Advertisement
Loading...
GOSSIP C LANKA NEWS

උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන්

ලංකාව පුරා විදුලි කප්පාදුවක්

විදුලිය කප්පාදුවක් ‌‌‌‌නොකරන බවට සඳහන් කළ විදුලි බල මණ්ඩලය අද දිනයේදී නොදන්වා දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකර ඇතැයි

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කරයි

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ  කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ.ශ්‍රි ලංකා

බරපතළ මානව ගැටලුවක් තියනවා. මම පෙරේදා හිරේ ඉඳලා ආවේ

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා අද මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැ දුටුවේය.එහිදී උන්වහන්සේ

අනුරාධපුර සතිපොළ කුණු ගොඩක් වෙලා

අනුරාධපුර මහ නගර සභාව මඟින් පාලනය වන ශ්‍රී ලංකාවේ විශාලතම සතිපොළ වශයෙන් සැලකෙන අනුරාධපුර මහජන පොළ පැවැත්වීමෙන් පසුව වෙළෙඳුන්

ඉරාකයේ ටයිග්‍රිස් නදියේ මගී යාත්‍රාවක් ගිලී 40ක් මරුට

ඉරාකයේ මොසුල්හි පිහිටි ටයිග්‍රිස් නදියේ ගමන්ගත් මගී ප්‍රවාහන යාත්‍රාවක් දියේ ගිලීමෙන් මගීන් 40ක් පමණ මියගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.නියමිත මගීන්

රට හදන්න ඇමතිවරුන්ගේ දේපළ විකුණන පාකිස්තාන අගමැති

පාකිස්තාන රජයේ බිඳ වැටෙමින් පවතින ආර්ථිකය ගොඩගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයාගනු පිණිස එරට රාජ්‍ය ඇමැතිවරුන්ගේ හා ඔවුන් යටතේ පවතින

යකඩවලට වඩා මනුස්සකම ශක්තිමත් බව මුද්‍රණාල හිමිකරුවා පෙන්නවයි

පසුගියදා අම්පාර පෞද්ගලික මුද්‍රණ ආයතනයක සේවය කරන මුණසිංහ නැමැති අය සේවය කරමින් සිටියදි එක්වරම ඔහුගේ එක් අතක් මුද්‍රණ යන්ත්‍රයට හසු වී ඇත.පසුව

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී තවත් මාරක බස් රථ අනතුරක්

කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේ කලා ඔය ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6ක් තුවාල ලබා රෝහල්

සා/පොළ ප්‍රථිපල නිකුත් වෙයි ?

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවත්, මේ මස අවසන්

දරුවන් 51 ක් සමඟ පාසල් බස් රථය පැහැරගත් රියදුරා බසයට ගිනි තබයි

ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වේ.එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවද පැවසේ. කෙසේ

දික්වැල්ල නිසා Super Overට ගිය සුපිරි තරඟය ලංකාව පරාජය වේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟයේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා.ඒ තියුණු තරඟයකින් පසුව පැවති super over ය ද.අප්‍රිකාව

නිල නිවසේ කුණු අස්කරන්න ලක්ෂ 85ක් රෝසිට

නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා සේවාව රුපියල් අසූපන් ලක්‍ෂයක කොන්ත‍්‍රාත්තුවකට දෙවසරක කාලයක් සඳහා පෞද්ගලික සමාගමකට පැවරීමට කොළඹ මහනගර සභාව තීරණය කර ඇත.නගර සභාවේ මුදල් පිළිබඳ

ස්වර්ණවාහිනියේ සජීවි වැඩසටහන් නවතියි..!

මෙරට රුපවාහිනී නාලිකාවක්වන ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) උදැසන සිට සජීවි වැඩසටහන් විකාශනය නොවන බව වාර්තා විය.ආයතන කළමනාකාරිත්වය විසින් එහි සේවකයින් පිරිසක් සේවයෙන්

පාලවියේ අනතුරින් මරණ 4ක් : 7ක් රෝහලේ

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය නාගවිල්ලුව ප්‍රදේශයේදී ඊයේ (18 වැනිදා) අලුයම 2.30 ට පමණ සිදු වූ වෑන් රථ - ටිපර් රථ ගැටුමකින් වෑන් රථයේ ගමන් ගත් පස් මස්ගැබිනියක ඇතුළු සිවු දෙනකු මරුමුවට

මන්චි බංගලාදේශයේ වේගයෙන්ම වර්ධනය වන සන්නාමය ලෙස සම්මාන ලබයි

සිලෝන් බිස්කට් සමාගමේ (CBL) ප‍්‍රමුඛතම සන්නාමය වන මන්චි පසුගියදා සිංගප්පුරුවේ United Research Services සහ Asia One සඟරාව එක්ව එක්ව සංවිධානය කරන ලද සම්මාන උළෙලේදී බංගලාදේශයේ වේගයෙන්ම

අලුගෝසු තනතුරට සම්මුඛ පරික්ෂණ 27වනදා

අලුගෝසු(වධක )තනතුරු සඳහා බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන 27 සහ 28 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේදී එම සම්මුඛ පරික්ෂණ පැවැත්විමට නියමිතය.ඇමෙරිකානු ජාතික

මැණික් නෑ රත්නපුරේටත් දැන් මැණික් ගේන්නේ බැංකොක්වලින්.!

එය රත්නපුර නගරයේ කළු ගං ඉවුරේ පිහිටි එක්තරා අවන්හලකි. හැන්දෑ කළුවරට එතැන බෙහෙවින් කලබලය. ඒ වෙලාවට එහි රොද බැඳ සිටින්නේ චූල ගණයේ මැණික්කාර ගණයාය. දහවල් දවස තිස්සේ රත්නපුර නගරයේ

ලං ග ම යේ තිබී ගංජා මාට්ටු

වවුනියාව ඕමන්ත පොලිසියේ නිලධාරීන් විසින් ලංගම බස් රථයක් නවතා සිදුකළ සෝදියකදී බස් රථයේ සිටි මගියකු ළඟ තිබී කේරළ ගංජා 9kg  සොයාගෙන තිබෙනවා.පොලිසිය සිදු කළ හදිසි

මහින්ද මහත්තයා දැන ගත්තා නයා නයාමයි කියලා

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැඩි විවේචනයක් එල්ල කිරිමට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කළාය.අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඇය

GOSSIP C LANKA HOT NEWS
Loading...
PHOTO GOSSIP
Loading...
Loading...
පොඩි කාලේ ටීක් බෝල ගහන්න එළියට බැස්සේ යට ගවුම පිටින්
GossipClanka.com

මොනවද මේ දවස්වල ඔබ කරන අලුත් නිර්මාණ? මම මේ දවස්වල විකාශනය වන තව දුරයි ජීවිතේ නාට්‍යයෙත් රන් හිරු රැස් නාට්‍යයෙත් රඟපානවා. ඉතින් ඒ

 

නාට්‍ය දෙකේ රූගත කිරීම්වලට මේ දවස්වල සහභාගී වුණා. කියමුකෝ බලන්න ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද කියලා? මගේ පුංචි කාලේ ගෙවුණේ රාජගිරියේ. මගේ අම්මයි තාත්තායි දෙන්නම කලාවට බොහෝම ළැදි දෙන්නෙක්. පොඩි කාලේ ඉඳන් සංගීතයට නැටුමට හුරුවක් තිබුණා. අපේ තාත්තා පුළුවන් හැමවෙලේම ඉංග්‍රීසි චිත්‍රපට බලන්න එක්කගෙන ගියා. ඒ ආභාෂයත් මට ලැබුණා. මම කතෝලික. ඉතින්... කතෝලික පසුබිමක හැදුණු වැඩුණු නිසා පල්ලියේ ආභාෂය ලැබුණා. පුංචි කාලේ ඉඳන් මම කලාවට ආස කළා. මගේ පවුලේ හය දෙනෙක් ඉන්නවා. මම තමයි මද්දුමයා. මට අයියා, අක්කා, මල්ලිලා දෙන්නයි, නංගියි ඉන්නවා. ඒ නිසා මම ඇත්තටම ජීවිතේ කවමදාකවත් තනි වුණේ නැහැ. ජීවිතේ තනි වුණු අවස්ථා තිබ්බට මගේ සහෝදර සහෝදරියන් හිටපු නිසා ඒ තනිකම මට දැනුණේ නැහැ.

පුංචි කාලේ කොයි වගේ චරිතයක්ද? පුංචි කාලේ මම හරිම දඟයි. හරියට දඟ කොල්ලෙක් වගෙයි. මම උඩ නගිනවා. සයිකල් පදිනවා. ටීක් බෝල ගහනවා. එහෙම ටීක් බෝල ගහලා පොඩි ළමයින්ව පරද්දනවා. මම ළඟ ටොයියෝ හිටියා. කව්වෝ හිටියා. මට තාම මතකයි මම ළඟ තිබුණු ලොකු බිස්කට් ඇලුමිනියම් පෙට්ටියක් පිරෙන්න ටීක් බෝල තිබුණා. ඉස්සර මල්ලිලා දෙන්නත් එක්ක ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් අම්මගෙන් බැණුම් අහ අහා ටීක් බෝල ගහන්න යට ගවුම පිටින් එළියට බහින්නේ. ඒ යන්නෙත් අර ටීක් බෝල පෙට්ටිය උස්සගෙනමයි. මම ඒ පෙට්ටියේ ඉන්න මගේ කව්වෝ ටික අරගෙන ගිහින් ගහලා අලුත් ටොයියෝ ටික එකතු කරගන්නවා. මල්ලිගේ යාළුවෝ අනේ උඹලගේ අක්කාට එන්න එපා කියපල්ලකෝ. අපිට බැහැනේ පරාද වෙන්න. කියලා අනන්තවත් කියනවා. හැබැයි ගෙදර නවතින්නේ නැහැ. සමහර දාට අපි ටීක් බෝල සතයට දෙකට සහ දහයට සල්ලි ඔට්ටුවටත් ගහනවා. ඒ හැම වෙලේම දිනන්නේ මම.

ඔහොම සෙල්ලම් කරද්දී අම්මගෙන් බැණුම් අහලා තරවටු කරලා එහෙම නැද්ද? අම්මෝ අනන්තවත් තියෙනවා. ඒ කාලේ අම්මගෙන් බැණුම් අහපු නැති දවසක් නැති තරම්. ඒ කාලේ මම කියන දේ අහන්නේ නැහැ. ටිකක් මුරණ්ඩුයි. ඉස්සර සල්ලිවලට ටීක් ගහලා දිනලා ඒ සල්ලි මම අයින් කරගන්නවා. ඉතින් දවසක් අම්මට හොඳටම තරහා ගියා. අම්මලා පොඩි කාලේ පාවිච්චි කරපු පසු කාලයේදී පාළුවට ගියපු ළිඳක් අපේ ගේ පිටිපස්සේ තිබුණා. අම්මා කේන්ති ගිය දවසක මගේ ටීක් බෝල පෙට්ටියම අර පාළු ළිඳට ගිහින් අතහැරියා. විශ්වාස කරන්න. මම දවස් එකහමාරක් ඇඬුවා. නොකා නොබී හිටියා. බඩගින්න ඉවසන්න බෑ. ඒත් කේන්තියටම කෑවේ නෑ. කොහොමහරි තාත්තා මාව හුරතල් කරලා කරලා මගේ කේන්තිය අයින් කරලා කන්න දුන්නා.

ඒ මුරණ්ඩු චරිතයමද ඉස්කෝලෙදිත් තිබුණේ? මම ඉගෙන ගත්තේ කැම්බල් පාක් එකේ තිබුණු ශාන්ත පාවුළු බාලිකාවේ. අද ඒක හඳුන්වන්නේ වෙනත් නමකිනුයි. ඉස්සර මගේ කොණ්ඩේ කොටම කොටයි. මට වලස් තොප්පියා* කිව්වහම කේන්ති යනවා.  ඉතින් එලවගෙන ගිහින් ගහනවා. මම මොනතරම් දඟ, මුරණ්ඩු වුණත් ඉගෙනීමට දක්ෂයි. ඒ නිසා පාසැලේ මිස්ලා මට ආදරෙයි. මට මතකයි ඒ කාලේ අපේ තවත් ආසම සෙල්ලමක් තමයි බට්ටා පනින එක. දවසක් බට්ටා පනිද්දී මම පරාද වෙලා රණ්ඩු වුණා. ඒ වෙලාවේ මම පන්තියේ ළමයෙක්ගේ පුටුව උඩ නැගලා උඩත් පැන්නා. ගුටි කෑවේ නෑ. හැබැයි හිටවලා තිබ්බා. ඒ දවස්වල පන්තිවල සින්දු කියනවා. මිස් කෙනෙක් පන්තියේ නැති වෙන්න බැහැ ඩෙස්ක්වලට ගගහා සින්දු කියනවා. ඉතින් ඔහොම සින්දු පටන් ගත්තු ගමන් එහා පන්තියේ ටීචර් ඇවිත් *පන්තියෙන් මුලින්ම සින්දු කියන්න පටන් ගත්තේ කවුද* කියලා ඇහුවා. හැබැයි කවුරුවත් මාව පාවලා දුන්නේ නැහැ. ඒ සමහරවිට මම පාවලා දුන්නා කියලා දැනගත්ත ගමන් ගහයි කියලා හිතලද දන්නෙත් නැහැ. කොහොමහරි කවුරැවත් මාව පාවලා දුන්නේ නෑ. හැබැයි ටීචර් දැනගත්තා සින්දු කියන්න පටන් ගත්තේ මම කියලා. එදා මුළු දවසම මාව හිටවලා තිබ්බා.

පුංචි කාලේ හීනය වෙලා තිබ්බේ රංගන ශිල්පිනියක් වෙන්නද? නෑ. මගේ කැමැත්ත වැඩිපුරම කිව්වේ එක්කෝ ඩොක්ටර් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් ටීචර් කෙනෙක් වෙන්නයි. හැබැයි මම පොඩි කාලේ පවුලේ ඉදිරිපත්වීම අතින් අංක එක. නත්තලට අපේ ගෙදරට නෑදෑයෝ ආවම මම තමයි නටන්නේ. මගේ ආසම සින්දුව තමයි සුදු සඳ එළියේ කියන ගීතය. අපේ පරණ ගෙදර දොරට කර්ටන් එකක් දාලයි තිබුණේ. අපේ අයියා ඒ කර්ටන් එක අරිද්දී මම හරි ලස්සනට අත් දෙක එකතු කරගෙන වැඳගෙන ආචාර කළා. සින්දුව කිය කියා නටනවා. අයියා කිරි ටින් ළංකරගෙන ඩොල්කි ගහනවා. අක්කා හැඳි දෙකකින් තාලේ දානවා. ඒ ඉස්සර රේඩියෝ එකේ වැඩිපුරම යන්නේ හින්දි සින්දුයි. ඉතින් මම ඒ සින්දුවලට තනියම රඟපෑවා.

එතකොට ඔබ කොහොමද වේදිකාවට සම්බන්ධ වුණේ? හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යයේ දඩයක්කාරයා වුණ ශිල්පියා අපේ අම්මා ටිකක් හඳුනනවා. ඔහු මාර්ගයෙන් මම තීලිජස්ගේ නාට්‍යයකට සම්බන්ධ වුණා. නිළියෙක් ආපු නැති වුණාම මම ඒ චරිතය රඟපෑවා. ඒ කාලේ හෙන්රි ජයසේන වේදිකා නාට්‍යකටම නළු නිළියක් හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ මම පළවෙනි නාට්‍යය හැටියට ජනරංජන මනරංජන කියන නාට්‍යයෙන් වේදිකා ගත වුණා. ඊට පස්සේ නාට්‍ය කිහිපයකටම අවස්ථාව ලැබුණා. ගුවන් විදුලියේ රුකියාව ලැබුණා. අහස් මාලිගා නාට්‍යය වෙනුවෙන් මට සම්මානයක් පවා ලැබුණා. ඒ පටන් ගත්තු පටන් ගැන්ම තමයි මේ.

ඔබ ප්‍රවීණ හඬකැවීම් ශිල්පිනියක්? ගුවන් විදුලියේ ශිල්පිනියක් හැටියට ඉඳිද්දී විත්‍රපටවලටත් හඬ කැවීම් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ පුරුද්දත් එක්ක අසූ ගණන්වල රූපවාහිනිය ඒමත් සමඟ ටයි මහත්තයාව බොහෝම ළඟින් හඳුනාගන්න ලැබුණා. ඒ හැඳුනුම්කම් මත හැම නිර්මාණයකටම වගේ මට කතා කළා. ඒ අතරින් ඔෂීන්ගේ හඬ කැවීම් කරන්න ලැබීමත් මගේ භාග්‍යයක්. ඒ වගේම සුසුරන්, හයිඩි, මල්ගුඩි දවස වගේ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා.

රූපවාහිනියේ මුලින්ම මට සම්බන්ධ වෙන්න ලැබුණේ කළුවරේ ජරමරේ කියන නාට්‍යයෙයි. ඒක පළමු වතාවට පරාක්‍රම නිරිඇල්ල රූපවාහිනියට කොටස් හතරකට රූපවාහිනී මාධ්‍යයකට විදිහට කෙරුවා. ඊට පස්සේ රන් කහවනු, වැටත් නියරත් වගේ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා.

ජීවිතේ බොහෝ අමතක නොවන මතකයන් එක්ක ජීවිතේ ගෙවද්දී දයා තෙන්නකෝන් කියන ප්‍රවීණ රංගන ශිල්පියාත් ඔබේ ජීවිතයට සමීප වෙනවා? මුලදී මම විවාහ වෙලා හිටියේ ආරියවිමල් සමඟයි. ඔහුව මට මුලින්ම හමු වුණෙත් නාට්‍යවලදීයි. ජීවිතේ හිතපු නැති මොහොතක ආරියවිමල් මියගියා. කවදාවත් එහෙම වෙයි කියලා හිතුවේ නෑ. ඒත් වුණා. ඒකයි ජීවිතේ කියන්නේ. ආරියවිමල් නැති වෙලා අවුරුදු ගණනාවක්ම මම තනියම ජීවත් වුණා. කාලයක් ගෙවෙද්දී දයා තෙන්නකෝන් මගේ ජීවිතේට සමීප වුණා. මේ මාසයට මායි දයායි විවාහ වෙලා අවුරුදු විසි පහක් වෙනවා. කාලයක් අපි හැම දුකක්ම බෙදා ගත්තු හොඳ යාළුවෝ වුණා. ජීවිතේ කියන දේ වෙනස් වෙන්නේ අපි නොහිතන මොහොතකයි.

ඔබ ලැබුණු හැම නිර්මාණයක්ම බාර ගත්තේ නැහැ නේද? නෑ.... ඇත්තටම නැහැ. තට්ටු ගෙවල් කරද්දී ටිකක් කාර්යබහුල වුණා. හැබැයි කතා කරන හැම දේටම මම ගිහින් නෑ. යන්නෙත් නෑ. ඇත්තටම මම වැඩියෙන්ම කැමති ගෙදරට වෙලා ඉන්නයි. මේ පැලයක් අතගගා ඒවාට සාත්තු කරගනෙ, ගෙදර වැඩක් කරගෙන අපිට ආස දෙයක් හදාගෙන කාගෙන ඉන්න එක තමයි වැඩියෙන්ම සතුට. අපි දෙන්නා හරිම සරල ජීවිතයක් ගත කරනවා.

මොනවද තියෙන බලාපොරොත්තු? ලොකු බලාපොරොත්තු නැහැ. ඒත් මම තිර රචනා කරපු චිත්‍රපටයක් අපි රූගත කිරීම් කරලා අවසන් කළා. ඒකේ මමත්, ජගත් චමිල ඇතුළු තවත් රංගන ශිල්පීන්, ශිල්පිනියන් රඟපෑවා. තාම ඒකේ වැඩ ඉවර නැහැ. ඉතින් ලොකුම බලාපොරොත්තුව තමයි ඒ චිත්‍රපටය. බලමු.... ඊට අමතරව එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. දයා එක්ක ගෙවන මේ ජීවිතේ හරි සැහැල්ලුයි.

► Text - Dishani /  Pic – Sumudu

2018-03-04

Loading...
Gossip C lanka Article
Loading...
WEEKEND ARTICLES

ශිවන්‍යා බොලිවුඩ් සිනමාවට පිවිසෙයි

ප්‍රේම දඩයම හින්දි ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත ශිවන්‍යා එහෙම නැත්නම් Mouni Roy ඔන්න බොලිවුඩ් සිනමාවට පිවිසිලා තියනවා කියල තමයි අලුත්ම

ඩිල්ෂාන් එහෙම කෙනෙක් නෙමෙයිලූ

අද කතාබහ ඩිල්ෂාන් මුණවීරගේ ආදරණීය බිරිඳ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිණී සංජී මුණවීර සමග.

මම ජන­ප්‍රිය වෙන්නෙ නිකම් ඉඳලා නොවෙයි : ශෂිකා නිසංසලා

නොකඩවා වසර හතරක් ජනප්‍රියම ගායිකාව ඇයයිඅලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කර අවසන්සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට හතු පිපෙන්නාක් මෙන් විවිධ මාදිලියේ

මම පෙම්වතියක්. හැබැයි ඔහු කවුද කියලා දැන්ම කියන්න කැමැති නෑ. සඳනි ප්‍රනාන්දු - Photos

සඳනි පනාන්දු කියන චරිතය පසුගිය දිනවල කතාබහට ලක්වුණු ජනප්‍රිය තරුවක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා පුංචි තිරයට ආ සඳනි ඇයගේ කලා දිවියේ අලුත්ම රසමුසු තැන්

ජැකලීන් ෆර්නැන්ඩස් ලංකාවේදී ප්‍රථම චිත්‍රපටයේදීම නිර්වස්ත්‍ර වෙයි.

කලක් තහනමට ලක්වී තිබුණු බොලිවුඩයේ තරුවක් වන ජැකලීන් ෆර්නැන්ඩස්ගේ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන According To Matthew තහනම ඉවත්වී නොවැම්බර් මාසයේදී තිරගත වීමට නියමිතයි. ප්‍රවීන චිත්‍රපට

මම දන්නෙත් නෑ මාව ලක්ෂ හතරකට විකුණලා – ශෂි

මුහුණු‍පොත හින්දා මමත් අසීරුතාවට පත් වූ අවස්ථා බොහෝමයක් තියෙනවා. හැබැයි මුහුණු‍පොතෙන් සෘජුවම Massanger හරහා එවන පණිවුඩ නිසා හෝ Comment දාන අය හින්දා අසීරුතාවට පත්වූ අවස්ථා අඩුයි. බැරි වෙලාවත්

කයිලි බිලියනපතිනියන් අතර මුල් තැනට

පොප් ගායිකා කයිලි ජෙනිෆර් ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය ලෙස පසුගියදා ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. කයිලි වෘත්තියෙන් රූපලාවණ්‍ය ව්‍යපාරිකාවක්

මොඩ්ලින් කියන්නේ නිරුවත් ඡායාරූපවලට සම්බන්ධ වීම නෙවෙයි {Photo}

නවක නිරූපණ ශිල්පිනියක් වන ප්‍රභූ ධර්මසිරිව මෙවර  කතාබහට එකතු කරගන්න හිතුනා. ඇය නිරූපණ ක්ෂේත්‍රයට පැමිණ කෙටිකලක් වූ වත් සහභාගී වූ පලමු පැජන්ට් එකෙන් ඇය ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වී තිබුණා. නිරූපණ

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?

මැණික් නම වගේම හරි ගණන්ලු නේද ?
මැණික් කොහොමටත් වටිනවානෙ. ඒ නිසා ගණන් තමයි. අනෙක මැණික් කියන්නෙ අගනා දෙයක්නෙ.

දීපිකාගේ ගණන් ඉහළට....

වර්තමානයේ බොලිවුඩයේ අංක එකේ නිළිය බවට පත්ව සිටින දිපීකා පදුකෝනි චිත්‍රපටයක් සඳහා අය කරන සිය මුදල ඉහළ දමා ඇති බවට තොරතුරු ලැබේ. දිපීකා පදුකෝනි මේ වනවිට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් එක්වීමට ඉන්දිය රුපියල්

ටෙලි නිලිය ඇතුළු 17 ක් රිමාන්ඩ්

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහදුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත්පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තවත් 17 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

පසුගිය දින පොලිස් මෙහෙයුමකදී මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියට ගම්පොළ මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක

බ්‍රිතාන්‍යයේ දීප්තිමත්ම දරුවා ලෙස සම්මාන ලැබූ ශ්‍රී ලාංකික දැරිය

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට පසුගිය සති අන්තයේ දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් සමත් වූවාය.චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන 'Child Genius' වැඩසටහනේදී

මෙවර දෙරණ Dream Star කිරුළ තනුර මධුගීත්ට

මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් එයිට් ජයග්‍රාහකයා බවට තනුර මධුගීත්  පත්ව ඇත. තරගයේ දෙවන ස්ථානය රවීන් තාරුක විසින් ද තුන්වන ස්ථානය ක්‍රිෂාදි රණතුංග

අවුරුදු දහතුනක් කට්ට කාලා නොලැබුණු ජීවිතය දිනාගත්ත හිරු ස්ටාර් මංගල ඩෙනෙක්ස්

හිරු ස්ටාර් කිරුළේ හිමිකාරයා ඔබ. ඒ ගැන ලොකු සතුටකින් ඇත්තේ...? මටත් වඩා ප්‍රේක්ෂක ජනතාව ඒ ගැන සතුටු වෙනවා. එයාලගේ සතුට මට ගොඩක් වටිනවා. ලොකු

‘සහර ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමට සංදර්ශණයකදී පහර දෙයි.. බරපතල තුවාල ලත් වාදකයෙක් රෝහලේ..

මෙරට ප‍්‍රසිද්ද සංගීත කණ්ඩායමක් වන ‘සහරා ෆ්ලෑෂ්’ කණ්ඩායමට එල්ලවූ ප‍්‍රහාරයක් හේතුවෙන් හිසට බරපතල තුවාල ලත් කීබෝඩ් වාදන ශිල්පියා රෝහල්ගත කර ඇත.

මෙයාට ඉස්සර කැමති නෑ - මෙයාගෙ අරමුණ ගුරුවරියක් වන්න

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි.

මට වයස අවුරුදු 22යි - නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩකටයුතු කරනවා.

නවක නිරූපණ ශිල්පිනියක් වන සංජානා ඔනාලි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කුඩා කාලයක් වූවත් ඇය නිර්මාණ රැසකට දායකත්වය ලබා දී තිබෙනවා.

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ පුත් යුග දිවියට

මියුරු හඩින් සංගීත ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ ගායන ශිල්පියෙක් තමයි ප්‍රියා සූරියසේන කියන්නේ. ප්‍රියා සූරියසේනගේ පුත් ලක්ෂිත සූරියසේන පසුගියදා පා තබා තිබුණා.

නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.

විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ

SRI LANKA TV NEWS
Sinhala Teledrama
Political Program
Gossip C Lanka Status
Advertisements