ්‍රය කරන්නම හම්බ

ආදරයට එහෙම වෙන එකක් නෑ - එදා කාමරයේදී වුණේ කුමක්ද? ධනුෂ්ක සියල්ල හෙළි කරයි

මොහු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ආරම්භක පිතිකරුවෙකි. වමතින් පන්දුවට පහරදෙන මොහු තරග උඩි යටිකුරු කරන්නෙකු ලෙසින් ප‍්‍රසිද්ධියක් උසුලයි. පිටිය සිසාරා

මම දන්නේ නෑ මට තව කොච්චර දවසක් නාට්‍ය ලැබෙයිද කියලා

නව පරපුරේ නිරූපණ ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිළියකද වන රිතූ ආකර්ෂා මේ දිනවල දී පුංචි තිරයේ නිතර අපට දැකගත හැකි තැනැත්තියකි. රියැලිටි වේදිකාව

ඉරාඡ් කරන අලුත්ම බිස්‌නස්‌ එක - ටී ෂර්ට්‌ විකුණන්නත් අරන්

ඉරාඡ් වීරරත්න යනු හැමදාමත් වෙනස්‌ම විදිහේ වැඩක්‌ කරන්න හදන චරිතයක්‌නේ. ඔන්න මෙදා පාරත් වෙනස්‌ම වැඩ ටිකක්‌ තමයි ඉරාඡ් කරලා තියෙන්නේ... ඉරාඡ්

හෂිනි නිකම්ම නිකං ස්ත්‍රියක් හෝ කාන්තාවක් නෙමෙයි - වික්ටර්

පෞද්ගලික ජීවිතේදී ඔබ ගත් තීන්දු තීරන එක්ක සමාජ මාධ්‍ය ඔබට හරියට පහරදෙන්න ගත්තා නේද? මම පහරදෙන ඒවාට හරි කැමැතියි. එහෙම පහරදෙන එක

අසාම් ජනප්‍රියම මාධ්‍යවේදියා හට හිමි සම්මානය දිනාගනී...

ඔබට පසුගියද ලැබුණු ජයග්‍රහණය ගැන කතා කරමු. 2018 සමාජ මාධ්‍ය උළෙලේ සමාජ මාධ්‍ය තුළ වසරේ ජනප්‍රියතම මාධ්‍යවේදියාට හිමි සම්මානය මට හිමිවුණා. ඔබ

දරුවන්ට මම ජන සන්නිවේදනය උගන්වන්න ගත්තා - අසේල

අසේල කියන්නේ අපේ රටේ හිටිය දක්ෂ හොද නිවේදකයෙක්. ඔහු නිවේදන වෘත්තියේ මෙන්ම සමාජයේදීත් ඉතා සුහදව කටයුතු කරන මිත්‍රයෙක්. පසුගිය කාලයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status

Internetads.lk - Free classified website in Sri Lanka

Post a Free Ad